spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මසුන් අල්ලන්න වැවට ගිය තුන්දෙනෙක් අකුණකට බිලි

අකුණු සැර වැදීමෙන් අනුරාධපුර සිප්පුකුලම ප්‍රදේශයේදී පුද්ගලයන් 3 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

තම්මැන්නෑව වැවේ මසුන් අල්ලමින් සිටි පිරිසක් අතරින් තුන්දෙනෙකු අද පස්වරුවේ මෙම අනතුරට ලක්ව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

7 දෙනෙකුගෙන් පමණ යුතු පිරිසක් අද පස්වරුවේ තම්මැන්නෑව වැවේ මසුන් අල්ලමින් සිට තිබෙනවා.

ඒ අතරින් අවුරුදු 44 සහ 46 පමණ වයස්වල තුන්දෙනෙකුයි අකුණු සැර වැදීමෙන් මෙලෙස මියගොස් ඇත්තේ.

ඔවුන්ගේ සිරුරු තම්මැන්නාව රෝහලේ තැන්පත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
12
+1
2
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?