මයන්ත මුදල් කාරක සභාවෙන් ඉල්ලා අස්වෙන බවට දන්වයි

පාර්ලිමේන්තුවේ මුදල් පිළිබද කාරක සභාවේ සභාපති ධුරයෙන් ඉවත්වීමට සූදානම් බවට පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක තමන්ට ප්‍රකාශ කළ බව සමගි ජන බලවේගය මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර සඳහන් කරනවා.

අප කළ විමසීමක දී මහලේකම්වරයා සඳහන් කළේ මයන්ත දිසානායක මන්ත්‍රීවරයා තවමත් ලිඛිතව තමන් වෙත ඒ පිළිබඳව දැනුම් නොදුන් බවයි.

ලබන සඳුදා (27) දිනයේ දී මන්ත්‍රීවරයා විසින් ඒ පිළිබඳව ලිඛිතව දැනුම් දෙනු ඇති බවයි මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ඒ, අනුව පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ සභාපති ධුරයට යළිත් වරක්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පත් කිරීමට බලාපොරොත්තුවක් පවතින බවත් මහලේකම්වරයා ප්‍රකාශ කළා.

එම තනතුර වෙනුවෙන් මන්ත්‍රීවරයෙකු පත් කිරීමේ අයිතිය ආණ්ඩු පක්ෂයට නොමැති බව සඳහන් කළ ඔහු පවසා සිටියේ ආණ්ඩු පක්ෂය විසින් මයන්ත දිසානායක මන්ත්‍රීවරයා කිසියම් කුමන්ත්‍රණයකට හසු කිරීමේ අරමුණින් මේ දේ සිදුකළ බවයි.

ආණ්ඩු පක්ෂයේ යෝජනාවක් මත සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක පාර්ලිමේන්තුවේ මුදල් පිළිබද කාරක සභාවේ සභාපති ධුරය සඳහා පසුගිය දා තෝරා පත්කර ගනු ලැබුවා.

කෙසේ වෙතත් විපක්ෂයෙන් ඊට එල්ල වූයේ දැඩි විරෝධයක්.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක සභාපතිත්වයෙන් රජයේ මුදල් පිළිබද කාරක සභාව පසුගිය 23 වනදා පළමුවරට රැස් වුණා.

මීට පෙර රාජ්‍ය මුදල් පිළිබද කාරක සභාවේ සභාපති ලෙස ආචාර්ය හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා කටයුතු කළ අතර, පාර්ලිමේන්තු වාර අවසාන කිරීමත් සමඟ එම තනතුර අහෝසි වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48