මරණ දඬුවමට එරෙහිව හිටපු පොලිස්පති පූජිත්ගෙන් අභියාචනයක් (වීඩියෝ)

කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් තමාට පැනවූ මරණ දඬුවමට එරෙහිව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර විසින් අභියාචනයක් ඉදිරිපත් කරන බව ඔහුගේ නීතිඥයින් පවසනවා.

පූජිත් ජයසුන්දර මේ වනවිට රඳවා සිටින වැලිකඩ බන්ධනාගාරයට ඔහු වෙනුවෙන් පෙනී සිටින නීතිඥ රොෂාන් දෙහිවල
අද (01) දිනයේ පැමිණි අවස්ථාවේ දී මේ බව සඳහන් කර සිටියා.

ඒ, අනුව එළඹෙන සතිය තුළ දී මෙම අභියාචනාව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවන බවයි ඔහු පැවසුවේ.

නීතිඥවරයා එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ මරණ දඬුවම හිමි වූ හිටපු පූජිත් ජයසුන්දරට දින 28ක කාලයක් ඇපෑලක් අයදුම් කිරීමට අවස්ථාව පවතින බවයි.

මේ අතර පූජිත් ජයසුන්දරගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් ද මාධ්‍යවේදීන් මෙහිදී ප්‍රශ්නකර සිටියා.

එහිදී නීතිඥවරයා පැවසුවේ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මේ වනවිට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37