spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මරණයෙන් යළි අවදි වූ පූනම් පාණ්ඩේට වැඩ වරදින ලකුණු

ව්‍යාජ මරණයක් පිළිබඳව ප්‍රචාරය කිරීමට එරෙහිව බොලිවුඩ් නිළියක සහ නිරූපිකාවක්වන පූනම් පාණ්ඩේට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස බොහෝ පිරිසක් ඉල්ලා සිටිනවා.

ඒ, අනුව මහාරාෂ්ට්‍ර නීති සම්පාදකයින් මුම්බායි පොලිසියෙන් ඉල්ලා ඇත්තේ ඇයට එරෙහිව වහාම නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි.

තමන්ව ප්‍රවර්ධනය කරගැනීම සඳහා එවැනි ප්‍රයෝගවලට යොමුවන අයට, ඇයව ආදර්ශයක් කරගැනීම වැලැක්වීම වෙනුවෙන්
පූනම් පාණ්ඩේට එරෙහිව නඩුවක් ලියාපදිංචි කළ යුතු බවයි මහාරාෂ්ට්‍ර ව්‍යවස්ථාදායක සභාවේ මන්ත්‍රීවරුන් පවසන්නේ.

මේ අතර ඉන්දීය සිනමා සේවක සංගමය ද පූනම් පාණ්ඩේට දොස් පවරමින් ඇයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස පවසා සිටිනවා.

ගැබ්ගෙල පිළිකාවකින් පූනම් පාණ්ඩේ මියගිය බවට පැතිර ගිය පුවත ඉන්දියාවේ මෙන්ම ලොව තවත් රටවල් රැසක ලැව් ගින්නක් මෙන් පැතිර ගියා.

කෙසේ වෙතත් එම පුවත පැතිරගොස් පැය 24ක් යාමටත් පෙර ඊයේ (03) දිනයේ සමාජ මාධ්‍යයේ ප්‍රසිද්ධියේ පෙනී සිටිමින් පූනම් පාණ්ඩේ පැවැසුවේ තමන් තවමත් ජීවතුන් අතර සිටින බවයි.

එම ව්‍යාජ ප්‍රවෘත්ති ප්‍රකාශයට පත් කරනු ලැබුවේ ගැබ්ගෙල පිළිකාව සම්බන්ධයෙන් සමාජයේ අවදානයක් සහ දැනුවත්භාවය ඇති කිරීම වෙනුවෙන් බවයි 32 හැවිරිදි පූනම් පාණ්ඩේ එහිදී ප්‍රකාශ කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
3
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?