මයික් ටයිසන් – ජේක් පෝල් සටනේ ජය ජේක් පෝල්ට (ඡායාරූප)

ලෝකයේම අවදානය දිනාගෙන සිටි සුවිශේෂී බොක්සිං තරගයක් එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තයේ ආර්ලින්ටන් හි අද (16) අලුයම පැවැත් වුණා.

හිටපු හෙවිවේට් ලෝක ශූර මයික් ටයිසන් සහ යූ ටියුබ් තරුවක් සහ බොක්සිං ක්‍රීඩකයෙකු වන ජේක් පෝල් අතර පැවති මෙම තරගය දෙස ලොව පුරා සිටින මිලියන ගණනක් දෙනා ඉතා අවදානයෙන් සිටියා.

මෙම සුවිශේෂී බොක්සිං තරග ජයගැනීමට 58 හැවිරිදි වියේ පසුවන හිටපු හෙවිවේට් ලෝක ශූර මයික් ටයිසන් පරාජය කළ 27 හැවිරිදි ජේක් පෝල්ට හැකියාව ලැබුණා.

හිටපු හෙවිවේට් ශූරයා වසර 19 කට පසු සිය පළමු වෘත්තීය තරගයට මෙලෙස සභාගී වූ අතර, තරග වට අටක් දක්වා ක්‍රියාත්මක වූ මෙම තරගය ඉතා තියුණු මුහුණුවරක් ගත්තා.

ටෙක්සාස් බලපත්‍ර සහ නියාමන දෙපාර්තමේන්තුව විසින් අනුමත කරන ලද මෙම සටන 80,000කට ආසන්න ප්‍රේක්ෂකාගාරයක් ඉදිරියේ මිනිත්තු 02ක තරග වටවලින් ක්‍රියාත්මක වුණා.

තරගකරුවන් දෙදෙනාම හෙවිවේට් සටන් සඳහා සාමාන්‍ය අවුන්ස 10 අත්වැසුම් වෙනුවට අවුන්ස 14 අත්වැසුම් පැළඳ සිටීම ද විශේෂත්යක්.

58 හැවිරිදි ටයිසන් සහ 27 හැවිරිදි පෝල් මෙම තරගය සඳහා එකිනෙකා මුණගැසීමට නියමිතව තිබුණේ පසුගිය ජුලි 20 වැනිදා වන අතර, හදිසි අසනීප තත්ත්වයන් නිසා ටයිසන් වෛද්‍ය ප්‍රතිකාර ලැබීම හේතුවෙන් මෙම තරගය නොවැම්බර් මාසය දක්වා කල් දැමීමට සිදු වුණා.

GettyImages 2184341633 1731735876
GettyImages 2184335200 1731735682
AFP 20241116 36MM439 v2 HighRes TopshotUsBoxingTysonPaulHeavyweight 1731736578
GettyImages 2184335378 1731737134
GettyImages 2184335442 1731734440


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම දේවාලයට අයත් ඉඩමකදී තරුණයෙක් වෙ# තබා ඝා#නය කරලා - එහි පරික්ෂණ සිදුකරන අයුරු
01:18
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු සත්‍යග්‍රහයේ නවතම දර්ශන - සම්බුද්ධ පූජාව පූජා කරයි
03:08
Video thumbnail
නාමල් සුවඳ අරගෙන ගමින් ගමට එනවා - පාපිසි කුණු බක්කියට දාන කාලය හරි..අපි ආණ්ඩුව එක්ක හැප්පෙනවා
06:55
Video thumbnail
තලල්ල වෙරළෙන් සොයාගත් මලුවල අයිස් තිබෙන බවට සැකයක් - වෙරළට දැඩි ආරක්ෂාවක් දමා ඇති අයුරු
01:41
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි..බෙංගාල බොක්කේ සුළි කුණාටු තත්ත්වයක් ?
06:11
Video thumbnail
රට ආරක්ෂා කරනවා කියලා ඇවිත් බෞද්ධ ආගමට ග#නවා - අපිට නඩු දැම්මට අපි බය වෙන්නේ නෑ
04:52
Video thumbnail
මුළු කළුතරම සලිත කරමින් වෙරළ තීරයෙන් හමුවූ නාඳුනන නිසල සිරුර
00:37
Video thumbnail
අනුරාධපුර පූජා නගරයට වෙන්න යන දේ මෙන්න..ප්‍රබල හෙළිදරව්වක් - රුවන්වැලිසෑය නිකම් ස්මාරකයක් කරලා
07:19
Video thumbnail
සත්‍යග්‍රහය නවත්තන්න කාටවත් බලයක් නෑ..බොරු ප්‍රකාශවලට රැවටෙන්න එපා - මෛත්‍රී සැරටම දෙයි
04:23
Video thumbnail
භික්ෂු සත්‍යග්‍රහයට සහය වෙන්න මෛත්‍රී ගුණරත්න එයි - "බය වෙන්න එපා..මේක තනි කරන්නේ නෑ"
04:01