මවට වැරදි ඖෂධයක් දුන්නාට පුත්‍රයාගෙන් වෛද්‍යවරයාට 07 වරක් පිහි ඇනුම්

ඉන්දියාවේ චෙන්නායි නුවර පිහිටි රෝහලක සිදු වූ පිහි ඇනුමකින් පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු බරපතළ තුවාල ලබා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ; අදාළ වෛද්‍යවරයා යටතේ පිළිකා රෝගී කාන්තාවක් ප්‍රතිකාර ලබා ඇති බවත්; ඔහුගේ පුත්‍රයා විසින් මෙම පිහි ඇනුම සිදු කර ඇති බවයි.

වෛද්‍යවරයා විසින් සිය මවට වැරදි ඖෂධයක් නිර්දේශ කර ඇති බවට සැකකාර පුත්‍රයා සැක පළ කර ඇති අතර එහි පළිගැනීමක් ලෙස සැකකරු විසින් වෛද්‍යවරයාට හත් වරක් ශරීරයේ ප්‍රදේශ කිහිපයකට පිහි ඇනුම් ප්‍රහාර එල්ල කර තිබෙනවා.

මෙම වෛද්‍යවරයා ද හෘද රෝගියෙකු බවත් එම පිහි ප්‍රහාර ඔහුගේ පපුවට, උදරයට සහ හිසට එල්ල වී ඇති බවත් වාර්තා වනවා.

කෙසේවෙතත් වෛද්‍යවරයා මේ වනවිට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් පසුවන අතර ඔහුගේ තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.

අදාළ වෛද්‍යවරයා තමිල්නාඩු ප්‍රාන්තයට අනුයුක්තව සේවය කරන රජයේ වෛද්‍යවරයෙකු ද වනවා.

තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය එම්.කේ ස්ටාලින් නියෝග කර ඇත්තේ කඩිනම් පරීක්ෂණයක් පවත්වා සැකකරුට දැඩි දඬුවම් ලබාදෙන ලෙසටත් නැවත එවැනි ප්‍රහාරයක් සිදු නොවීමට කටයුතු කරන බවයි.

සැකකාර තරුණයා ද එම රෝහලේ ම සාමාන්‍ය සේවකයෙකු ලෙස කටයුතු කරන බව ද හෙළි ව තිබෙනවා.

26 හැවිරිදි සැකකරු පිහි ඇනුමෙන් පසු පලා යාමට උත්සාහ කළ ද රෝහල් කාර්‍යය මණ්ඩලය විසින් ඔහුව අල්ලා ගිණ්ඩි පොලිසියට භාර දී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14