මවක් පුතුන් දෙදෙනා සමඟ එක්ව අවුරුදු 17 දියණිය ඝාතනය කරලා

17 හැවිරිදි දියණිය ඝාතනය කිරීම සම්බන්ධයෙන් කාන්තාවක් සහ ඇගේ පුතුන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමේ පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

නව යොවුන් වියේ පසු වූ එම දැරිය දූෂණය කිරීමේ සිද්ධියකට අදාළව පවත්නා නඩුවක් හේතුවෙන් පවුලට අපකීර්තියක් ඇති වෙතැයි බියෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.

පසුගිය 18 වනදා මෙම දැරියට සිය සහෝදරයෙක් සහ මව විසින් වෙඩි තබා ඝාතනය කර ඇති බව පොලිසිය පවසනවා.

20 හැවිරිදි වියේ පසුවන රින්කු නැමැත්තෙකු විසින් මෙම දැරියව දූෂණය කර ඇති බවට පසුගිය පෙබරවාරි මාසයේ දී ගාසියාබාද් පොලිස් ස්ථානයේ නඩුවක් ගොනු කර තිබෙනවා.

මෙම නඩුවේ චුදිතයා වී සිටින රින්කු නැමැත්තා මේ මස මුලදී ඇප මත නිදහස්ව පැමිණ ඇති බවයි වාර්තා වුණේ.

දිගින් දිගටම ඇදෙන මෙම නඩුව හේතුවෙන් පවුලට අපකීර්තියක් ඇති වෙතැයි බියෙන් දැරියගේ මව සිය පුතුන් දෙදෙනා සමඟ එක්ව දැරියව ඝාතනය කිරීමට සැලසුම්කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මේ සඳහා මවගේ මාමා කෙනෙක් ද සම්බන්ධ වී ඇති අතර,පසුගිය 18 වනදා දැරිය තම සහෝදරයෙක් මව සමඟ යතුරුපැදියකින් පැමිණ මෙම වෙඩි තැබීම සිදුකර තිබෙනවා.

දැරිය වෙඩි තබා ඝාතනය කිරීමෙන් පසු පවුලේ අය චෝදනා කළේ ඇයව දූෂණය කිරීමේ චෝදනාව ලබා ඇප මත පැමිණ සිටින රින්කු තවත් සගයකු සමඟ එක්ව පළිගැනීම සඳහා මෙම ඝාතනය කළ බවයි.

ඉන් අනතුරුව පොලිසිය රින්කු සහ ඔහුගේ සගයා අත්අඩංගුවට ගෙන විමර්ශන අරඹා ඇති අතර පසුව මෙම ඝාතනය ඇයගේ පවුලේ අය විසින්ම සිදුකර ඇති බවට අනාවරණය කරගෙන තිබෙනවා.

ඒ, අනුව සැකකාර මව සහ පුතුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර, ඝාතනයට සහාය වූ මවගේ මාමා පලාගොස් ඇති බවයි වාර්තා වන්නේ.

අපරාධය සඳහා යොදාගත් විදෙස් රටක නිෂ්පාදිත පිස්තෝලයක් සහ යතුරුපැදිය ද සොයාගැනීමට හැකිව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
00:48
Video thumbnail
යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ
01:45
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු - බැලුවේ නෑ..ඔතලා දුන්න එක මං දාගත්තා
05:59
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු
01:52
Video thumbnail
ලාල්කාන්ත මල්ලි මහ ගොන් පාට් දාන්නේ..මෝඩ කතා - මේවා හෙ# ගහන අපරාධ..සෙල්ලම් කරන්න හදන්න එපා
06:28
Video thumbnail
පුවක් වල්ල පොලේ ගැහුවා වගේ විපක්ෂය..ඇතුළේ කචල් - කවුරුහරි ලණුවක් දුන්නානේද ?
07:11
Video thumbnail
"යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ"මිනිස්සු වනජීවී දෙපාර්තමේන්තුව වටලයි
07:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
10:41:21
Video thumbnail
මාලිමා මන්ත්‍රීවරයෙක්ට දයාසිරි නැගිටලා හොඳ පදෙන්ම දෙසයි - මම ඔය එක එක පක්ෂවලට රිංගුවේ නෑ
04:39