spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මම හොයපු මගේ ජීවිතය මට අරුණිගෙන් ලැබුණා

කොරෝනා උවදුර නිසා ගෙවල්වලට කූඩු වී හිඳ නැවත වැඩ ආරම්භ කරමින් සිටින පිරිස අතරට මමද එකතු වුණාඒ වාගේම අලුත් ටෙලිනාට්‍ය කිහිපයකට ගිවිසුම් අස්සන් කරන්නට තිබෙන අතර, තවත් නාට්‍යයකට ආරාධනා ලැබීමට නියමිතයි.

කියන්න අපට අරුණි ගැන. ඒ ඔබ සෙවූ කෙනා කියලයි ආරංචිය?

ඔව්. මම හොයපු මගේ ජීවිතය මට අරුණිගෙන් ලැබුණා. දැන් තමයි මට දැනෙන්නේ හර්ෂණ බෙත්මගේ ජීවත් වෙනවා කියලා. කලාකරුවෙක් කියන්නේ බොහොම නිදහස් මනසක් තිබිය යුතු කෙනෙක්. අරුණි රංගවේදිනියක නූනත් එය හරි අපූරුවට තේරුම් අරගෙන තියෙනවා. අද මගේ රංගන ජීවිතයට අවැසි සහයෝගය සහ සැහැල්ලු මනස ඉතාම අපූරුවට මට තිළිණ කරනවා.

තරුණ කෙල්ලන් සමඟ ඔබේ රංගන ආලිංගනයන් දුටු විට ඇගේ පරිත්‍යාගශීලී බව ඔබට අහිමිවේද?

මම හිතන්නේ අරුණි හරි කලාකාමී හිතක් තියෙන කෙනෙක්. මට ළංවූයේද ඒ කලාකාමී සිතුවිලි නිසයි. අනික ඇය බුද්ධිමත්, තේරුම් ගැනීමේ හැකියාව ඈ ළඟ අපූරුවට තියෙනවා.

ඔබ තරමක් මුරණ්ඩු චරිතයක්ය කියලා කහවුරුහරි චෝදනා කළොත්?

මම මුරණ්ඩුය කියන කාරණය එකහෙළා පිළිගන්න අමාරුයි. හැබැයි මම කෙළින් කතා කරන කෙනෙක්. වැරැද්ද නිවැරැදි කරන කෙනෙක්. වරදක් සිදුවේ නම් මම නිහඬව ඉන්න අවස්ථා අඩුයි.මුරණ්ඩු චරිත වැඩිපුර ඔබට ලැබෙන්නේ ඒ නිසාද?

ඒක නම් කියන්නට දන්නේ නැහැ. ලැබෙන චරිත බාරගන්නවා. එහි හොඳ නරක බලන්නේ නැහැ. අනික් කාරණය චරිත තෝරලා බේරලා රඟපාන්නට තරම් අපේ ටෙලි කර්මාන්තය මහ විශාල එකක් නෙමෙයි. වෘත්තීය කලාකරුවෝ හැටියට හොඳ නරක උසස් පහත් බව බලන්න ගියොත් අපිට රඟපාන්නට ලැබෙන එකක් නැහැ.

ටෙලි තරුවක් විදියට ඔබ ජනප්‍රිය වුණේ ඔබේ දෙනෙත්වල ආකර්ෂණය නිසාලු?

එහෙම කතාවක් මටත් ඇහිලා තියෙනවා. මගේ අම්මත් මට හැමවෙලේම කියනවා ඔය ඇස්වලින් දෙපාරක් කා දිහාවත් බලන්න එපා කියලා.

අම්ම කිව්වෙ කාන්තා පාර්ශ්වය ගැනද හර්ෂණ?

එහෙම වෙන්න ඇති සමහර විට. කොහොමත් මම එහෙමට පරෙස්සම් වෙන්නෙ නැහැ. කාන්තාවන් වේවා, පිරිමන් වේවා මම ඒ ඕනෑම අයකු දිහා කෙළින් බලලා විවෘතව කතා කරන කෙනෙක්. ඒ වගේම මම සරලයි. සෙල්ලක්කාරයි. පෙට්ටි කඩේකින් තේ එකක් බොන්න හිතුණොත් ඒක කරනවා. තැඹිලි විකුණන තැනකට ගියොත් මම තැඹිලි ගෙඩිය කපාගෙන බංකුවක ඉඳගෙන ඒක බොනවා. මම තරුවක්ය නළුවෙක්ය කියන බැරියරය ඔළුවට ගන්නේ නැහැ. අපි නළුවෝ නේද? ප්‍රේක්ෂකයෝ අපව මේ විදිහට දැක්කොත් අවුල් නේද කියා මම මගේ නිදහස සීමාකර ගන්නෙ නැහැ.

තැඹිලි ගෙඩියක් කපලා බොනකොට ප්‍රේක්ෂක ඇසකට එය ලක්වුණු අවස්ථා තිබුණද?

අපොයි ඔව්. ඔවුන් ඉතා සුහදව මා හා එවන් අවස්ථාවන්වල කතාබහ කරනවා. රසිකයන් වඩා කැමැතියි ඒ සරල බවට තමයි මම හිතන විදියට. මම කොණ්ඩෙ වවනවා, කරාබු දානවා. මටම ආවේණික ෆැෂන් කරනවා. මට හිතවත් රසිකයෝ මට ප්‍රිය කරන්නේද මගේ ඒ පිස්සු විකාරවලටයි.

එක වරක් ඔබව තෝරාගන්නා අධ්‍යක්ෂවරයෙක් නැවත යළි යළිත් ඔබවම තෝරා ගන්නා එක පුරුද්දක් වෙලාලු?

ඔව්. එමෙ දෙයක් තියෙනවා තමයි. එයට හේතුව මම සෙට් එකකදි හරිම සුහදයි. නම්‍යශීලී. ඒ වාගෙම ප්‍රවීණයන්ට ගරු කරනවා.

පසුගිය දවස්වල වොල්ගා කල්පනී චෝදනා කර තිබුණා ඔබ ඇගේ මියුසික් වීඩියෝවට මඩගැසුවාය කියා?

ඇය ගැන කතා කරන්නට මම කැමැති නැහැ. ප්‍රශ්නය අතාරිනවා මෙතැනදි.

උත්තර නොදුන්නොත් අවාසි ඔබට නේද හර්ෂණ?

වොල්ගගෙ ප්‍රශ්නවලට උත්තර බඳින්න මම පොලිස්ටේෂන් කීයකට ගිහින් තියෙනවද? ඇත්තෙන්ම ඒ අතීතය මට වදයක්. වොල්ගා දැන් ඇගේ ජීවිතය තුළ. මම මගේ ජීවිතය තුළ. ඒ නිසා පසුගිය දේ හාරා ඇවිස්සීම නිෂ්ඵලයි.

අධ්‍යක්ෂණයට අතගැසීම සඳහා ඔබ කල්යල් බලන බව ආරංචියි?

අධ්‍යක්ෂණයට යොමු වීම මගේ හීන අතර එකක්. හැබැයි තවම නම් මම එයට මුවහත් මදියි වාගේ මට හිතෙන්නේ. ඒ හින්දා එයට අවැසි ශක්තිමත් පන්නරය ලැබෙනතුරු බලාගෙන ඉන්නවා.

ඔබේ තව හීන ඉතුරුව තිබෙනවද?

ඔව්. රට රටවල සංචාරය කරන්න. අපේම කියා පුංචි නිවහනක් තනන්න මේ දවස්වල සැලැසුම් කරනවා.

දමයන්ති රේණුකා ප්‍රනාන්දු

67239481 2597224406983832 5945530499232432128 o
67917189 2597224123650527 7060652434753847296 o
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?