මල්වතු මහනාහිමියන්ගෙන් දේශපාලනඥයන්ට දෝෂාරෝපණයක්

රටේ, ජනතාවගේ යහපත වෙනුවෙන් කටයුතු කරන ලෙස දේශපාලඥයන් හට විවිධ අවස්ථාවල කොතෙක් අවවාද අනුශාසනා සිදු කළ ද ඔවුන් එය කිසිදු විටක මායිම් නොකිරීම කනගාටුවට කරුණක් බව මල්වතු මහා නායක අති පුජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ අවධාරණය කරනවා.

ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණේ නියෝජිත පිරිසක් අද නාහිමියන් බැහැදැක සංදේශයක් භාර දුන් අවස්ථාවේදීයි උන්වහන්සේ මේ අදහස් පළ කළේ.

සංදේශයක් බාර දෙමින් තැපැල් වෘත්තිය සමිති නියෝජිතයන් ප්‍රකාශ කළේ ජනාධිපතිවරයා අත්තනෝමතිකව නුවරඑළිය හා මහනුවර ඉපැරණි තැපැල් සංකීර්ණ ඉන්දියානු හෝටල් සමාගමකට විකිණීමට උත්සාහ කරන බැවින් එම උත්සාහය වැළැක්වීම සඳහා නාහිමියන්ට මැදිහත් වීමක් සිදු කරන ලෙසටයි.

පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් වසර 200කට වඩා මෙම ඉපැරැණි ගොඩනැගිලි මේ වන විටද සංචාරකයන්ගේ දැඩි ආකර්ෂණයට ලක්ව පවතින බවින් එම ගොඩනැගිලි තැපල් දෙපාර්තමේන්තුව සන්තකයේ තබා ගනිමින්ම සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් යෝජනා මාලාවක් තම වෘත්තීය සමිති විසින් රජයට ලබාදී තිබුණ ද ඒ පිළිබඳව කිසිදු අවධානයක් යොමු නොකරන ජනපතිවරයා රටේ සම්පත් මේ ආකාරයෙන් විකිණීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවයි වෘත්තීය සංගම් නියෝජිතයන් මහ නාහිමියන් හමුවේ කියාසිටියේ.

මෙහිදී අදහස් දැක්වූ මල්වතු මහ නාහිමියන්,

“වත්මන් ජනාධිපතිතුමා අග්‍රාමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ 2018 වසරේදීත් නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල විකිණීම සම්බන්ධයෙන් අවධානය යොමුවුණා අපට මතකයි. අපි දැක්කා විදේශිකයෝ පවා මේ පෞරාණික ගොඩනැගිල්ල විකුණනවාට එරෙහිව අදහස් පළ කරනවා. විරෝධතා පවත්වනවා. විවිධ ගැටලුවලදී රටේ, විශේෂයෙන් ජනතාවගේ යහපත උදෙසා කටයුතු කරන්නැයි මහා සංඝරත්නය වශයෙන් අප කොතෙක් අනුශාසනා කළ ද බොහෝ දේශපාලනඥයෝ ඒ පිළිබඳව අවධානය යොමු නොකිරීම කණගාටුවට කරුණක්. අප කොතෙක් අනුශාසනා කළත් ඒ අය ඒ අයට අවශ්‍ය ගමන යන්න තමයි උත්සාහ කරන්නේ. මහා සංඝ රත්නය වශයෙන් අප මේ පිළිබඳව ඔවුන් දැනුවත් කළත් පලක් වේවිද කියලා කියන්න බෑ. වරායට, ත්‍රිකුණාමලේ තෙල් ටැංකිවලට උනෙත් ඔය දේම තමයි. නුවරඑළියෙ තවත් ඉඩ තියෙන තැනක තැපැල් කන්තෝරුව වගේ ආකෘතියට හෝටලයක් හදලා සංචාරකයෝ ගෙන්නන්න පුළුවන්නේ.”

ශ්‍රී ලංකාව පුරා පිහිටි පෞරාණික තැපැල් ගොඩනැගිලි සියල්ලම විකිණීම සඳහා රජය කටයුතු කරන්නේ දැයි යනුවෙන් ද නා හිමියන් වෘත්තීය සමිති නියෝජිතයන්ගෙන් විමසා සිටියා.

වෘත්තීය සමිති නියෝජිතයන් මෙහිදී කියාසිටියේ එම සියලු පෞරාණික ගොඩනැගිලි මෙන්ම රටේ සම්පත් රැසක් අලෙවි කිරීම සඳහා මේ වන විට රජය පිඹුරුපත් සකසමින් සිටින බවයි.

නාහිමි බැහැදැකීමෙන් අනතුරුව ඒකාබද්ධ තැපල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු සම්පත් ශ්‍රී ලියනගේ මාධ්‍ය හමුවේ අදහස් පළ කළා. ඔහු කියා සිටියේ ජනාධිපතිවරයාගේ මෙම කටයුතුවලට එරෙහිව තැපල් දෙපාර්තමේන්තුව ඉදිරියේදී අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයකට පිවිසීමට බලාපොරොත්තු වන බවයි. ඒ සඳහා ද ජනාධිපතිවරයා නම්‍යශීලීභාවයක් නොදක්වන්නේ නම් සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයක් ඒකාබද්ධ කර දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට හෝ පසුබට නොවන බවයි හෙතෙම වැඩිදුරටත් කියාසිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58
Video thumbnail
රත්නපුරයේ ප්‍රථම ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානයට මුල්ගල තියන්න ගිය නලින්ද
04:29
Video thumbnail
භූමිතෙල් දාලා ධාවනය කළ බස් රථ රියදුරන් දෙදෙනෙකු පොලිසියෙන් කුදලන් එයි
00:33
Video thumbnail
දෙහිවල බෝ#බ ප්‍ර#හාරයෙන් අවසන් ගමන් ගිය පුංචි පුතුන් දෙදෙනාගේ දේහය නිවසට
02:53