“මල්ලිට අඬගහලා උපදෙස් දෙන්න” – මුරුත්තෙට්ටුවේ හිමි අගමැතිගෙන් ඉල්ලයි

වර්තමානයේ මෙරට පාලනය සිදු කරන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ද එසේත් නොමැති නම් ව්‍යාපාරිකයින් ද යන්න තමන්වහන්සේ හට නොතේරෙන බව  රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන්වහන්සේ ප්‍රකාශ කරනවා.

රටට ඇති ආදරය නිසා මෙම ආණ්ඩුව පත් කරගත් බවත් ව්‍යාපාරිකයන්ට අවශ්‍ය අයුරින් මේ රට පාලනය කරන්නට ඉඩ දිය නොහැකි බවටත් උන්වහන්සේ සඳහන් කළා.

“ජනාධිපතිවරයාට කවුරුන් උපදෙස් ලබා දෙනවා දැයි කියන්න අපි දන්නේ නැහැ. රට හදන්නට එතුමාට ඕනෑකම තිබෙනවා. නමුත් එතුමාට උපදෙස් ලබා දෙන කේවට්ටයෝ කවුරුන් දැයි දන්නේ නැහැ. නිවැරදි ලෙස උපදෙස් ලබා දෙනවා නම් එතුමාට මෙය ක්‍රියාත්මක කළ හැකියි. කේවට්ටයෝ පැත්තකට දමා අගමැතිතුමාවත් තමන්ගේ මල්ලීව ළඟට අඬ ගසා මෙන්න මේවා කර රට මුදා ගනිමු යැයි උපදෙස් ලබා දෙනවා නම් අපට මෙය ජයගත හැකියි. අද මේ රට කරන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා ද ව්‍යාපාරිකයෝද යන්න ප්‍රශ්නයක් තිබෙනවා.”

එමෙන්ම පැලැස්තර දමා වසංගත තත්ත්වය විසඳීමට නොහැකි බව පවසන උන්වහන්සේ රටේ තිබෙන දෙයක් විකුණා දමා හෝ ජනතාවට එන්නත් ලබා දී කොවිඩ් වසංගතයෙන් රට බේරාගන්නා ලෙසට රාජ්‍ය නායකයන්ගෙන්, බලවතුන්ගෙන් හා බලධාරීන්ගෙන් ඉල්ලා සිටියා.

පිණ්ඩපාතයේ ගොස් හෝ ජනතාවට එන්නත ලබා දීමට අවශ්‍ය මුදල් සොයා දෙන්නට තමන් වහන්සේ සූදානම් බවයි උන්වහන්සේ පවසන්නේ.

මෙම ව්‍යසනය ඉක්මනින් තුරන් කිරීමට නම් සති දෙකක් තුනක්වත් රට වසා දැමිය යුතු බව අවධාරණය කරන උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේ, එන පොට හොඳ නැති බවට වෛද්‍යවරු අනතුරු අඟවද්දීත් රට සම්පූර්ණයෙන්ම වසාදමන්නැයි ජනතාව ඉල්ලා සිටිද්දීත් වගකිවයුත්තන් තවමත් එළැඹගත් මතයේ සිට ක්‍රියාත්මක වනවා මිස වසංගත රෝගය ඉක්මනින් තුරන් කර ශ්‍රී  ලංකාවාසී ජනතාවට සුවසෙතක් සලසන බවක් මේ යන ඉඹි ගමන තුළින් නොපෙනෙන බවයි.

ජනතාවගේ ඉල්ලීමට ඇහුම්කන් දෙන්නැයි ජනාධිපතිරයාගෙන් ඉල්ලා සිටින බවත් එසේ නොවුණහොත් රට විශාලා මහනුවරක් බවට පත්වනු ඇති බවත් ආනන්ද හිමියන් පවසනවා.

“දැන් ඇමැතිවරු වැඩි වී තිබෙනවා. මේ කාර්යයට ඇමැතිවරු තුන් දෙනෙක් ඉන්නවා. තුන්දෙනා කරන දේ තුන්දෙනා දන්නේ නැහැ. මාධ්‍යවේදීන්ටත් කොරෝනා එන්නත ඉක්මනින් ලබා දිය යුතුයි. මාධ්‍යවේදීන් ආරක්ෂා කර ගැනීමටත් තවම වැඩපිළිවෙළක් නැහැ. ඔවුන් රට පුරාම යනවා.”

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පෙන්වා දුන්නේ එන්නතක් හෝ නිසි පරිදි ලබා දීමට නොහැකි සෞඛ්‍ය ක්ෂේත්‍රයක් මේවන විට නිර්මාණය වී ඇති බව යි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එළදෙන බේරගන්න ගිය ලොරි රථය කාර් රථයක වැදී බිහිසුණු අනතුරක් - එළදෙන එතනම එළොව ගිහින්
03:39
Video thumbnail
Pop Culture Festival වෙනුවෙන් ලෝක ප්‍රසිද්ධ Alan Walker දිවයිනට ආපු හැටි
00:24
Video thumbnail
'නවෝදයාපුරම්' නිවාස ව්‍යාපෘතිය ජනපති සුරතින් ජනතා අයිතියට"ලස්සන ජීවිතයක් දුන්නට අනුර මාමාට ස්තූතියි"
02:10
Video thumbnail
ඉතිහාසයේ බිහිවෙච්ච පහත්ම ආණ්ඩුව මේක - තව ටික කාලයයි උඹලට බලය තියෙන්නේ
05:44
Video thumbnail
රුමේෂ් තරංගගේ දිණුමත් සමඟ පවුලේ අය සතුට සමරපු හැටි - දක්ෂතාව මීටර 92.07ක්
02:26
Video thumbnail
කොච්චර තෙරපුනත් 2029යේ ජනපති වෙන්න බෑ - නයි, මුගටි එක කොටේට නගිනවා වගේ විපක්ෂය එකතුවෙලා
06:29
Video thumbnail
කවදාවත් ධනය, බලය තියෙන අයට නීතිය ක්‍රියාත්මක වුණේ නෑ..සාක්ෂි යට ගහලා, තිබුණේ
06:28
Video thumbnail
වැව්වල ජීවිතය අයදිමින් සිටි මත්ස්‍යයන් වෙනත් ස්ථානවලට මුදා හරියි
00:46
Video thumbnail
වැව්වල ජීවිතය අයදිමින් සිටි මත්ස්‍යයන් වෙනත් ස්ථානවලට මුදා හරියි
00:54
Video thumbnail
රෝගීන් 75000කගේ ජීවිත අනතුරේ - ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්
12:58