මසකට අධික කාලයක් පැවති නිරෝධායන ඇඳිරිනීතිය අද සිට ඉවතට

දිවයින පුරා ක්‍රියාත්මක වූ නිරෝධායන ඇඳිරිනීතිය ඉවත් කර තිබේ.

දින 41ක කාලයක් පැවති නිරෝධායන ඇඳිනීතිය අද (01) අලුයම 04.00 සිට ඉවත් කෙරුණි.

රට තුළ පැවැති කොවිඩ් -19  වසංගත ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා අගෝස්තු මස 20 වනදා රාත්‍රි 10.00 සිට දිවයිනම ආවරණය වන පරිදි නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කළේය.

ආසාදිතයින් සහ මරණ වාර්තාවීම සැලකිය යුතු මට්ටමකින් අඩුවීම හේතුවෙන් යළි අද සිට රට විවෘත කිරීමට තීරණය කර ඇති බව සඳහන්ය.

මේ අතර නිරෝධායන ඇඳිරිනීතිය ඉවත් කිරිමෙන් පසු අනුගමනය කළ යුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඊයේ (30) නිකුත් කර තිබුණි.

නිරෝධායන ඇඳිරිනීතිය ඉවත් වුවද පළාත් අතර සංචරණ සීමා තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක වේ.

ඒ අනුව අත්‍යවශ්‍ය නොවන සියලුම ගමන් සඳහා දිනපතා රාත්‍රී 10.00 සිට අලුයම 04.00 දක්වා අවසර හිමි නොවන අතර මහජන රැස්වීම් පැවැත්වීම තවදුරටත් තහනම් කර තිබේ.

පොදු ප්‍රවාහනයේ දී ආසන ධාරිතාවට පමණක් මගීන් රැගෙන යා යුතු අතර පොදු ප්‍රවාහන කටයුතු සඳහා වායු සමනය කළ රථ වාහන භාවිත නොකළ යුතු බව අදාළ මාර්ගෝපාදේශ මාලාවේ සඳහන් වේ.

ආයතනවලට කැඳවන සේවකයින් ගණන සීමා කළ යුතු අතර හැකි සෑම විටම නිවසේ සිට වැඩ කිරීමට දිරිමත් කළ යුතු බව මාර්ගෝපදේශ මාලාවේ දැක්වේ.

ඒ අනුව රැකියා, සෞඛ්‍ය, අත්‍යාවශ අවශ්‍යය භාණ්ඩ හා සේවා මිලදී ගැනීමට පමණක් නිවසින් පිටවයාමට අවසර හිමි වේ.

නිවෙස්වල පැවැත්වෙන සුළු සාද ඇතුළු ගෘහස්ථ, එළිමහන් උත්සව හා එක්රැස්වීම් සඳහා අවසර හිමි වන්නේ නැහැ.

ලබන 15 වනදා දක්වා විවාහ මංගල උත්සව ලියාපදිංචිය පුද්ගලයින් 10 දෙනෙකුගේ සහභාගිත්වයෙන් සිදුකළ හැකි අතර 16 වනදාට පසුව විවාහ මංගල උත්සව පැවැත්වීමට අවසර ලබාදී තිබේ.

ඒ අනුව උත්සව ශාලාවේ ඇතුළත් කර ගත හැකි පුද්ගලයින් ගණනින් සියයට 25ක් පිරෙන ආකාරයට, උපරිමය පුද්ගලයින් 50කට සීමා  වන පරිදි එම උත්සව පැවැත්විය හැකි නමුත් මත්පැන් භාවිතයට අවසර හිමි නොවන බවයි මාර්ගෝපදේශ මාලාවේ දැක්වෙන්නේ.

කොවිඩ් ආසාදිත නොවන පුද්ගලයෙකු අවමංගල අවස්ථාවකදී දේහය මුදාහැර පැය 24ක් තුළ අවසන් කටයුතු සිදුකළ යුතු අතර ඕනෑම වේලාවක සිටිය හැක්කේ පුද්ගලයින් 10 දෙනෙකු පමණක් බව මාර්ගෝපදේශ මාලාවේ සඳහන් වේ.

පළමු වනදා සිට 15 වනදා දක්වා අවන්හල් තුළ ආහාර පරිභෝජනයට අවසර හිමි නොවන අතර 16 වනදා සිට සියයට 30ක් පිරෙන ආකාරයට ගනුදෙනුකරුවන් ඇතුළත් කර ගැනිමේ හැකියාව පවතී.

සාප්පු, සිල්ලර වෙළෙඳසැල්, සුපිරි වෙළෙඳසැල් ඇතුළු වෙළෙඳසැල් සඳහා පවතින ඉඩ ප්‍රමාණයෙන් සියයට 10ක් පිරෙන සේ ගනුදෙනුකරුවන් ඇතුළුකර ගත හැකි අතර ඔක්තෝබර් 16 වනදායි පසු එම ප්‍රමාණය සියයට 20ක් දක්වා ඉහළ නැංවේ.

බාබර් සහ රූපලාවන්‍යාගාර විවෘත කිරීමේ හැකියාව පවතින අතර වේලාවක් වෙන්කර ගැනිමෙන් පසු ඒ සඳහා පැමිණිය යුතු බව මාර්ගෝපදේශ මාලාවේ සඳහන්ය.

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් තීරණය කරන පරිදි 200 අඩු ළමුන් සහිත පාසල් පළමුව  විවෘත කිරිමට නියමිත අතර පෙර පාසල් ළමුන් ගණනින් සියයට 50ක ධාරිතාවයෙන් ක්‍රියාත්මක විය හැකිය.

විශ්වවිද්‍යාල ඇතුළු උසස් අධ්‍යාපන ආයතන ද ලබාදී ඇති මාර්ගෝපදේශයන්ට අනුකූලව ආරම්භ කළ හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

සිනමා ශාලා, ප්‍රදර්ශන හා සම්මේලන, උපකාරක පංති යනාදීය සඳහා තවදුරටත් අවසර හිමි නොවේ.

පන්සල්, පල්ලි, කෝවිල් වැනි පූජනීය ස්ථානවල සාමූහික ක්‍රියාකාරකම් හෝ රැස්වීම් පැවැත්වීමට අවසර හිමි නොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

රැස්වීම් වැඩමුළු හා සම්මන්ත්‍රණ පවතින ඉඩ ප්‍රමාණයෙන් සියයට 25ක් පිරෙන ආකාරයට, උපරිම පුද්ගලයින් 25කගේ සහභාගිත්වයෙන් සිදුකළ හැකි අතර ලබන 16 වනදායි පසු එම සංඛ්‍යාව උපරිමය පුද්ගලයින් 50 දක්වා ඉහළ නැංවීමේ හැකියාව පවතින බව සඳහන්ය.

මේ අතර රට විවෘත කිරීමෙන් පසු වාර්තා වන ආසාදිතයින් සහ කොවිඩ් මරණ සැලකිල්ලට ගනිමින් තවදුරටත් සීමාවන් පැනවීමට හෝ නව සීමාවන් පැනවීමට කටයුතු කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල්ගේ ආරක්ෂයාට පහරදීපු සිද්ධියට පිටිපස්සේ ඉන්නේ ආණ්ඩුව ද..?
10:49
Video thumbnail
ලෝක ළමා දිනයේ ඇමති වසන්ත දරුවන් වෙනුවෙන් කිව්ව දේ..
11:45
Video thumbnail
රනිල්ට එල්ල කරපු ප්‍රහාරය ද ආරක්ෂකයාට වැදුණේ
10:42
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයාට එල්ල වූ ප්‍රහාරය ගැන ස්වාධීන පරීක්ෂණයක් කරන්න ඕනේ
03:58
Video thumbnail
පිටිසර පාසලක දරුවන් අත්විඳින දුෂ්කරතා ගැන නෙතට කඳුලක් ගෙනෙන කතාවක්
08:43
Video thumbnail
මේ රටේ මිනිස්සු මෝඩයෝ කියලද ආණ්ඩුව හිතාගෙන ඉන්නේ
08:33
Video thumbnail
රජයෙන් අපිට කිසිම සහනයක් නෑ, රජයෙන් කිසිම වැඩක් නෑ
05:30
Video thumbnail
අපි ජනාධිපතිතුමාව විශ්වාස කරනවා - ජනාධිපතිතුමා කිව්වා වගේම සහනාධාරයක් දෙයි
03:57
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක - මම මේකට ඇක්ෂන් එකක් ගන්නවාමයි
04:25
Video thumbnail
වැල්ලවායේ වෙළඳසැලක හටගත් විශාල ගින්න
01:57