මව සහ දියණියන් දෙදෙනා දියේ ගිලී එක දැරියක් ජීවිතක්ෂයට

ඇල්පිටිය, ඇබිත්තන්ගොඩ ඇලේ දිය නෑමට ගිය දැරියක් දියේ ගිලීමෙන් ඊයේ (03) පස්වරුවේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ කැටපල, ගනේගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 14ක දැරියක්.

මෙම දැරිය මව සහ සහෝදරිය සමඟ අදාළ ස්ථානයේ දිය නෑමට ගොස් ඇති බවයි වාර්තා වුණේ.

දැරියගේ මව සහ සහෝදරිය ද දියේ ගිලී ඇති අතර, ඔවුන් දෙදෙනා ද අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල් ගතකර තිබෙනවා.

ඔවුන් දෙදෙනා මේ වනවිට ඇල්පිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි පොලිසිය සඳහන් කළේ.

දියේ ගිලීමෙන් මියගිය දැරියගේ මෘත දේහය ඇල්පිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත්කර ඇති බවයි වාර්තා වුණේ.