මරණය අත තියාගෙන කොවිඩ් වාට්ටුවක ප්‍රතිකාර ලබන තරුණයෙකු ලියූ, ඇඟ කිළිපොලා යන කතාව මෙන්න

විකෘති වූ නව කොරෝනා වෛරසය වැළඳී මේ වන විට රජයේ රෝහලක ප්‍රතිකාර ලබන සහෝදරයෙකු විසින් යොමු කල වට්ස්ඇප් පණිවිඩ කිහිපයක විස්තර…… අසනීපව ප්‍රතිකාර ලබන සොයුරාගේ අභිප්‍රාය වූයේ තමා විඳින කටුක අත්දැකීම අනෙක් අය වෙත බෙදාහැරීමටයි.

ඒ තුලින් මම, ඔබ හා අපගේ ආදරණීයන් තව තවත් ආරක්ෂා වෙතැයි අපේක්ෂාවෙන් ඔහු මෙම ඔහුගේ පණිවිඩය තවත් අය වෙත බෙදාහරින මෙන් කරන ලද ඉල්ලීම අනුව මෙය පල කරමි.

ඉතිං අපි තව තවත් පරිස්සම් වෙමු….!

Chinese virus එක අනිත් එක තරමටම අමාරුවක් නෑ. ඒත් බයානක නැතුව නෙමේ. මුලින් උණ වගේ ගැනිලා කොන්ද පොඩ්ඩක් රිදෙනවා. දවස් 2 කින් වගෙ සමහරවිට හොද වෙනවා. මම ඒකේ විස්තර කලින් මැසේජ් එකකින් කිව්වා. ඒකත් දරුණු නැත්තෙම නෑ. ඒත් ඒකත් කොරෝනාම තමා. පැතිරෙනවා……
UK corona virus එක තමයි ගොඩක්ම දරුණු. ඒක හැදුනහම හුස්ම ගන්න අමාරු වෙනවා, ලූස් මෝශන් වෙනවා, පපුව කැක්කුම එනවා, හුස්ම ගන්න අමාරුම වෙනවා දරුණුම උනහම. ඒක නිසා ඒ අයට ඔක්සිජන් දෙන්න ඕනි. මේක තදබලව පැතිරෙනවා……
කොරෝනා හැදුන කිව්වහම මේ ජාතියේ virus 2 ම හැදුනු ලෙඩ්ඩු එකම hospital එකකට දානවා. කිසිම බෙදිල්ලක් නෑ. ඒක තව පැතිරෙනවාද කියන්නනම් මම දන්නෙ නෑ. ඒ මදිවට මේ hospital වල මැස්සෝ සෑහෙන්න. උන්ගෙනුත් තව බෝ වෙනවද කියන්න තාම හිතන්න අමාරුයි. හතරවටේ වහනවා….
තියෙන ඇදන් හිස් උනහම chinese virus එක හැදුනු කෙනෙක් දායිද කියලා කාටවත්ම කියන්න බෑ. එන පිලිවෙලට තමා දාන්නෙ. ඩොක්‍ටස්ලා නර්ස්ලා ලගටවත් එන්නේ නෑ. ඒකෙ නම් මම වරදක් කියන්නෙ නෑ. මොකද ඒ අය අසනීප නොවී මේ කෙරෙන කාර්යය කරගෙන යන එක තමයි වැදගත්ම දේ…….
කාට හරි අමාරු උනහම අමාරු අඩු කෙනෙක් තමා එයා ලගට ගිහින් මොනවද තියෙන අමාරු කියලා අහන්න ඕනි. ඊටපස්සෙ ගොඩක්ම අමාරුනම් ඩොක්ටර්ට call කරල කියන්න ඕනි. ඊට පස්සෙ ඒකට ඩොක්‍ටර්ස්ලා මොනවා කරනවද කියන්න නම් මම දන්නෙ නෑ…….
කොරෝනා හැදුනු අය විතරක් නෙමේ හැමෝම උනත් එක දිගටම උණු වතුරම බොන එක මාර වැදගත්. ඒ වගේම උණු වතුර වාශ්ප අල්ල එකත්. පැය 24 ම මාස්ක් එක දාගෙන ඉන්නේ. කෑම කන වෙලාවට, වතුර බොන වෙලාවට විතරයි මාස්ක් එක ගලවන්නේ. මම නම් නිදා ගන්නෙත් මාස්ක් එක දාගෙන. උදේ 06 ටයි හවස 02 ටයි අපේ ප්‍රෙෂර් චෙක් කරනවා. ප්‍රෙෂර් ලෙවල් එක බලලා කෝඩිනේටර් (කොරෝනා හැදිලා දවස් 05 කට වැඩිය Hospital එකේම බෙහෙත් ගන්න කෙනෙක්) ඩොක්ටර්ට අපේ විස්තර දෙනවා. ⁣එක එක්කෙනාට තියෙන හෙම්බිරිස්සාව, ඇගපත වේදනාව, ඔලුවේ කැක්කුම අනුව බෙහෙත් දෙනවා.
පෙරේදා මගේ ඇදේ එහා පැත්තේ වයස අවු 40 ක වගෙ කෙනෙක්ට රෑ 01ට වගේ හුස්ම ගන්න අමාරු උනා. හැමෝම හොදටම නිදි. මට වෙලාවට ඇහැරුනා එයා හුස්ම ගත්තේත් ගොඩක් අමාරුවෙන්. එයාට නැගිටගන්නවත් පන නෑ වගේ. ඊට පස්සේ එයාව ඇදෙන් වාඩි කරෝලා උණුවතුර බොන්න දුන්නා. ටික වෙලාවකින් දෙයියන්ගෙ පිහිටෙන් පොර Normal තත්වෙට ආවා. එයා මගේ මූණ දිහා බලාගෙන කිව්වේ “මල්ලී මට හිතුනේ මම මැරෙයි තමා” කියලයි. “පවුලේ උන්වත් මතක් උනා” කියලයි. වාට්ටු පුරාම ඇහෙන්නේ කහින සද්දේ තමයි. බිත්තියක් අල්ලන්න බයයි, ටොයිලට් යන්න බයයි, දොරක්, ඇදක් අල්ලන්න බයයි. කෝප්ප, පිඟන් උණු වතුරෙන් පිරිසිදු කරගන්නවා හැම තිස්සෙම. ඉතින් ඔහොමයි මෙහෙ තත්වේ. හිතන තරම් මේ ලෙඩේ සුන්දර නෑ…….
අපේ අම්මා call කරන හැම වෙලාවෙම කියන්නෙ, “ඇදෙන්වත් බහින්න එපා….
වැඩිය මොකුත් අල්ලන්න එපා” කියලා. මම ඉතින් “හා අම්මේ” කියලා කියනවා.
ඒත් මෙහෙ ඇත්ත තත්වෙ එයාලට කියන්න බෑ. මගේ මේ හිතේ තියෙන දේවල් මේ group එකේ හරි දාලා මගේ ප්‍රෙෂර් එක අඩු කරගන්නවා……

ඔයාලට කොරෝනා හැදිලා නෑ ඔයාලට කොරොනා හැදෙන්න දෙන්නෙ නැති විදිහට මෙහෙම හරි විස්තරයක් කියල ඔයාලව පරිස්සම් කරන්න chance එකක් හම්බෙලා තියෙනවා. ඒක නිසා මම මට හිතෙන දැනෙන එක Message එකක් විදිහට දානවා. පෙරේදා Bus 6 යි. ඊයේ Bus 5 යි. ඔක්කොම පූනානි යැව්වා.
මේ තාම අහු වෙන්නේ අලුත් අවුරුද්දට එලියට ගියපු අය. තාම ඒ අයගේ ආශ්‍රිතයෝ හම්බ වෙන්න පටන් අරන් නැහැ. ඒ අයත් ඉස්සරහා සති වලදි PCR වලින් අඳුන ගනීවි.
හැමෝම පරිස්සමට ඉන්න. කොරෝනා නම් හදාගන්න එපා. මේක මහ අපායක් වගේ. කොරෝනා හදාගෙන එන්න හිතන්නවත් එපා…..!

ස්තූතියි සහෝදරයා….!

– Milinda Shanaka Soysa

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි හිරේ යන්න බය නෑ..රස්තියාදුකාරයෝ අපිට වැඩක් නෑ..පොළොන්නරුවේ ටී.බී. සරත්ට සැරටම දෙසයි
06:04
Video thumbnail
රනිල් - සජිත් එකතුවීම ගැන අහද්දි රාජිත කුපිත වෙයි..තනි නායකයෙකුට ඕනි විදියට වැඩ වෙන්නේ නෑ
06:30
Video thumbnail
මේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි හොල්ලන්න හිතන්නවත් දෙන්නේ නෑ..විපක්ෂයට පෙරළන්නද අපි ආණ්ඩු හැදුවේ
05:46
Video thumbnail
ජනපති රැළියේ කිව්ව කතාවට රාජිතට යකා නගියි..මේවට තමයි Banana Republics කියන්නේ
09:44
Video thumbnail
යුවළකට සත්තම දාපු ඇල්දෙනියේ හෙල්මට් දෝණි
00:46
Video thumbnail
දිලිත් ඇවිත් මැයි රැළිය ගැන ගැම්මට කිව්ව කතාව..අපි පැය 24ක කාලයකදී මැයි රැළිය සංවිධානය කළේ..
02:32
Video thumbnail
මේ බස් දෙක රේස් ආවා..කැලේට ඇල්ලුවේ නැත්තම් මගේ දරු පැටව් දෙන්නා නෑ
01:31
Video thumbnail
ගෑස් නිධි අපේ සයුරු සම්පතේ තියෙද්දි ඇයි රට ශක්තිමත් නොකරන්නේ..විරුද්ධ වෙන කට්ටියක් ඉන්නවා
06:28
Video thumbnail
විමල්ගෙන් රංග ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්..දෙන්න තියෙන උපරිම මානසික පීඩනයක් දීලා..?
05:23
Video thumbnail
කුලී රථයක ඇවිත් යුවළකට සත්තම දාපු ඇල්දෙනියේ හෙල්මට් දෝණි..කොහොමද හපන්කම්
01:09