මරණයෙන් යළි අවදි වූ පූනම් පාණ්ඩේට වැඩ වරදින ලකුණු

ව්‍යාජ මරණයක් පිළිබඳව ප්‍රචාරය කිරීමට එරෙහිව බොලිවුඩ් නිළියක සහ නිරූපිකාවක්වන පූනම් පාණ්ඩේට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස බොහෝ පිරිසක් ඉල්ලා සිටිනවා.

ඒ, අනුව මහාරාෂ්ට්‍ර නීති සම්පාදකයින් මුම්බායි පොලිසියෙන් ඉල්ලා ඇත්තේ ඇයට එරෙහිව වහාම නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි.

තමන්ව ප්‍රවර්ධනය කරගැනීම සඳහා එවැනි ප්‍රයෝගවලට යොමුවන අයට, ඇයව ආදර්ශයක් කරගැනීම වැලැක්වීම වෙනුවෙන්
පූනම් පාණ්ඩේට එරෙහිව නඩුවක් ලියාපදිංචි කළ යුතු බවයි මහාරාෂ්ට්‍ර ව්‍යවස්ථාදායක සභාවේ මන්ත්‍රීවරුන් පවසන්නේ.

මේ අතර ඉන්දීය සිනමා සේවක සංගමය ද පූනම් පාණ්ඩේට දොස් පවරමින් ඇයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස පවසා සිටිනවා.

ගැබ්ගෙල පිළිකාවකින් පූනම් පාණ්ඩේ මියගිය බවට පැතිර ගිය පුවත ඉන්දියාවේ මෙන්ම ලොව තවත් රටවල් රැසක ලැව් ගින්නක් මෙන් පැතිර ගියා.

කෙසේ වෙතත් එම පුවත පැතිරගොස් පැය 24ක් යාමටත් පෙර ඊයේ (03) දිනයේ සමාජ මාධ්‍යයේ ප්‍රසිද්ධියේ පෙනී සිටිමින් පූනම් පාණ්ඩේ පැවැසුවේ තමන් තවමත් ජීවතුන් අතර සිටින බවයි.

එම ව්‍යාජ ප්‍රවෘත්ති ප්‍රකාශයට පත් කරනු ලැබුවේ ගැබ්ගෙල පිළිකාව සම්බන්ධයෙන් සමාජයේ අවදානයක් සහ දැනුවත්භාවය ඇති කිරීම වෙනුවෙන් බවයි 32 හැවිරිදි පූනම් පාණ්ඩේ එහිදී ප්‍රකාශ කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක් - ගතවූ කාලයේ මිලිමීටර 200ක වර්ෂාපතනයක්
09:06
Video thumbnail
මහ ජල ගඟෙන් වැහුණ වාද්දුව නගරය - වෙළෙඳසැල් කිහිපයක් ජලයෙන් යටවෙයි
01:25
Video thumbnail
රටට සුබයි කිව්වා..මේ වගේ අසුබ කාලයක් තේ ගොවියට ලැබිලා නෑ - ආණ්ඩුවට දැඩි චෝදනාවක්
13:53
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56
Video thumbnail
බොහෝ ස්ථානවලට අදත් ගිගුරුම් සහිත තද වැසි - කැළඹිලි ස්වාභාවය හෙට දිවයිනෙන් ඉවතට
04:25
Video thumbnail
රුමේෂ් තරංග සංවේදී වී කිව්ව දේ - වෙනදා වගේ සතුටින් නෙවෙයි එළියට ආවේ..ඇත්තටම දුකයි
01:58
Video thumbnail
කොටි නැගිටිනවා කිව්ව අයයි අපි කොටි කිව්ව ඔක්කොම එක වේදිකාවේ එකතු වුණා - මන්ත්‍රීගෙන් සැර කතාවක්
04:50
Video thumbnail
හතර වටේ රැස්වීම් තියන්නේ ඡන්දයක් ළඟයිද ? - පැය 24 පුරාම ජනතාව සමඟ දිවා රාත්‍රී අපි මහන්සි වෙනවා
01:44
Video thumbnail
රුමේෂ්ගේ හෙල්ල කිහිපයකටම හානි
01:02