මව කුණු කාණුවට දැමූ කොලුවා අද ලෝකය හොල්ලන ප්‍රකෝටිපතියෙක්

1989 වසරේ උපත ලද ප්‍රෙඞ්ගේ සැබෑ මව විසින් ඔහු කුණු කාණුවකට විසි කර තිබුණේ හදා වඩා ගැනීමට අපහසු නිසාද නොඑසේනම් ඔහු තමාට අනවශ්‍ය දරුවෙකු නිසා දැයි තවමත් නොදනී.
කෙසේ හෝ වේවා කුණු කාණුවේ විසි කර දමා තිබුණ මේ දරුවා හමුවුණේ ‘‘නේතන් ෆිගර්ස් ‘‘නමැති නඩත්තු කටයුතුවල යෙදෙන පුද්ගලයෙකුටයි.
ඔහුගේ බිරිඳ ‘‘බෙටී’’ ගොවිපළ කම්කරු කාන්තාවක් වූවාය.

මේ වෙන විටත් පනස් හැවිරිදි වියේ සිටි ඔවුන් කාණුවේ සිටි ප්‍රෙඞ් ළමා නිවාසයකට බාර නොදී දරුකමට සාදා ගැනීමට තීරණය කරන ලදී.

පාසල් යන විට ප්‍රෙඞ්ට බොහෝ දෙනා සමච්චල් කළේ ‘‘කුණු කාණුවේ කොලූවා’’ ලෙසින්ය. ඇතැම් අවස්ථාවලදී සෙසු දරුවන් විසින් ප්‍රෙඞ් ඔසවා කුණු බක්කියට විසි කරන ලදී. මේ නිසා නේතන් හෙවත් ඔහුගේ පියා පාසල ඇරෙන විට ප්‍රෙඞ් කැටුව යෑමට පැමිණෙන අතර එවිටත් දරුවන්ගේ උසුලූ විසුලූ නැවතුනේ නැත.

කුණු කාණුවේ කොලූවා කුණු බක්කි සොයා…
ප්‍රෙඞ්ගේ පියා වූ නේතන් සති අන්තයේදී නගරයේ කුණු බක්කි සොයා ඇවිද ගියේ ඔහුගේ අලූත්වැඩියා කටයුතු වෙනුවෙන් අවශ්‍ය යම් යම් උපාංගයන් සොයා ගැනීමටයි. පියා සමග ප්‍රෙඞ්ද මේ සඳහා සම්බන්ධ විය. එක් දිනක් ප්‍රෙඞ්ට අලෙවි සලක තිබී පාවිච්චි කොට ඉවත දමන ලද මැකින්ටොස් පරිගණකයක් හමු විය. මේ ගැන අදහස් දක්වන ප්‍රෙඞ් කියන්නේ..

පැරණි කියමනක් තිබෙනවා ‘‘කෙනෙකුගේ කසළ තව කෙනෙකුට නිධානයක් කියලා.. (‘One man’s trash is another man’s treasure’). මම පරිගණකයක් ගැන සිහින මැව්වා අපිට ඒ තරම් වියදම් කරන්නත් බැහැ. මේ වෙන විට මගේ වයස අවුරුදු 9යි.

තාත්තා කඩ හිමියාට පෙරැත්ත කරලා ඩොලර් 24 කට මට ඒක අරගෙන දුන්නා.

ගෙදර ඇවිත් බලනකොට පරිගණකය වැඩ කරන්නේ නැහැ. තාත්තා ගුවන්විදුලි යන්ත‍්‍ර, ඔරලෝසු, විඩියෝ කැසට් රෙපයාර් කරනවා. මාත් නිතරම අසලින් සිටිනවා. පරිගණකය පරීක්ෂා කරද්දි මට තේරුම් ගිය විදිහට එහි ‘‘කැපසිටර්’’ එකක් කැඩිලා.

මම රේඩියෝ එකක කෑලි ගලවලා කොම්පියුටර් සර්කිට් එකට පැස්සුවා. පරිගණකය වැඩ කළා. මේච්චර කාලයක් කුණු කාණුවේ කොල්ලා කියල සමච්චලය නිසා හිතේ තිබුණ වේදනාව එදා නැති වුණා..මට අලූත් පණක් ආවා. එදා පටන් මම ඉස්කෝලෙ ඇරිලා ගෙදර ආ වෙලාවේ පටන් පරිගණකය එක්ක වැඩ කරනවා.

පාසලේ ළමයි සෙල්ලම් කරද්දී මම පරිගණක කාමරයේ කැඩුන පරිගණක අලූත්වැඩියා කළා…

දැන් මට වෙනස් දෙයක් කරන්න අවශ්‍යයි.
ප්‍රෙඞ්ගේ දෙමව්පියන්ගේ අපේක්ෂාව වූයේ අධ්‍යාපනය, රැකියාව සහ විශ‍්‍රාම ගැනීම යන සම්ප‍්‍රදායික ජීවන රටාවයි.

මට ව්‍යාපාරයක් පටන් ඕන… මේ අතර හදිසියේම වාගේ ඔහුගේ පියා නේතන් අල්සයිමර් (Alzheimer’s) රෝගියෙකු විය. ඔහු රාති‍්‍ර නින්දෙන් ඇවිදින්ට පටන් ගත් නිසා ප්‍රෙඞ් විසින් පියාගේ සපත්තුවට කුඩා පරිගණක පද්ධතියක් සවි කරන ලදී. GPS තාක්ෂණය ඔස්සේ පියා සිටින තැන ප්‍රෙඞ් පහසුවෙන් හඳුනා ගත්තේය. 2014 වසරේ ජනවාරි මාසයේ පියා මිය යන විට 81 ක් හැවිරිදි විය. මගේ පියා මා තනි කළේ නැත. ඒ නිසා මියයන තෙක් මා ඔහු තනි කළේ නැත.

සුහුරු ග්ලූකෝමීටරය නිෂ්පාදනය වුණේ මේ විදිහටයි…
වයස අවුරුදු 22 ක් වෙත්ම ප්‍රෙඞ් විසින් රුධිරයේ ඇති සීනි ප‍්‍රමාණය ගණනය කළ හැකි සුහුරු ග්ලූකෝමීටරයක් නිපදවන ලදී. එහි ප‍්‍රතිඵලය රෝගියාගේ සමීප ඥාතියෙකු වෙත ස්වයංකි‍්‍රය ලෙසින් ලැබෙන පරිදි ප්‍රෙඞ් මේ උපාංගය නිෂ්පාදනය කරන ලදී. ඒ වෙනුවෙන් වූ අපූරු නිදාන කතාවක්ද තිබේ.

මේ අවධිය වෙන විට ප්‍රෙඞ්ගේ වයස අවුරුදු 9 කි. ඔහු ජෝර්ජියාවේ සිටින තම මාමා කෙනෙකුගේ නිවස දෙමව්පියන් සමග ගියහ. එම නිවසේ දොර විවෘත නොකරන විට ප්‍රෙඞ්ගේ පියා නේතන් විසින් ජනේලයෙන් ගොස් දොර අරින ලෙස ප්‍රෙඞ්ට උපදෙස් දුන්නේය. ප්‍රෙඞ් දොර විවෘත කිරීමෙන් පසුව දෙමව්පියන්ද නිවසට ඇතුළු විය.

ඒ වෙන විට මාමා පුටුවක වාඩිවී සිටියේය. දියවැඩියාවෙන් පෙලූන මාමා පුටුවේ මිය ගොස් සිටියේය. මෙයාට කෝමා ඇවිත්… මියගිහින්… ප්‍රෙඞ්ගේ පියාගේ ඒ වචන ඔහුගේ මතකයේ තදින්ම සටහන් විය.

Figgers F1 ජංගම දුරකථනය හඳුන්වා දීම…
2014 වසරේදී ප්‍රෙඞ් තවත් විප්ලවීය පියවරක් වෙනුවෙන් මුල පුරන ලදී. වාහනයක් පදවන අතරදී ජංගම දුරකථනය භාවිත කිරීමට ආරක්ෂිත පියවරක් වූ මෙම දුරකථනය 2019 වසරේදී තව දුරටත් සංවර්ධන කරන ලදී. 2019 වසරේදී මෙම නව මාදිලිය Figgers F3 යන නමින් වෙළඳපොළට හඳුන්වා දෙන ලදී.

මෙම ජංගම දුරකථන උපාංගය බැටරිය ආරෝපණය වෙනුවෙන් චාර්ජරයට සම්බන්ධ කළ යුතු නැත. චාජරය පවතින ස්ථානයෙන් සැතැපුම් පහක දුරින් දුරකථනය තිබුණත් බැටරිය ආරෝපණය වේ. 2015 වසරේදී ප්‍රෙඞ් විවාහ ගිවිස ගත්තේය. ඒ නැට්ලි නම් නීතිඥවරියක සමගයි. දැන් ඔහු සුරතල් දියණියන් දෙදෙනකුගේ පියෙකි.

ප්‍රෙඞ් හදා වඩා ගත් මව දැන් 81 හැවිරිදිය. ඇය මේ වෙන විට අල්මයිසර් රෝගයෙකි. ප්‍රෙඞ් නවෝත්පාදකයෙකු, ප‍්‍රකෝටිපතියෙකු ලෙසින් ජීවිතය දිනා ගත්තේය.

ඔහු අපට දෙන උපදෙස බෙහෙවින් වටිනු ඇත. කිසිම දවසක බලාපොරොත්තු අත්හරින්න එපා. ලෝකය දුෂ්කරයි. තමන්ට හමු වෙන හැම කෙනෙකුගේම ජීවිතයට ධනාත්මක බලපෑමක් ඇති කරන්න කැප වෙන්න. එවිට ඔබ ජීවිතය දිනනු ඇත.

  1. හිත්රිදීමෙන් අධර්යට පත් නොවී ධෛර්යවන්න එවිට තමන්ගේ ජයක්ගරනය ලගාකරගත හැක



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොලිස්පති, ආනන්ද විජේපාල ඇතුළු ප්‍රබලයින් රැසක් ජනපති සමඟ විශේෂ හමුවක් - මෙන්න ගත් පියවර
01:16
Video thumbnail
කසළ ප්‍රශ්නයට ආණ්ඩුවෙන් විසඳුම් - ආකල්පයන් පවා වෙනස් කරන්න වෙනවා
03:18
Video thumbnail
නීතිවිරෝධීව ධීවර කටයුතු කරමින් සිටියදී අනතුරට පත්වුණු ධීවර යාත්‍රාව
00:58
Video thumbnail
උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගයට බස් යොදවා ඇති අයුරු මෙන්න - වෙනදා වෙලාවටම තමයි යන්නේ
05:08
Video thumbnail
ගල් අඟුරු කොමිසමට සාක්ෂි දෙන්න ආ DV චානක හා කුමාර ජයකොඩි
02:24
Video thumbnail
අකිල ගැන UNPයෙන් කට අරියි - හොරු අල්ලන වැඩේ කළේ රනිල්..විහිළු සපයන්න එපා
02:48
Video thumbnail
රනිල් එකතුවී කතා කළ දේ වජිර හෙළිකරයි - අපේ කාලයේ සමථ මණ්ඩල රැස්වුණා
06:52
Video thumbnail
Industry කියලා කෑගැහුවට වැඩක් නෑ..ඒකනේ අපි කොවීඩ් කාලේ හොම්බෙන් ගියේ- භාතියගෙන් සැර කතාවක්
14:43
Video thumbnail
මල්පාරේ සාකච්ඡාවෙන් පසු ‍රංගේ බණ්ඩාර කිව්ව දේ - "දේශපාලනයේ නැත්තම් මෙතෙන්ට එනවයි"
02:20
Video thumbnail
සන්තූෂ් ඇතුළු සෙට් එක බුද්ධිමය දේපළ නිසා පැටලෙයි - අපි හැමදාම ගෙව්වේ පොටෝකොපිවලට විතරනේ
07:32