මසුන් අල්ලමින් සිටි ධීවරයෙක් දීයේ ගිලීමෙන් ජීවිතක්ෂයට

රිදීමාලියද්ද, කුරුවිතැන්න, ලෝග්ගල්ලාඔය ජලාශයේ මසුන් අල්ලමින් සිටි ධීවරයෙක් දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මසුන් අල්ලමින් සිටියදී ඔරුවෙන් ජලාශයට ඇද වැටී ඇති බවට වාර්තා වනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කුරුවිතැන්න, අබේකදුර ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි දෙදෙරු පියෙක්.

මෙම පුද්ගලයා මසුන් ඇල්ලිමට ඊයේ (24) රාත්‍රීයේ දමා තිබූ දැල් ගොඩ ගැනීමට අද (25) උදැසන 05ට පමණ නිවසින් පිටව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

පසුව යළි නිවසට නොපැමිණි නිසා පොලිසියට සිදුකළ පැමිණිල්ලකින් පසු සොයා බැලීමේදී ඔහුගේ නිසල සිරුර හමුවූ බව පොලිසිය සඳහන් කළා.