මරණ දඬුවම පැමිණවීමට ගෑස් කුටියක් ඉදිකරයි

ඇමරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තය මරණ දඬුවම පැමිණවීම සඳහා ගෑස් කුටියක් ඉදිකිරීම ගැන යුදෙව් ජනතාව දැඩි විරෝධය පා තිබෙනවා.

මෙම ක්‍රියාදාමය හිට්ලර් විසින් යුදෙව්වන් ඝාතනයට ගෑස් කුටි භාවිතා කිරීම සිහිපත් කරන නිසා මෙම ක්‍රියාදාමය අත්හිටුවන ලෙස ඔවුහු ප්‍රාන්ත රජයෙන් ඉල්ලා ඇති බවත් විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.