මෙරට කුමන හෝ අධිකරණයකින් විත්තිකරුවන්ට නියම කරනු ලබන මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සඳහා අත්සන් නොතැබීමට වත්මන් ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි නීතිපති වරයා අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.
මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටින විත්තිකරුවන් හතර දෙනෙකුට පණවා තිබෙන මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සඳහා අත්සන් කිරීමට 2019 වසරේ දී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීරණය අභියෝගයට ලක් කරමින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් අද කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා මෙම දැනුම්දීම සිදුකළා.
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ අදාළ ක්‍රියාව අභියෝගයට ලක්කරමින් දැනට මරණීය දණ්ඩනය නියම වී සිටින සිරකරුවන්, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, ඇතුළු පාර්ශව කිහිපයක් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් අද කැඳවූ අවස්ථාවේ දී මෙම දැනුම් දීම සිදු කෙරුණා.
විජිත් මළල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු, එස්, තුරෙයිරාජා, ගාමිණි අමරසේකර සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් කැඳවනු ලැබුවා.
එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ශ්‍රී ලංකාවේ කුමන හෝ අධිකරණයකින් නියම කරනු ලබන මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සඳහා අත්සන් නොතැබීමට වත්මන් ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි දැනුම් දුන්නා.
මේ බව දැනුම් දෙමින් ජනාධිපති ලේකම්වරයා විසින් නීතිපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබෙන බවත් ඔහු පැවසුවා.
මෙහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි සාලිය පීරිස් සහ සංජීව ජයවර්ධන යන ජනාධිපති නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් වත්මන් ජනාධිපතිවරයා මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සඳහා අත්සන් නොතබන බවට තීරණය කර තිබුණ ද අනාගතයේ දී පත් වන ජනාධිපතිවරු මෙම තීරණය අනුව කටයුතු කරනු ඇතැයි අනුමාන කළ නොහැකි බැවින් මෙම පෙත්සම් සම්බන්ධයෙන් තීන්දුවක් අපේක්ෂා කරන බව දන්වා සිටියා.
මෙහිදී සභාපති විනිසුරු විජිත් මළල්ගොඩ මහතා අධිකරණය හමුවේ දැනුම් දුන්නේ මෙම සිද්ධියේදී මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සඳහා විත්තිකරුවන් තෝරා ගැනීමේ ක්‍රියා පටිපාටිය පමණක් තම අධිකරණය හමුවේ ප්‍රශ්න කිරීමට හැකියාව පවතින බවයි.
ඉන් පරිබාහිරව පවතින කාරණා පිළිබඳව මැදිහත්වීමට අධිකරණයට හැකියාවක් නොමැති බව පෙන්වා දුන් විනිසුරුවරයා මෙම පෙත්සම් වල සඳහන් වන ආකාරයේ තත්ත්වයන් ඉදිරි අනාගතයේ දී ඇති නොවීමට විධායකය වගබලා ගත යුතු බවත් සඳහන් කළා.
ඒ අනුව ජනාධිපතිවරයා විසින් මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරිම සඳහා අත්සන් නොතබන බවට නීතිපතිවරයා විසින් ලබා දුන් ප්‍රතිඥාව සටහන් කරගත් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම පෙත්සම් විභාගය අවසන් කිරීමට ද තීරණය කළා.
2019 වසරේ ජූනි මස 26 වනදා ප්‍රකාශයක් සිදු කළ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි විත්තිකරුවන් හතරදෙනෙකුගේ දඬුවම් ක්‍රියාත්මක කිරීම සඳහා අත්සන් කරන බව ප්‍රකාශ කර තිබුණේ යැයි අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම් වල සඳහන් කර තිබේ.
එම දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් විත්තිකරුවන් තෝරා ගත් ආකාරය පිළිගත් පටිපාටියට පටහැනි බවත් මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම ශ්‍රී ලංකා රාජ්‍යයේ ප්‍රතිපත්තිය නොවන හෙයින් ඔහුගේ තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලමින් අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබුණා.














MARANNA PULUWAN. EKA KISIMA NEETHIYAK GANAN GANNE NAHE. MARENNA BAHE. ETHAKOTA NEETHIYA HONDHAAAYI WELA EKE PIHITA PATHALA THARKA DALA NOMAREE INNA BALANAWA. MEKEDHI WINDHITHAYAGE SAHA PAWULE AYATA NEDHA ASADHARANAYA WENNE. EKAYI NEETHIYA ATHATA ARAGENA EYALAMA DANDUWAM DENNE. MARANA EKA DANNAWA MARALA BERENNA PULUWAN KIYALA, MARUNA EKAGE UN DANNAWA NEETHIYA WEDAK NAHE, SADHARANAYAK WENNE NAHE, EYI NISA MARAPU EKAWA APIMA MARANA EKA HINDHAYI KIYALA.