මරදානේ දී දුම්රියක් පීලි පනී (ඡායාරූප)

මරදාන දුම්රිය ස්ථානයේදී දුම්රියක් අද (25) උදෑසන පීලි පැනීමකට ලක්ව තිබෙනවා.

ඉන්ධන ප්‍රවාහන දුම්රියක් මෙලෙස පීලි පැනීමකට ලක්ව ඇති බවයි වාර්තා වුණේ.

මේ හේතුවෙන් දුම්රිය වේදිකාවට ද දැඩි හානි සිදුව තිබෙනවා.