මව සොයාගෙන ගොස් සැඩ පහරකට හසුවූ අයියා සහ නංගී හමුවෙයි

හාලිඇල බෝගොඩ පිහිල්ලේ දිය කඳුරෙන් එගොඩවීමට යාමේදී සැඩ පහරකට හසුව ගසාගෙන ගොස් අතුරුදහන්ව සිටි එකම පවුලේ දරුවන් දෙදෙනාගේ සිරුරු උමා ඔයේ තිබියදී හමුවී තිබෙනවා.

බෝගොඩ කොකටියමලුව ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 7ක දැරිය සහ 10ක පිරිමි දරුවා සැඩ පහරට හසුවී තිබුණේ ඊයේ පස්වරුවේ යි.

ධාරානිපාත වර්ෂාවක් පැවති ඊයේ සවස මොවුන් දෙදෙනා කඳුරෙන් අනෙක් පස නිවසක සිටි මව සොයාගෙන යාමේදී ජලයේ ගසාගෙන ගොස් අතරුදන්ව තිබුණා.

පැවති දැඩි වර්ෂාපතනය හමුවේ දිය කඳුරේ ජලය වැඩි වීම හේතුවෙන් කුලී රැකියාවක් සඳහා ගොස් සිටි එම මවට නිවසට පැමිණීමට නොහැකි වීම හේතුවෙනුයි අසල්වැසි නිවසක රැඳී සිට ඇත්තේ.

ප්‍රදේශවාසින් සහ පොලිසිය අනතුර සිදුවු ස්ථානයේ සිට මීටර් 800කට පහළින් ගැහැණු දරුවාගේ සිරුර සොයා ගනු ලැබුවා.

අද උදෑසන උමා ඔය දිගේ පහළට සොයා බැලීමේ දී මීටර් 1500ක පමණ පහළ ප්‍රදේශයේ ගසක් මත රැඳී තිබූ පිරිමි දරුවාගේ සිරුර සොයා ගැනුණා.

මෙම දරුවන් දෙදෙනාගේ පියා කොළඹ ප්‍රදේශයේ රැකියාවක නිරතව සිටින අතර මව සමග දරුවන් දෙදෙනා නිවසේ ජීවත්ව සිටි බව සඳහන්.

මව සොයා යද්දී දිය කඳුරෙන් එගොඩවීමට ගිය අවස්ථාවේ එක්වරම ගලා ආ සැඩ දිය පහරකට හසුව දරුවන් දෙදෙනා ගසාගෙන ගොස් ඇති අතර ගම්වාසීන් කළ සොයා බැලීමේදී අනතුර සිදු වූ ස්ථානයේ සිටි මීටර් 100ක පමණ දුරකින් රැඳී තිබූ කුඩයක්, සරමක්, සෙරෙප්පු යුගළ මුලින්ම හමු වී තිබුණා.

මෙම දරුවන් දෙදෙනා බෝගොඩ මහ විදුහලේ 5 වසරේ සහ 2 වසරේ ඉගෙනුම ලබමින් සිටියා.

ජලයේ ගසාගෙන ගොස් අතුරුදන්ව සිටි දරුවන් දෙදෙනාගේ සිරුරු සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු බදුල්ල මහ රෝහලේදී පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04