මල් කඩන්න වත්තට ආ සිසුවියට රු. 100 ක් දී සිදුකළ පව්කාර වැඩේ

බුදුන් වැඳීම සඳහා මල් කැඩීමට ගිය (එවකට අවුරුදු 09ක් වයසැති) පාසල් සිසුවියකට රුපියල් 100ක් බැගින් දී එම සිසුවියව අවස්ථා කිහිපයකදීම බරපතළ ලිංගික අපයෝජනයට ලක්කිරීම සම්බන්ධව නීතිපතිවරයා විසින් ගම්පහ මහාධිකරණය හමුවේ ගොනු කර තිබූ අධි චෝදනා තුනකට වරදකරු වූ විත්තිකරුවකුට එක් චෝදනාවකට වසර 12 බැගින් වූ බරපතළ වැඩ සහිත සිරදඬුවම් ගම්පහ අංක 1 මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා නියම කළේය.

එලෙස නියම කරන ලද වසර 36ක් වූ බරපතළ වැඩ සහිත සිරදඬුවම වසර 12 කින් එකවර ගෙවි යන ලෙසට නියම විය.

එම සිර දඬුවමට අමතරව චෝදනා තුනෙන් එක් චෝදනාවකට රුපියල් 25,000 බැගින් රුපියල් 75,000ක දඩයක්ද එක් චෝදනාවකට රුපියල් ලක්ෂ 2 බැගින් චෝදනා තුනට රුපියල් ලක්ෂ 6ක මුදලක් වින්දිත දැරියටද ගෙවන ලෙස විත්තිකරුට නියම විය. දඩ මුදල් නොගෙවන්නේ නම් චෝදනාවකට මාස 6 බැගින් මාස 18ක සිරදඬුවමක්ද වන්දි මුදල් නොගෙවන්නේ නම් එක් චෝදනාවකට වසරක් බැගින් වසර තුනක සිරදඬුවමක්ද විත්තිකරුට නියම කෙරිණි.

දඩ හෝ වන්දි මුදල් නොගෙවන්නේ නම් විත්තිකරුට නියම කරන ලද සිරදඬුවම් වෙන් වෙන් වශයෙන් ගෙවී යා යුතු බවටද මහාධිකරණයෙන් නියම කෙරිණි.

2013 වර්ෂයේ ඔක්තෝබර් මස පළමු වැනිදා සිට එම වර්ෂයේම ඔක්තෝබර් මස 24 වැනිදා අතර කාලය තුළදී කඩවත, ඉහළ කරගහමුණ ප්‍රදේශයේ පිහිටි විත්තිකරුගේ ඉඩමට මල් කැඩීමට පැමිණි එම සිසුවිය රවටා නිවෙස තුළට කැඳවාගෙන ගොස් අතවර කිරීම සම්බන්ධයෙන් එම ප්‍රදේශයේම පදිංචිකරුවකු වන එවකට 55 හැවිරිදි සෙල්ටන් විපුලසේන නමැති විවාහකයකුට මෙසේ දඬුවම් නියම විය.

විත්තිකරු මහාධිකරණය හමුවේ වන්දි මුදල් තැන්පත් කළ හොත් දැරියගේ නමින් බැංකු ගිණුමක් ආරම්භ කර එම වන්දි මුදල එකී බැංකු ගිණුමේ තැන්පත් කළ යුතු බවට ළමා නිවාසයේ පාලිකාවට මහාධිකරණයෙන් නියම කෙරිණි.

ළමා නිවාසයක කල්ගත කරන වින්දිත දැරිය එකී ළමා නිවාසයේ පාලිකාව විසින් එදින 28දා මහාධිකරණය හමුවට ඉදිරිපත් කර තිබූ අතර රජයේ අධිනීතිඥ ඔස්වල්ඩ් පෙරේරා මහතා පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටියේය.

විත්තිකරු විසින් 2013 වර්ෂයේදී වින්දිත දැරියට සිදුකළ අපරාධය හේතු කරගෙන ළමා වියේ පසුවූ එම දැරියට 2013 වර්ෂයේ සිට මේ දක්වා මවුපිය, සහෝදර, සහෝදරියන් මෙන්ම ඥාතීන් සහ අසල්වැසියන් සමඟ ගත කිරීමට තිබූ ළමා කාලය ළමා නිවාසයක කාලය ගත කිරීමට සිදුවීම ඉතා අවාසනාවන්ත සිද්ධියක් බව මහාධිකරණයේදී සඳහන් විය.

විත්තිකරු සිදුකර ඇත්තේ එම දැරියගේ සහ පවුලේ උදවියගේ අහිංසකත්වය උපයෝගී කරගනිමින් රුපියල් 100ක් වැනි මුදලක් ලබාදී සමාජය ගැන හෝ ලිංගිකත්වය සම්බන්ධ කිසිදු දැනුමක් නැති දැරියකට බරපතළ අපරාධයක් සිදුකිරීම බරපතළ වරදක් බවට තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට පෙර මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා විවෘත අධිකරණය හමුවේ පැවැසීය.

කඩවත පොලිස් ස්ථානයේ නඩු මෙහෙයුම් අංශයේ සැරයන් ජගත් (61881) නිලධාරියා පැමිණිල්ල මෙහෙයවූ රජයේ අධිනීතිඥ ඔස්වල්ඩ් පෙරේරා මහතාට සහාය දැක්වීය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
00:00
Video thumbnail
නලින්ද වැස්සටවත් නීති විද්‍යාලය පැත්තට ගිහින් නෑ
10:41
Video thumbnail
රටේ වත්මන් තත්ත්වය ගැන ඇමති නලින්දගෙන් ප්‍රබල ප්‍රකාශයක් - වසංගතවලට වුණත් අපිට මුහුණ දෙන්න පුළුවන්
04:57
Video thumbnail
චාමික කරුණාරත්නට එරෙහි නඩුවට අද ලැබුණු තීන්දුව මෙන්න - "බබාට බලාපොරොත්තු වෙච්ච දේ වුණේ නෑ"
01:31
Video thumbnail
නාමල් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
10:32
Video thumbnail
පාස්කුවේ සාධාරණයක් වෙලා නෑ..ඒක පට්ටපල් බොරු - මරික්කා‍ර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
14:05
Video thumbnail
ආපු හැමෝවම නටවපු මෛත්‍රීගේ සුපිරි සින්දුව
00:40
Video thumbnail
මරික්කාර් - වටගල පාර්ලිමේන්තුව දෙවනත් කරයි - "මේ බොරු සභාගත කරන ඇමතියෙක්"
01:59
Video thumbnail
ගහේන් වැටුණු ගෙඩි නිසා ප්‍රපාතයට ගිය ලොරි රථය
02:36
Video thumbnail
දැන් ළූණු කෑවා සැපද ? අපිලගේ සාදූ මාධ්‍යයට ව්‍යවස්ථාව රැගෙන ඇවිත් ආණ්ඩුවට දෙසයි
04:01