මව්බිමට අඩිය තියද්දි ම අත්අඩංගුවට පත් වූ ලාංකික කත

රුපියල් තිස්හතර ලක්ෂ පනස් දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක්, නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත්, කටුනායක ගුවන් තොටුපොළෙන් පිටකර යාමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගී කාන්තාවක් අද (30) දින අලුයම ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

සැකකාරිණිය ඩුබායි හි ගෘහ සේවයේ නියුතු දැරණියගල ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි කාන්තාවක්.

ඇය අලුයම 05.30 ට ඩුබායි හි සිට ෆිට්ස් එයාර් ගුවන් සේවයේ 8ඩී – 822 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

සැකකාරිණිය රැගෙන ආ ගමන් මළු 02 ක් තුළ විදේශීය නිෂ්පාදිත ප්ලැටිනම් වර්ගයේ දුම්වැටි 23,000ක් අඩංගු දුම්වැටි කාටූන් 115ක් තිබූ බවයි වාර්තාකරු පැවසුවේ.

කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් සැකකාරිණිය අත්අඩංගුවේ තබා මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනවා.

  1. මෙය නම් කාගේ හෝ කොන්ත්‍රාත්තලක් බව ඉතා පැහැදිලිය. ගෘහ සේවයෙන් මෙතරම් මුදලක් මැයට උපයා ගත නොහැක. මෙහි යට සිටින මහ හොරා අල්ලා ගැනීම රජය සතු වගකීමකි.