මර්වින් හා ප්‍රසන්න තවදුරටත් හිරේටම නියම වෙති

හිටපු අමාත්‍යවරුන් වන මර්වින් සිල්වා සහ ප්‍රසන්න රණවීර තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහර මහෙස්ත්‍රාත් කංචනා නිරංජලා ද සිල්වා මහත්මිය නියෝග කළා.

දින 61ක් විවෘත වරෙන්තු ද සහිතව සැඟව සිට අධිකරණයට භාරවීමෙන් අනතුරුව හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ලබන 26 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහර මහෙස්ත්‍රාත් කංචනා නිරංජලා ද සිල්වා මහත්මිය අද (19) නියෝග කෙරුණා.

කිරිබත්ගොඩ පිහිටි රජයේ ඉඩමක් ව්‍යාජ ලිපිලේඛන සකසා අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණය මඟහැර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පසුගිය (07) වැනිදා පෙරවරුවේ මහර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත භාරවුණා.

ඒ ඔහු අධිකරණය මඟහැරීම හේතුවෙන් අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තු නිකුත් කර තිබු පසුබිමකයි.

අධිකරණය වෙත භාර වු හිටපු අමාත්‍යවරයා ලබන 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගත කරන ලෙස මහර ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය නියෝග කළා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ද තවදුරටත් ලබන 26 වැනිදා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ද මහෙස්ත්‍රාත්වරිය නියෝග කළා.

මේ වන විට මාස දෙකකට අධික කාලයක් මර්වින් සිල්වා ඇතුළු පස් දෙනකු රක්ෂිත බන්ධනාගාරගතව සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15