spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මව ඝාතනය කළ පුතා සැඟව සිටියදී අල්ලයි

තම මවට යකඩ මුගුරකින් පහරදී ඝාතනය කළ පුද්ගලයෙකු අලව්ව ප්‍රදේශයේද’ී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ ඊයේ සවස 6ට පමණ අලව්ව මාබොපිටිය ප්‍රදේශයේදී මෙම ඝාතනය සිදුවී ඇති බවයි.

මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිව සිටි 76 හැවිරිදි කාන්තාවක්. සැකකරු විසින් කළ පහරදීමෙන් එම මව නිවස තුලදී ම මරණයට පත්ව තිබෙනවා.

ඝාතනයට සම්බන්ධ සැකකාර පුත්‍රයා මාබොපිටිය ප්‍රදේශයේ සැඟව සිටියදී අද අලුයම පොලිස් අත්අඩංගුවට පත්වී ඇතැයි සඳහන්.

මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත අතර සිද්ධිය පිළිබඳ අලව්ව පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
2
+1
6
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?