නෙලු අධිකාරි බුදු දහම අත්හරී (වීඩියෝ) – මම ළමයි දෙන්නත් දෙවියන්ට බාර දෙනවා !

මේ දවස්වල කළා කරුවන් පිලිබඳ විවිද කතා පැතිරෙනවා, ඉතින් ඔන්න ලංකාවේ ඉන්න ගොඩක් දක්ෂ ගායිකාවක වන නෙලූ අධිකාරි පිළිබඳත් ඒ වගේ කතාවක් පැතිරෙන්න පටන් අරන්. පසු ගිය දවස්වල ලංකාවේ ඉන්න ගොඩක් ජනප්‍රිය වගේම ලංකාවම ආදරේ කරන ගායකයෙක් වන වික්ටර් රත්නායකයන් දෙවියන්ගේ ආශිර්වාදයෙන් තමන්ගේ නැතිවුණ හඬ නැවත ලබාගන්න ගිහින්, ඔහුගේ බිරිඳ සමග දෙවියන්ගේ දේව දුතයා ඉදිරියේ වැඳ වැටෙන වීඩියෝවක් සමාජ ජාලාවල ලැවූ ගින්නක් වගේ පැතිරුනා.

ඒ වගේම බෞද්ධයෙකු වන වික්ටර් තමන්ගේ ආගම වෙනස් කරලා, ඔහුගේ බෞද්ධ පොත් පත් පවා විනාස කරලා තිබුනා, ඉතින් ඒ වගේම අතුල අධිකාරිගේ නැගණියක් වන නෙලූ අධිකාරී සම්බන්දවත් එවැනිම වීඩියෝවක් මේ වනවිට සමාජ ජලා වලට නිකුත් වෙලා.

දැන් ඇය සියලුම දේවල් අතහැරලා දෙවදාසයා නම් පුද්ගලයෙකුගේ කීමට දෙවියන් වහන්සේ ලඟට ගිහිල්ලා. ඒ වගේම නෙලූ අධිකාරීට කාලයක් තිස්සේ තිබුණු රෝගයක් හිසට පහරක් දීලා සුවකරලා, ඒ නෙවෙයි ඇය දෙවියන් වෙනුවෙන් ඇය වේදිකාවට සමුදුන්නා කියලත් සමාජ ජාලාවල පැතිරයන වීඩියෝ පටයේන් ඇය පවසනවා. ඒවගේම කලා ලෝකය අතහැරලා දෙවියන් වහන්සේට යටත් වුනා කියලත් ඇය පවසනවා.

මීට අමතරව ඇයගේ මුළු පවුලම දෙවියන් වහන්සේ වෙනුවෙන් කැපවෙන බවත්, දේවදාසයා විසින් ඇයගේ දරු දෙදෙනා ඉල්ලුවොත් තමන්ගේ දරුවන් දෙදෙනාත් දෙවියන් වහන්සේට බාරදෙන්න ඇය කැමති බව ප්‍රකාශ කරනවා. ඒ විතරක් නෙවෙයි මින් පසු ඇය ගායනා කරන්නේ දෙවියන් වහන්සේ වෙනුවෙන් පමණක් බව ඇය ප්‍රකාශ කරනවා.

https://youtu.be/3iOrr9JXZ10

ඉතින් මේ පිලිබඳ ඔබට හිතෙන්නේ කුමක්ද ? දෙවියන් වහන්සේට මිනිසෙකුගේ බෙල්ල අතගාලා ඔහුගේ නැති වුන හඬ නැවත ලබා දෙන්න පුලුවන්ද..?

  1. සිනි නොකාපු කෙනෙක් ඒ රස දන්නේ නැහැ – යේසුස් වහන්සේ කියන්නේ ධර්මිෂ්ඨ රඡ කෙනෙක් හා පව් කාරයන්ට සමාව දෙන කෙනෙක් එතුමාව පිලිගත් තැතත්තා වාසනා වන්තයි

  2. මෝහයෙන් උපරිමයට ගිය අවස්තාව. මරණයේදි බුදුබණ සිහිපත් වෙිවි.
    වර්ථමාන දේවදත්ත නි්ය‍ායවාදින්ෙග් නියෝජනය මෙන්න. දහසින්බැදි රන්මසු ලැබෙන්නට ඇති.

  3. Since I believe in science, and can’t believe in Adam and Eve story or creation. Just imagine those stone tablets Moses carried carried down hill, they must have been dam heavy. I believe one of the commandments say not to sleep with neighbors wife. God didn’t believe in that rule. He slept Joseph’s wife to have Jesus. My mother came from a Christian family and my father from a Buddhist family. I think I will stick with Buddhist philosophy based on basic Buddhist principles.