මව් පදවියට පත් වූ ජනප්‍රිය නිළි දිනක්ෂි ප්‍රියසාද් තැබු සටහන

සාරංග දිසාසේකර සහ දිනක්ෂි ප්‍රියසාද් කියලා කියන්නේ, යොවුන් පරපුරේ සිටින ජනප්‍රිය රංගන ශිල්පීන් දෙදෙනෙක්. ඔවුන් දෙදෙනා පසුගිය වසරේ විවාහ ජීවිතයට පිවිසි එම යුවළ මේ වනවිට දෙමාපියන් බවට පත්ව සතියක් පමණ වෙනවා.
ඒ විතර නෙවෙයි සාරංග සහ දිනක්ෂි යන දෙදෙනාම සමාජ මාධ්‍ය තුළ ක්‍රියාශීලි දෙදෙනෙකු විදිහටත් හඳුන්වලා දෙන්න පුළුවන්. ඉතිං මේ කියන්න යන්නේ දිනක්ෂි තම ෆේස්බුක් ගිණුමෙහි තැබු අපූරු සටහනක් ගැනයි. අලුත් උපන් බිළිඳියගේ ඡායාරූපයක් ද ඇය ඊට එක් කර තිබුණා. “වටිනාම ත්‍යාගය උසුලාගෙන සිටිනවා…” යනුවෙන් ද සටහනක් තබා තිබුණා.