මව රැගෙන ආ මාළු කෑ දියණිය ජීවිතක්ෂයට

මාළු වර්ගයක් ආහාරයට ගෙන මඩකලපුව ප්‍රදේශයේ තරුණියක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසනවා.

අදාළ මාළු වර්ගය ආහාරයට ගත් අදාළ තරුණියගේ මව ද බරපතළ තත්ත්වයෙන් මේ වනවිට රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සඳහන් කළා.

මෙලෙස මියගොස් ඇති තරුණිය 27 හැවිරිදි වියේ පසුවන්නියක් බවයි වාර්තා වුණේ.

කලවන්චිකුඩි පොලිස් වසමේ කළුදාවලි වෙරළ තීරයේ ධීවරයින් පිරිසක් විසින් ඊයේ (08) එලූ මාදැලකට හසු වූ මාළු වර්ගයක් පැත්තකට දමා ඉවත්කර තිබිය දී මියගිය තරුණියගේ මව එය රැගෙන යෑමට විමසා තිබෙනවා.

එම අවස්ථාවේ දී එහි සිටි ධීවරයින් විසින් පවසා ඇත්තේ අදාළ මාළු වර්ගය විෂ සහිත බැවින් ආහාරයට නොගන්නා බවයි.

එලෙස ආහාරය නොහැනීම හේතුවෙන් එම මාළු වර්ගය එලෙස පසෙකට දමා ඉවත්කර ඇති බවයි ඔවුන් වැඩිදුරටත් පවසා ඇත්තේ.

කෙසේ වෙතත් අදාළ කාන්තාව සතෙකුට ලබාදෙන බව පවසමින් එම මාළු වර්ගය නිවසට රැගෙන ගොස් පිළියෙළ කර සිය දියණිය සමඟ ආහාරයට ගෙන ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

ඉන් අනතුරුව ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් අදාළ කාන්තාව සහ දියණිය මඩකලපුව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව දියණිය ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ මියගිය තරුණියගේ පශ්චාත් මරණ පරීක්ෂණය මේ දක්වා සිදුකර නොමැති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39