spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මයන්ත මුදල් කාරක සභාවෙන් ඉල්ලා අස්වෙන බවට දන්වයි

පාර්ලිමේන්තුවේ මුදල් පිළිබද කාරක සභාවේ සභාපති ධුරයෙන් ඉවත්වීමට සූදානම් බවට පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක තමන්ට ප්‍රකාශ කළ බව සමගි ජන බලවේගය මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර සඳහන් කරනවා.

අප කළ විමසීමක දී මහලේකම්වරයා සඳහන් කළේ මයන්ත දිසානායක මන්ත්‍රීවරයා තවමත් ලිඛිතව තමන් වෙත ඒ පිළිබඳව දැනුම් නොදුන් බවයි.

ලබන සඳුදා (27) දිනයේ දී මන්ත්‍රීවරයා විසින් ඒ පිළිබඳව ලිඛිතව දැනුම් දෙනු ඇති බවයි මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ඒ, අනුව පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ සභාපති ධුරයට යළිත් වරක්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පත් කිරීමට බලාපොරොත්තුවක් පවතින බවත් මහලේකම්වරයා ප්‍රකාශ කළා.

එම තනතුර වෙනුවෙන් මන්ත්‍රීවරයෙකු පත් කිරීමේ අයිතිය ආණ්ඩු පක්ෂයට නොමැති බව සඳහන් කළ ඔහු පවසා සිටියේ ආණ්ඩු පක්ෂය විසින් මයන්ත දිසානායක මන්ත්‍රීවරයා කිසියම් කුමන්ත්‍රණයකට හසු කිරීමේ අරමුණින් මේ දේ සිදුකළ බවයි.

ආණ්ඩු පක්ෂයේ යෝජනාවක් මත සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක පාර්ලිමේන්තුවේ මුදල් පිළිබද කාරක සභාවේ සභාපති ධුරය සඳහා පසුගිය දා තෝරා පත්කර ගනු ලැබුවා.

කෙසේ වෙතත් විපක්ෂයෙන් ඊට එල්ල වූයේ දැඩි විරෝධයක්.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක සභාපතිත්වයෙන් රජයේ මුදල් පිළිබද කාරක සභාව පසුගිය 23 වනදා පළමුවරට රැස් වුණා.

මීට පෙර රාජ්‍ය මුදල් පිළිබද කාරක සභාවේ සභාපති ලෙස ආචාර්ය හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා කටයුතු කළ අතර, පාර්ලිමේන්තු වාර අවසාන කිරීමත් සමඟ එම තනතුර අහෝසි වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?