මරා දැමූ තරුණියගේ සොහොයුරා රටෙන්ම ඉල්ලීමක් කරයි

දුව හෝ භාර්යාව අතුරුදන්ව ඇති බවට දුරකථන ඇමැතුම් 200කට වැඩි ප්‍රමාණයක් පොලිසියට ලැබී තිබීමෙන් මේ රට තුළ තවමත් එළිනොවූ අපරාධ විශාල ප්‍රමාණයක් සිදුව ඇති බව පැහැදිලිව පෙනෙන්නේ යැයි ඝාතනයට ලක්වූ කුරුවිට තරුණියගේ සහෝදරයා වන ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රි ප්‍රභාත් ජයසුන්දර මහතා පවසයි. ඔවුන් ජීවතුන් අතර සිටීද යන්න ඉක්මනින් සෙවිය යුතු බවයි ඔහු පවසන්නේ . ඉක්මනින් ක්‍රියාමාර්ග නොගත්තොත් මෙවැනි අවාසනාවන්ත සිදුවීම් රැසක් වාර්තා වනු ඇති බවයි ඔහු සඳහන් කර ඇත්තේ.

“මේ මරණයෙන් පස්සේ තම දුව හෝ භාර්යාව අතුරුදන්ව ඇති බවට දුරකථන ඇමැතුම් 200කට වැඩි ප්‍රමාණයක් පොලිසියට ලැබී තිබීමෙන්ම පෙනෙනවා මේ රට තුළ තවමත් එළිනොවූ අපරාධ විශාල ප්‍රමාණයක් සිදුව ඇති බව. ඒක විශාල ප්‍රශ්නයක්. මේ අතුරුදන්ව සිටින්නේ අපේම රටේම මගේ නැඟණිය වගේම කාන්තාවන්. ඒ නිසා මේ අයටත් මොකද වුණේ ජීවතුන් අතර ඉන්නවාද කියා ඉක්මනින් සෙවිය යුතුයි. නැත්නම් ඉදිරියේදීත් මෙවැනි අවාසනාවන්ත සිදුවීම්වලට මෙය රුකුලක් වෙනවා. මම හැම කෙනකුගෙන්ම ඉල්ලා සිටිනවා තමාගේ දුව ගැන භාර්යාව ගැන වැඩි අවධානයකින් සිටින ලෙස. මම නැඟණිය ගැන දැඩි විශ්වාසයක් තැබූ නිසාත්, මම ඇය ගැන ලොකු අවධානයක් යොමු නොකිරීම නිසාත් මේ සිදුවීමට පහසුවක් වුණු බව මම දැන් විශ්වාස කරනවා. දැන් මම ප්‍රමාද වැඩි බව මටම තේරෙනවා” යැයිද ඔහු සඳහන් කර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විශ්‍රාම කාලය වැඩි කරන්න ඇයි මේ හදිස්සිය - අපිට මේක සැකයි - යටි අරමුණක් නිසාද?
13:27
Video thumbnail
මුළු නුවරඑළියම මීදුමෙන් වැසී යයි
00:58
Video thumbnail
මම ඊළඟ පාරේ ආණ්ඩු පැත්තේ වාඩිවෙනවා
02:25
Video thumbnail
නුවරඑළිය ග්‍රෙගරි වැවේ බෝට්ටු පැදීම තහනම් කරයි
00:44
Video thumbnail
නාය ගිය තැන බලන්න ආණ්ඩුවේ ප්‍රබලයෙක් දුවගෙන එයි
02:11
Video thumbnail
ලාල්කාන්ත මට කතා කරලා කිව්වා නිශ්ශබ්දව ඉන්න කියලා - මං කිව්වා මට නිශ්ශබ්දව ඉන්න බෑ කියලා
05:20
Video thumbnail
පස් කන්දකට යට වී අතුරුදන්ව සිටි සිව් දෙනාගේම සිරුර සොයා ගැනේ
00:30
Video thumbnail
පොලිස්පති ගැන කළ ප්‍රකාශයට සාගරට වැඩ වරදියිද ?මහමඟ ඝා#නය කිරීම ගැන ඉඟියක් දෙන්නේ ?
02:36
Video thumbnail
නීතිඥ සංගමයේ සභාපතිට කැබිනට් මාධ්‍ය හමුවෙදි දුන් පිළිතුර - දන්නේ නෑ කියන්න බෑ - එයාලා සාකච්ඡා කරපුවා
13:13
Video thumbnail
ඒකාධිපති පාලනයකට රට ගෙනියන්න හදන්නේ
07:18