මවගේ ගර්භාෂයේදීම බිළිඳු කළලයකට සැත්කමක්

ඇමරිකානු වෛද්‍යවරුන් කණ්ඩායමක් විසින් මවකගේ ගර්භාෂයේ සිටින ළදරුවෙකුට සිදු කළ මොළයේ සැත්කමක් පිළිබඳ විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

බිළිඳු කළලයේ මොළයේ ඇති දුර්ලභ රුධිර වාහිනී අසාමාන්‍යතාවයකට ප්‍රතිකාර කිරීම සඳහා මෙම සැත්කම සිදු කර ඇති බවටයි වාර්තා වන්නේ.

මෙම දුර්ලභ මොළයේ රෝගී තත්ත්වය හැඳින්වෙන්නේ “Venus of Galen malformation” ලෙස වන අතර, සැත්කම බොස්ටන් ළමා රෝහලේදී සිදු කර තිබෙනවා.

මොළයේ සිට හදවතට රුධිරය ගෙන යන රුධිර නාලය නිසි ලෙස වර්ධනය නොවීම නිසා මෙම රෝගී තත්ත්වය ඇති වන බව සඳහන්.

මෙම විකෘතිතාවයේ ප්‍රතිඵලයක් ලෙස අධික රුධිර ප්‍රමාණයක් පැමිණීමෙන් ශිරා සහ හෘදය ආතතියට පත් කරන අතර පසුකාලීනව සෞඛ්‍ය ගැටලු රැසකට තුඩු දිය හැකි බවටයි සැලකෙන්නේ.

සාමාන්‍ය අල්ට්‍රා සවුන්ඩ් පරීක්ෂණයකදී, මොළය තුළ මෙම දුර්ලභ රුධිර වාහිනී අසාමාන්‍යතාවයක් ඇති බව වෛද්‍යවරුන් සොයා ගන්නා අවස්ථාව වන විට, බිළිඳා මවගේ ගර්භාෂය තුළ සාමාන්‍ය ලෙස වැඩෙමින් සිටි බව සඳහන්.

මෙම තත්ත්වය ඇති බොහෝ ළදරුවන් හෘදයාබාධ හෝ මොළයට හානි සහිතව ඉපදෙන බවටයි වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ.

බිළිඳු කළලයට සති 34ක්ව තිබියදී ගර්භාෂයේ සිටියදීම විශේෂ වෛද්‍ය උපකරණ භාවිත කරමින් ඇගේ විකෘතිතා නිවැරදි කිරීමට සමත්වී තිබෙනවා.

බොස්ටන් ළමා රෝහලට අනුව, Galen malformation (VOGM) නහරයක් යනු මොළයේ ඇති දුර්ලභ රුධිර නාල අසාමාන්‍යතා වර්ගයක්.

මොළයේ ඇති වැරදි හැඩැති ධමනි කේශනාලිකා සමඟ සම්බන්ධ වීම වෙනුවට ශිරා සමඟ කෙලින්ම සම්බන්ධ වන අතර එමඟින් රුධිර ප්‍රවාහය මන්දගාමී වන බව සඳහන්.

මෙමගින් අධි පීඩන රුධිරය ශිරා තුළට වේගයෙන් ගමන් කරන අතර එමගින් ශිරා තුළ මෙම අතිරේක පීඩනය හේතුවෙන් ගැටළු ගණනාවක් ඇති කළ හැකි බවටයි සැලකෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන ගම්පහ මහා රැලිය
00:00
Video thumbnail
උසාවියට අඩිය තියන්නේ නෑ කියලා හිතපු අයට උසාවියට එන්න වෙලා
02:36
Video thumbnail
ගම්පහ රැළියේ ඇතුළේ ඉඩ මදි නිසා පාරෙත් මහ සෙනඟක් - අතුරු සිදුරු නැතුව වැසුණු ගම්පහ
01:11
Video thumbnail
හොරුන්ට දඬුවම් දෙන එකේ සීමාවක් නෑ - ජනාධිපතිගේ කතාවට අත්පුඩි වරුසාවක්
03:19
Video thumbnail
මොළ 7යි ලු, හාහා මතකයි නේද.. ජනාධිපතිගේ කතාවෙන් හැමෝටම හිනා
04:40
Video thumbnail
ආණ්ඩුව හිටගන්නේ හොරු, තක්කඩි එක්ක නෙවෙයි - අපි බලය ගත්තම එයාලා බයවුණ..බයෙන් දෙඩෙව්වා
12:33
Video thumbnail
ප්‍රසාද් සර්ගේ කතාවට ගම්පහටම ගිහින් මහින්ද ජයසිංහ රිදෙන්නම දෙයි
04:07
Video thumbnail
මුළු ගම්පහම හොල්ලමින් ජනපති අනුර ගම්පහ වේදිකාවට එයි - ජනතාව ප්‍රීති ඝෝෂා නගයි
01:45
Video thumbnail
නාමල් විතරක් නෙමෙයි, අපි ඔක්කොම ඇතුලට යන්න පුළුවන්
00:59
Video thumbnail
ශිරන්තිගේ ඇසේ සැත්කමක් කරන්න තියෙනවා - බෙහෙත් ගත්තු ගමන් ආපහු එයි
02:25