මවට කොවිඩ් තිබියදී අලුත උපන් බිළිඳාට හදිසි සැත්කමක් කළ වෛද්‍යවරයා

කොවිඩ් ආසාදිත මවකට බිහි වූ දරුවෙකුට සිදු කළ යුතු වූ සැත්කමක් කිරීමට අවදානම නොතකා ඉදිරිපත් වූ වෛද්‍යවරයෙකු පිළිබඳව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් වාර්තා වනවා.

සාර්ථක සැත්කමකින් පසු මේ වනවිට එම ළඳරුවා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.

අවිස්සාවේල්ල රෝහලේදී මවකට දරු උපතක් සිදුව තිබුණා.

එහිදී මව කොවිඩ් ආසාදිතයෙකු බව තහවුරුවීමත් සමඟ ඇය නැගෙනහිර කොළඹ මූලික රෝහලට මාරුකර එවා තිබුණා.

කෙසේ වෙතත් දිනක් වයසැති බිළිඳාට හදිසි සැත්කමක් කිරීමේ දැඩි අවශ්‍යාතාවක් මතුවීම හේතුවෙන් එම දරුවා වහා ඇතුලත් කරනු ලැබුවේ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලටයි.

එම දරුවාට ද කොවිඩ් ආසාදනය වී ඇත්දැයි මතු වූ සැකය හේතුවෙන් දරුවාට හදිසි සැත්කම කිරීම වෛද්‍යවරුන්ගේ පැත්තෙන් අවධානම් තත්ත්වයක් බවට මෙහිදී කරුණු මතුවුණා.

එහෙත් එම අවදානම නොතකා දරුවාගේ සැත්කම සිදු කිරීමට ළමා රෝහලේ වෛද්‍ය සිතම්බරන් මුහුන්දන් මහතා ප්‍රමුඛ වෛද්‍ය කණ්ඩායම ඉදිරිපත් වුණා.

මේ වනවිට දරුවා රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර, මව ද රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බලය තියෙන කාලේ කොහොම හිටපු මිනිස්සුද..? අද අසරණ වෙන හැටි...
00:34
Video thumbnail
බිහිසුණු රිය අනතුරකින් දඹුල්ල ජාතික පාසලේ විදුහල්පතිට දිවි අහිමිවෙයි - ඔහු එළියට ගත් සංවේදී දර්ශන
01:14
Video thumbnail
"දැන් මම කඩුවෙල සියලු ජනයාට නගරාධිපති.. ලබන පාරත් මම මාලිමාවෙන් ඡන්දේ ඉල්ලනවා"
00:22
Video thumbnail
වර්ජන කරන එක මහ කා#කණ්නි වැඩ - ඊයෙත් හොඳට Train තිබ්බා..වර්ජනය අසාර්ථකයි
02:11
Video thumbnail
මැරුණු සැමියා මාස දෙකකට පසු පණපිටින් නිවසට - "දැක්ක ගමන් අපි බය වුණා.."
06:14
Video thumbnail
නාමල් රාජපක්ෂ අධිකරණයට රැගෙන ආ අයුරු මෙන්න - වැඳගෙනම බස් එකෙන් බහින හැටි
00:28
Video thumbnail
නාමල් රාජපක්ෂට, මහින්දට සෙත් පතා බෝධි පූජාවක් - නෙළුම් මල් 1000ක් පූජා කරයි
01:47
Video thumbnail
මහින්දලා කරන වැඩනේ මේ - අනුරට කරගෙන යන්න දෙන්න ඕනි..දුම්රිය වර්ජනයට මහින්දට චෝදනා
02:28
Video thumbnail
වෙ# පත්තුවූ දෙමටගොඩ කළු පාලම යට මහේස්ත්‍රාත් පරීක්ෂාව සිදු කරන අයුරු
01:07
Video thumbnail
දුම්රිය වර්ජනය ගැන ජනතාවගේ අදහස - "ටිකට් නැතුව යන් මහත්තයෝ කමක්නෑ "
04:01