මම හිතනවා දෙවියන්ගෙ පිහිටෙන් ඔක්කොම හොඳින් කෙරුණා කියලා

මම කොහොමත් එක දිගටම වැඩ භාර අරගෙන කරන කෙනෙක් නෙමෙයි. පහුගිය කාලේ එක දිගටම මම රංගනයේ යෙදුණු ටෙලිනාට්‍ය විකාශනය වුණා. කොරොනා වසංගතය එක්ක කෙටි විරාමයක් ගත්තා. අලුත් වැඩකට කියලා මෑතකදි මම දායක වුණේ සමන් කුමාර අයියගේ නිර්මාණයකට තමයි 

ඔබේ නිහඬ බව කොපමණ කලකට සීමා වී තිබුණද?

මාස හත අටකට පස්සෙ තමයි මේ ටෙලිනාට්‍ය විකාශනය වෙන්නෙ. ඉදිරියේදි තව ඩ්‍රාමා දෙකක් එන්න තියෙනවා. ඒ දෙක විකාශනය වුණහම තව නිර්මාණ භාර අරගෙන කරන්න ඉන්නවා. නමුත් ඒ අතරේ හොඳ දෙයක් ලැබුණොත් අනිවාර්යයෙන් බාර ගන්නවා.

තිසුරි කියන්නෙ සම්මානිත රංගන ශිල්පිනියක්. කලින් කලට නිහඬ වීම ලැබූ සම්මානයට අසාධාරණයක් නෙමෙයිද?

සම්මානයක් ගත්තා කියලා අපි හැම නිර්මාණයක්ම කරන්න ඕනේ කියන තැන මම නැහැ. මට කැමැති නිර්මාණයක් ලැබුණොත් එය මෙගාද නැද්ද කියලා බලන් නැතුව කරපු කෙනෙක් මම. පෞද්ගලිකව මම කැමතියි පොඩි විරාමයක් අරගෙන වැඩ කරන්න. ඒ ලැබෙන විරාමයේදී අපිට පුළුවන් අපේ දැනුමෙන් රංගනය තව තවත් ඔපමට්ටම් කරගන්න. එක දිගටම නිර්මාණ භාර ගෙන වැඩ කළොත් එය හරිම ඒකාකාරීයි. මම කොහොමත් ඩ්‍රාමා දෙකක් විතර විකාශනය වුණහම මාස හතරක වගේ විරාමයක් ගන්න කෙනෙක්. ඒ කාලය ඇතුළත පුළුවන් අලුත් චරිතයකට සුදානම් වෙන්න.

මවගේ හදිසි අසනීප තත්ත්වය ඔබව කම්පනයට පත් කළ කාරණයක් වුණා. ඒ කම්පනයෙන් තිසුරි ගොඩ ආවේ කොහොමද ?

මට ඒ දේ දැන ගන්න ලැබුණු වෙලාවෙ ලොකු තිගැස්මක් ආවා. නමුත් අපි වැටුණේ නැහැ. අපි වැටුණොත් අම්මත් වැටෙනවා. මගෙ අම්මා ගොඩක් ශක්තිමත් කාන්තාවක්. මම, තාත්තා, මගේ සැමියා,අම්මගෙ පවුලෙ අය, සැමියගෙ පවුලෙ අය වගේම තාත්තගෙ පවුලෙ අය, ළඟම හිතවතුන් ඒ කාලේ පුරාවට අපේ හෙවණැල්ල, ශක්තිය වුණා.

ජීවිතේ හැමදාම සතුටින් ගලාගෙන යන්නෙ නෑ. නරක කාලවලුත් එනවා. මම හිතනවා දෙවියන්ගෙ පිහිටෙන් ඔක්කොම හොඳින් කෙරුණා කියලා. ජීවිතේ කියන්නෙ හරි අවිනිශ්චිත දෙයක්. අපි හැම වෙලේම ඒ අවිනිශ්චිත බවට සුදානමින් ඉන්න ඕනේ.

අම්මගෙ අසනීප තත්ත්වය එක්ක ඔබ කොහොමද ඒ වගකීම් දරාගෙන නිර්මාණ කටයුතුවල යෙදුණේ ?

කලා කටයුතු භාර නොගන්න එක හේතුවක් අම්මගෙ අසනීපවීම. මට අම්මා ළඟ ඉන්න ඕනෑකම තිබුණා. ඒ නිසා මම වැඩ භාර ගත්තේම අඩුවෙන්ම. දැන් ඇය සුව අතට හැරෙමින් ඉන්නවා. ඒත් මට තවම ඇය ළඟම ඉන්න ඕනේ. මගේ සැමියත් කාලයකට පස්සෙ ලංකාවට ඇවිත් ඉන්නවා. අපේ පවුලට ප්‍රධාන තැන දෙන්න ඕනේ. හොඳ නිර්මාණයක් ඇරෙන්න අනිත් දේවල් මම සීමා කරලා තියෙන්නෙ.

සැමියා ගේ පැමිණීම තිසුරිට තවත් ශක්තියක් වෙන්න ඇති?

ගොඩ කාලෙකට පස්සෙ හස්බන්ඩ් ලංකාවට ආවේ. covid නිසා ඔහුට එන්න බැරුව හිටියේ. මේ දවස්වල මං ගොඩක් සතුටින් ඉන්නේ. ඔහු ළඟ ඉන්න එක මට ලොකු හයියක් සහ ශක්තියක්.

දෙන්නගේ බලාපොරොත්තු එහෙමත් දැන් අලුත් වෙලා ඇති?

අපිට තියෙන ලොකුම බලාපොරොත්තුව කාටවත් කරදරයක් නැතිව හොඳින් ජීවත් වීම. අපි දෙන්නගේම රැකියා කටයුතු ප්‍රශ්නයක් නැතිව කරගෙන ඉන්න.

පුංචි තිරයට මෙන්ම සිනමාවට සාධාරණයක් කරන්න බලාපොරොත්තුවක් නැද්ද?

ටෙලිනාට්‍යවලට තියෙන සීමාව චිත්‍රප‍ටවලටත් අදාළයි. සිනමාවේ හොඳ චරිතයක් ලැබුණොත් දෙපාරක් නොහිතා භාර ගන්නවා. අන්‍තිමට කළේ ‘ධර්ම යුද්ධය‘. ඒක මම පැනලා භාර ගත්තේ.

වෙඩින් ප්ලෑනර් කෙනෙක් වෙන්න මවපු හීනය කොයි තරම් දුරට හැබෑ වෙලාද?

ඒ හීනය ගොඩක් දුරට හැබැ වෙලා. අම්මගෙයි මගෙයි සෑහෙන කාලෙක ඉඳන් තිබුණු හීනයක් ඒක. නමුත් මගේ කාර්යබහුලත්වය එක්ක ඒ දේ ප්‍රමාද වුණා. මම දෙයක් කරනවා නම් ගොඩක් කැප වෙලා කරන කෙනෙක්. පහු ගිය ටිකේ ගත්තු විරාමය ඒ හීනෙට මුල්ගල තියන්න මම යොදා ගත්තා. මම සාර්ථක ලෙස වෙඩින් එකක් ප්ලෑන් කළා. හැබැයි මම දොඩම්ගොඩ වගේ බදා ගන්න කැමති නැහැ. අවුරුදු හතරේ ඉදන් රංගනයෙනුත් මම ආවේ හෙමින් ගමනක්.. වෙඩින් ප්ලෑනර් කෙනෙක් විදියටත් හෙමින් ගමනක් යන්න තමයි බලාපොරොත්තුව

රසඳුන



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:12:25
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33