මහජන ආරක්ෂක ඇමති පල්ලන්සේන බන්ධනාගාරයට – රැඳවියන්ගේ වාට්ටු තුළට ගොස් රැඳවියන් සමඟ සාකච්ඡාවල (වීඩියෝ)

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල අද (15) පෙරවරුවේ මීගමුව,දළුපොත, පල්ලන්සේන බන්ධනාගාරය වෙත පැමිණියා.

බන්ධනාගාරය වෙත පැමිණි අමාත්‍යවරයා ඒ තුළ රඳවා සිටින රැඳවියන් සමඟ ඔවුන්ගේ ගැටළු පිළිබඳව සෘජුව සාකච්ඡා කර තිබෙනවා.

අමාත්‍යවරයා රැඳවියන්ගේ වාට්ටු තුළට ගොස් ඔවුනේ අඩුපාඩු සහ ගැටළු පිළිබඳව සොයා ලබා ඇති බවයි වාර්තා වුණේ .

රස පරීක්ෂක වාර්තා කඩිනම් කර ඔවුන්ව අධිකරණ ඉදිරිපත් කර ලෙස එහිදී එම රැඳවියන්ගේ ප්‍රධානතම ඉල්ලීම බවට පත් වූ බවයි අමාත්‍යවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ.

ඒ, අනුව ප්‍රමාද වී ඇති රස පරීක්ෂක වාර්තා 9,000ක් මේ මාසය තුළ දී අවසන් කර අධිකරණයන් වෙත ලබාදීමට කටයුතු කරන බවත් ඔහු මෙහිදී වැඩිදුරටත් පවසා සිටියා.

මේ අතර අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර ඉදිරි දින කිහිපය තුළ දිවයින පුරා ඇති බන්ධනාගාර වෙත ගොස් ඒවායේ ඇති ගැටළු පිළිබඳව සොයාබැලීමට කටයුතු කරන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මෙහිදී පැවසුවා.

“අද දින පල්ලන්සේන බන්ධනාගාර පැමිණියේ විශේෂයෙන් බන්ධනාගාර කමිටුවක් පිහිටුවන්නයි. මීට දින කිහිපයකට කලින් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් , අධිකරණ ඇමතිවරයා සහ මං ඇතුළු පිරිසක් සාකච්ඡාවක් පැවැත්වුවා. එහිදී අපි සාකච්ඡා කලේ ලංකාවේ බන්ධනාගාර තිස් තුනේම රැඳවියන්⁣ගේ ජීවිත ආරක්ෂා කරන්නේ කොහොමද කියලා. එකට අපි අද කමිටුවක් හදනවා හදිසි අවස්ථාවකදී ක්‍රියාත්මක වෙන්න පුළුවන් කමිටුක් හදන එක. මෙහි ප්‍රධාන අරමුණ සිරකරුවන්ගේ ජීවිත සුරක්ෂිත කරන එක. බන්ධනාගාර තුළ අධික තදබදය වැඩියි. අපි ඒක පිළිගන්නවා.ඒ සම්බන්ධයෙන් අධිකරණ ඇමතිවරයා සැලසුමක් හදලා තියනවා. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මේ මාසය තුළ රස පරීක්ෂක වාර්තා 9000 ලබාගෙන ඒවා අධිකරණ වෙත ලබා දෙන්න සියලු කටයුතු හදලා තියනවා. එය ප්‍රමාණවත් නොවන නිසා තමයි අපි සෘජුවම මේ අය රඳවලා තියන වාට්ටු වලට ගියේ සාකච්ඡා කරන්න. අපි අද පල්ලන්සේන බන්ධනාගාරය තුළ ඉන්න අය එක්ක කතා කරා. ඒ අයගේ ගැටලු අපි කතා කරා. ආහාර, සනීපාරක්ෂාව ගැන අපි හොයලා බැලුවා. එයාලා ඉල්ලන්නේ රස පරීක්ෂක වාර්තා කඩිනම් කරන්න කියලා. අපි ඉදිරි දින වලදිත් යනවා බන්ධනාගාර නිරීක්ෂනය කරන්න. පුළුවන් තරම් ඉක්මනින් මේ අය අධිකරණ ඉදිරිපත් කරලා සමාජයේ පුරවැසියන් කරන්න බලාපොරොත්තු වෙනවා. නිලධාරීන්ගේ ගැටලු ගැනත් අපි සාකච්ඡා කරනවා. බන්ධනාගාර රෝහල ගැනත් අපි සොයලා බැලුවා. රැඳවියන් සමග හොඳ සබඳතාවක් ගොඩ නැගුනා. රැදවියන් පැසසුවා අධිකරණ ඇමතිවරයාගේ වැඩ පිළිවෙල ගැන. එළියේ විවධ අය කියන අය කතා ගැනත් අපි විමර්ශනය කරනවා. රැඳවියන්ගේ පවුල්වල අයත් පීඩාවට පත්නොවන ආකාරය අපි වැඩ කරනවා. ආයේ ගැටලු ඇති වෙන්නැ බන්ධනාගාර තුළ අපි ඒ හැමදේම හරිගස්සලා තියෙන්නේ දැන්”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20