මවගේ අවසන් කටයුතු සිදුකර යළි කණ්ඩායම සමඟ එක් වූ මුකේෂ් චෙන්නායි පිළට ජය ගෙන ආ හැටි

අයි.පී.එල් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ 05 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ඊයේ (23) හැකියාව ලැබුණා.

ඒ, මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමඟ වන්කඩේ ක්‍රීඩාංගනයේ දී පැවති තරගය මුම්බායි කණ්ඩායම ලකුණු 103කින් පරාජය කරමින්.

මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 06ක් දැවී ලකුණු 207ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පන්දුවාර 19ක් තුළ සියල්ලන් දැවී රැස්කරගත හැකි වුයේ ලකුණු 104ක් පමණයි.

මේ අතර චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් මෙම තරග සඳහා ක්‍රීඩා කළ වේග පන්දු යවන ක්‍රීඩක මුකේෂ් චෞද්රිට මෙම තරගය සුවිශේෂී තරගය වුණා.

දිගු කාලයක් අසනීප වී සිටි මුකේෂ් චෞද්රිගේ මව පසුගිය අඟහරුවාදා මියගිය අතර, මුකේෂ් මවගේ අවසන් කටයුතු සඳහා සහභාගී වී ඊයේ දිනයේ කණ්ඩායම සමඟ නැවත එක්ව තිබුණා.

මවගේ වියෝව නිසා දැඩි සිතවුලක් සහ පීඩාවක් තිබියදීත් සිය කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරමින් මුම්බායි ඉනිමේ අත්‍යවශ්‍ය කඩුල්ලක් වූ ක්වින්ටන් ඩි කොක්ගේ කඩුල්ල දෙවන පන්දුවාරයේ දී දවාගෙන චෙන්නායි ජයග්‍රහණය සඳහා සිය ඉහළ දායකත්වය ලබා දුන්නා.

මෙහිදී ක්වින්ටන් ඩි කොක්ගේ කඩුල්ල දවාගත් මුකේෂ් චෞද්රි සිය සුපුරුදු සැමරුම ප්‍රදර්ශනය නොකළ අතර, ඒ වෙනුවට, ඔහු නිශ්චලව සිට, අහස දෙස බලා, නිහඬ උපහාරයක් ලෙස ඉහළට ඇඟිල්ල දිගු කරමින්, “මා, යේ තෙරේ ලියේ හායි” (අම්මේ, මේ ඔබ වෙනුවෙන්) යැයි පවසන ආකාරය දැකගත හැකි වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37