”මල්ලව පොර දිනුවා.. මං පැරදුණා” – ලෝක ශූරී විනේෂ් ෆෝගාට් දැඩි කලකිරීමෙන් ක්‍රීඩාවට සමුදෙයි

මෙවර ඔලිම්පික් තරගාවලියේ දී බොහෝ දෙනාගේ අවධානයට යොමු වූ ඉන්දීය මල්ලව පොර ශූරී විනේෂ් ෆෝගාට් සිය ක්‍රීඩා දිවියෙන් විශ්‍රාම යන බවට අද නිල වශයෙන් නිවේදනය කළා.

ඊයේ දිනයේ දී පැරිස් ඔලිම්පික් තරගයේ කාන්තා මල්ලවපොර තරග ඉසව්වෙන් රන් පදක්කම අහිමි වීමේ සිදුවීමත් සමගින් ඇය මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

පසුගියදා ලොවක් බලා සිටියේ මෙවර ප්‍රංශයේ පැරිස් නුවර දී පැවැත්වෙන ඔලිම්පික් තරගාවලියේ දී ඉන්දියාව කුමන අවස්ථාවක දී හෝ රන් පදක්කමක් දිනා ගනු ඇති බවටයි.

එම රන් පදක්කම ගැන දැඩි බලාපොරොත්තුවක් ඉන්දීය මල්ලව පොර ක්‍රීඩිකා විනේෂ් ෆෝගාට් කෙරෙහි යොමු ව තිබෙන අයුරු ද දක්නට ලැබුණා.

නමුත් ඊයේ දිනයේ දී ඇය කාන්තා මල්ලපොර අවසන් තරගයට තරග වැදීමට පැමිණිය ද; ඊට ඇයට අවස්ථාවක් හිමිවන්නේ නැහැ.

එහිදී ඇයට රන් පදක්කමට හිමිකම් කීමට අවස්ථාවක් ලබා ගැනීමට කදිම අවස්ථාවක් තිබියදී ම එම සිහිනය වෙනස් වන්නට ගත වූයේ මිනිත්තු කිහිපයක් පමණයි.

ඒ ඔලිම්පික් තරග නීතිරීති අනුව කිලෝග්‍රෑම් 50 බර පන්තිය යටතේ මල්ලවපොර ක්‍රීඩිකාවක් සිය ශරීර යෝග්‍යතාව සහ බර මට්ටම රඳවා ගත යුතු නිල මට්ටමෙන් ඔබ්බට විග්නේෂ්ගේ බර සටහන් ව පැවතීම හේතුවෙන්.

ෆෝගාට්ගේ ශරීරයේ බර අවසන් තරගය වන විට ග්‍රෑම් 100කින් ඉහළ ගොස් තිබුණා.

ඒ සමගින් ඔලිම්පික් විනිසුරු මඩුල්ල තීරණය කළේ ෆෝගාට් තරගාවලියට තරග වැදීමට නුසුදුසු ක්‍රීඩිකාවක් බවට තීරණය කිරීමටයි.

මෙම ඔලිම්පික් විනිසුරු මඩුල්ලේ තීරණය සමගින් ඉන්දීය මල්ලවපොර ශූරී විනේෂ් ෆෝගාට් මෙවර ඔලිම්පික් තරගාවලියෙන් ඉවතට විසිවුණා.

ඇයට දිනන්නට තිබූ රන් පදක්කම හිමි වූයේ අමෙරිකාවේ සාරා හිල්ඩෙබ්‍රෑන්ඩ් හටයි.

මෙම සිදුවීමෙන් දැඩි ලෙස කම්පනයට පත් ව සිටින ඉන්දීය ක්‍රීඩිකා විනේෂ් ෆෝගාට් හට ඊයේ දිනයේ දී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ද විශේෂ පණිවිඩයක් X සටහනක් තබමින් කියා සිටියා.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ; විනේෂ් යනු ශූරියන් අතර ශූරියක් බවත්; මෙම පරාජය තමන්ට ද දැනෙන අතර, ඉන් නොනැවතී ඉදිරියට යාමට ශක්තිමත් වීම අවශ්‍ය බවයි.

එමෙන්ම තමන් ඇතුළු සමස්ත ඉන්දියාවට මහත් අභිමානයක් ගෙනා ක්‍රීඩිකාවක් වීම හේතුවෙන් ඉදිරියේ දී ඉන්දියාව ම ඇය වෙනුවෙන් සිටගන්නා බවට ද මෝදි සිය X සටහනේ වැඩිදුරටත් කියා සිටියා.

විනේෂ් ෆෝගාට් යනු දෙවරක් ම මල්ලව පොර ක්‍රීඩාවෙන් ලෝක ශූරියක් වූ ක්‍රීඩිකාවක්.

කෙසේවෙතත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ මෙවර ඔලිම්පික් තරගාවලියේ දී ඇයට සිදු වූ සිදුවීම හේතුවෙන් කලකිරීමට පත් ව සිටින විනේෂ් ෆෝගාට් නිල වශයෙන් සිය ක්‍රීඩා ජීවිතයෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර ඇති බවට නිල නිවේදනයක් නිකුත් කර ඇති බවයි.

විනේෂ් ෆෝගාට් සිය සමුගැනීම සටහන් කරමින් සිය X ගිණුමේ මෙලෙස සටහන් කර තිබුණා.

” මල්ලව පොර දිනුවා … මම පැරදුණා.. ඔබේ සිහින සේ ම මගේ ධෛර්‍යය ද සුන් වී ඇත. එබැවින් මට දැන් තවදුරටත් ශක්තියක් නැත.. 2001 – 2024 මල්ලවපොර ආයුබෝවන් !. මට සමාවෙන්න.. මම ඔබට සදා ණයගැතියි..” යනුවෙන්.

(“Wrestling won match against me, I lost… Your dreams and my courage are shattered. I don’t have any more strength now. Goodbye Wrestling 2001-2024. I will forever be indebted to all of you. Sorry”.)

මේ අතර මේ වනවිට ඔලිම්පික් පදක්කම් සටහනේ තම රන් පදක්කම් ආධිපත්‍යය තවදුරටත් ඉහළ නංවමින් පදක්කම් සටහනේ මුල රැඳෙන්නට ප්‍රබල අමෙරිකාව සමත් ව සිටිනවා.

ඔවුන් රන්, රිදී සහ ලෝකඩ පදක්කම් 94ක් දිනා ඇති අතර ඊට රන් පදක්කම් 27ක් ඇතුළත්.

චීනය දෙවැනි ස්ථානයට පත් ව ඇත්තේ රන් පදක්කම් 25ක් සමගින්.

රන් පදක්කම් 18ක් දිනූ ඔස්ට්‍රෙලියාව පදක්කම් සටහනේ තෙවැනි තැන පසුවනවා.

Screenshot 2024 08 08 152439


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21