මව – පුත්‍රයා මැරූ විත්තිකරුට දුන් මරණීය දණ්ඩනය අභියාචනාධිකරණය තහවුරු කරයි

මීට වසර 16කට පෙර කොළඹ, බණ්ඩාරනායකපුර ප්‍රදේශයේදී මවක් සහ පුත්‍රයෙකු වෙඩි තබා ද්විත්ව ඝාතනයක් සිදු කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් වරදකරු කෙරුණු එම්. ඒ. සම්පත් චමින්ද නමැති විත්තිකරුට කොළඹ මහාධිකරණය මගින් පනවා තිබූ මරණීය දණ්ඩනය අභියාචනාධිකරණය විසින් ඊයේ (27) දින තහවුරු කළා.

එම දඬුවමින් තමන්ව නිදොස්කොට නිදහස් කරන ලෙස ඉල්ලා අදාළ විත්තිකරු විසින් ඉදිරිපත් කළ ඇපෑලක් විභාග කිරීමෙන් අනතුරුව අභියාචනාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මියගේ එකඟත්වය සහිතව විනිසුරු විකුම් කළුආරච්චි මහතා විසින් මෙම තීන්දුව ලබා දුන්නා.

2008 වසරේ ඔක්තෝම්බර් මස 13 වනදා කොළඹ බණ්ඩාරනායකපුර ප්‍රදේශයේදී පිහිටි සිය නිවස තුළ සිටි මවක් වූ මායාදුන්නගේ චන්ද්‍රලතා සහ ඇයගේ පුත්‍රයා වන දිනේෂ් ප්‍රසන්න වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් මෙම විත්තිකරුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබුණා.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව එම චෝදනාවට විත්තිකරු වරදකරු කළ මහාධිකරණ විනිසුරුවරයා ඔහුට මරණීය දණ්ඩනය නියම කළා. ඉන් අනතුරුව තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා අදාළ විත්තිකරු විසින් අභියාචනාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කර සිටියා.

එම ඇපෑල තුළින් විත්තිකරු අභියාචනාධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබුණේ මහාධිකරණයේ දී තමන්ට සාධාරණ නඩු විභාගයක් නොලැබුණු බවයි.

තමන්ට වාසිදායක ආකාරයෙන් ඉදිරිපත් වූ සාක්ෂි සැලකිල්ලට භාජනය කිරීමට මහාධිකරණ විනිසුරුවරයා කටයුතු නොකළ බවත් තමන් විසින් ඉදිරිපත් කළ විත්තිවාචකයද මහාධිකරණ විනිසුරුවරයා විසින් සිය තීන්දුව ප්‍රකාශ කිරීමට පෙර සැලකිල්ලට භාජනය නොකළ බවත් විත්තිකරු එම ඇපෑල තුළින් චෝදනා කර තිබුණා.

එම ඇපෑල පිළිබඳ පූර්ණ විභාගයක් පැවැත්වූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල සඳහන් කළේ විත්තිකරු වරදකරු කිරීමේදී මහාධිකරණ විනිසුරුවරයා නිවැරදි ආකාරයෙන් කටයුතු කර ඇති බවයි. මහාධිකරණයේ පැවති නඩු විභාගයේ දී විත්තිකරු විසින් විත්තිකූඩුවේ සිට සිදු කළ ප්‍රකාශය තුළින් පවා සාධාරණ සැකයක් මතු කිරීමට ඔහු අසමත් වී ඇතැයිද නඩු තීන්දුවේ සඳහන් කර තිබෙනවා.

විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබූ චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී තිබෙන බවත් ඒ අනුව මහාධිකරණ විනිසුරුවරයා විසින් නිකුත් කර තිබෙන තීන්දුව තහවුරු කරන බවත් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලසිය තීන්දුවේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වෙළෙඳසැලකට කඩා පැන ලක්ෂ ගාණකට ෂොට් එක දුන් සොරා
01:48
Video thumbnail
කංජිපානිගේ සහ පලනි රිමෝෂන්ගේ ගෝලයෝ දෙන්නෙක් කොටුවෙයි
01:48
Video thumbnail
කොල්ලූපිටියේ නිවාස සංකීර්ණයක් රත් කළ වෙ#ල්ල
01:07
Video thumbnail
නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට එයි
01:45
Video thumbnail
වෙළෙඳසැලකට කඩා පැන ලක්ෂ ගාණකට ෂොට් එක දුන් සොරා - මොහු දුටු තැන පොලිසියට දැනුම්දෙන්න
01:59
Video thumbnail
ඔයා ඔහොම Selfie ගහන එක වැරදියි නේද ?කවද්ද අපි කෙඳිරිගෑවේ ?කවුද කෙඳිරිගෑවේ ?
02:00
Video thumbnail
නාමල්ව ඇතුළට දැම්මොත් දෙගුණයක් සෙනඟ ගේනවා - නාමල්ව ඇතුළට දානවා කියලා ගමට මැසේජ් යවලා
01:58
Video thumbnail
"අද නාමල්ව ඇරස්ට් කරපු ගමන් රතිඤ්ඤා දාලා බැනර් ගහන්න කියලා"
00:22
Video thumbnail
නාමල් වෙනුවෙන් අල්ලස් කොමිසමට ආ ඉරාජ් - අම්මෝ..ඩෝබිලා හරි ආසයි මේවට..නාමල් විපක්ෂ නායකද ?
02:02
Video thumbnail
"ප්‍රසන්න රණවීර එක්කත් සෙල්ෆි ගන්න පොරකන මිනිස්සු"
00:12