මව, පියා, නැඟණිය සහ මස්සිනා එකතු වී කළ අමානුෂික ඝාතනය

28 හැවිරිදි සිය පුතුට පහර දී ඝාතනය කළ මව පියා ඇතුළු එකම පවුලේ සිව්දෙනෙකු හසලක පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම අවාසනාවන්ත සිද්ධියෙන් මියගිය තරුණයාගේ බිරිඳ සහ සිඟිති දියණියන් දෙදෙනාට මේ වන විට කිසිදු පිහිටක් නොමැති තත්ත්වයක් උදා වී තිබේ.

හසලක 7 ඇළ ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි සුනිල් නිශ්ශංක අවුරුදු 3ක් සහ සති 3ක් වයසැති සිඟිති දියණියන් දෙදෙනෙකුගේ පියෙකි.

සුනිල් සිය දරු පවුල සමඟ ඔහුගේ මව්පියන්ට අයත් නිවසේ පිටුපස කුඩා කාමරයක ජීවත්විය.

ස්ථිර රැකියාවක් නොතිබූ සුනිල් සිය දරු පවුල ජීවත් කරවූයේ කුලී වැඩ කරමිනි.

පවුලේ ආරවුලක් දුරදිග යාමෙන් සුනිල්ගේ පියා සහ සුනිල්ගේ නැගණියගේ සැමියා පසුගිය අඟහරුවාදා රාත්‍රියේ තම ස්වාමියාට පොලුවලින් පහරදුන් බව සුනිල්ගේ බිරිඳ පවසයි.

“බත් බෙදලා විනාඩි 5ක් වත් ගියේ නෑ. උඩහා පැත්තෙන් බුදු අම්මෝ කියලා කෑ ගහනවා. මහත්තයා දුවගෙන යාවා. නංගිගේ මහත්තයා පොල්ලක් අරන් පස්සෙන් පන්නනවා. මම යද්දි මහත්තයා පාර අයිනේ වැටිලා. මම යද්දි නංගිගේ මහත්තයායි තාත්තයි දෙන්නම ගහනවා පොලු දෙකකින්. මම වැන්දා ඒ අයියගේ කකුල් දෙක අල්ලගෙන මගේ මහත්තයාට ගහන්න එපා කියලා. මාව පයින් තල්ලු කරලා කිව්වා මට කරන්න දෙයක් නෑ මගේ ගෙදරට ඇවිල්ලා මට ඉන්න දෙන්නේ නෑ ඒකයි ගහන්නේ කියලා ගැහුවා. බේරන්න බැරිම තැන මම ලොකු බබාව අරන් එතනට ගියා. මෙයා කෑ ගහලා ඇඬුවා සීයේ,“සීය ද අපේ තාත්තට ගහන්නේ“ කියලා. තාත්තා පොල්ල අරගත්තේ මටයි දරුවටයි. නංගි මාව ඇදගෙන ඇවිල්ලා ගෙදර දාලා දොර වැහුවා. උඩහ අක්කා කෙනෙක් ඇවිල්ලා දොර අරිනකොට මගේ මහත්තයාට හොඳටම ගහලා ඉවරයි. මහත්තයා අන්තිමට ඉල්ලුවේ වතුර. “ 

ඇය පොලිස් හදිසි ඇමතුම් ඒකකයට කළ දැනුම් දීමෙන් පසු හසලක පොලීසිය පැමිණ සුනිල් හසලක රෝහලට ඇතුළත් කර තිබුණි.

අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා සුනිල් බදුල්ල මහ රෝහලට ඇතුළත් කළත් ඔහු ජීවිතෙන් සමුගෙන තිබුණි.

සුනිල්ගේ මරණයත් සමග ඔහුගේ බිරිඳ සිඟිති දියණියන් දෙදෙනා සමඟ පත්ව ඇත්තේ අන්ත අසරණ තත්ත්වයකටය.

“මට කවුරුත් නෑ. මගේ සහෝදරයා මගේ යාළුවා මගේ මහත්තයා තමයි. මගේ අම්මා තාත්තත් මගේ මහත්තයා. බබා හම්බවෙලා ඉන්න කොට ඔක්කෝම කරේ මගේ මහත්තයා. අද මට කවුරුත් නෑ. මමයි මගේ දරුවෝ දෙන්නයි විතරයි අසරණ වුණේ.“ 

මව්පියන් විසින් සිය පුතු මරාදැමීමෙන් පසු සුනිල්ගේ දේහය තැන්පත් කිරීමට ද සිදුව ඇත්තේ ගම්මානයේ පිහිටි ප්‍රජා ශාලාව තුළය.
 
එම සිද්ධියට විරෝධය පළකරමින් ප්‍රදේශවාසින් ප්‍රජා ශාලාව ඉදිරිපිට නිහඬ විරෝධතාවයක නිරතවිය.

මියගිය සුනිල්ගේ මව පියා සහ නැගණිය මෙන්ම ඇගේ ස්වාමි පුරුෂයා හසලක පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන මහියංගනය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු එළැඹෙන 19 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

  1. අනේ දෙයියනේ. මමත් දරුවො තුන්දෙනෙක් ගෙ තාත්ත කෙනෙක්..මේක දැකපු වෙලේ ඇඩෙනව…කව්රු හරි මේ අම්මටයි දරුවො දෙන්නටයි පිහිට වෙන්න.. ඒ පින ඇති මතු ආත්මෙ නිවන් දකින්නම..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14