spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

“මම හරීන්ට කඩේ ගියා..වරෙන් එළියට ගහගන්න කියලා හරීන් කිව්වා..මට ලැජ්ජයි” – තිස්ස මැතිසබේ උණුසුම් කරයි

හරීන් ප්‍රනාන්දු වෙනුවෙන් තමා කඩේ ගිය බවත් නමුත් පළාත් සභාවේදී හරීන් ප්‍රනාන්දු තමාට ඊර්ෂියා කළ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා අද(20) පාර්ලිමේන්තුවේදී පැවසීය.

තමාට පාර්ලිමේන්තු ඒමට නොහැකි වන ලෙස හරීන් ප්‍රනාන්දුගෙන් තමාට කැපිල්ලක් තිබූ බවද මන්ත්‍රීවරයා පැවසීය.

“මට කියන්න ලැජ්ජයි. වරෙන් එළියට ගහගන්න කියලා කිව්වා. හරීන් ප්‍රනාන්දුට බයේ අපි ජීවත් වෙන්නේ නෑ. හරීන් ඔය එල්ල ගත්ත සාටකේ බදුල්ල දිස්ත්‍රික්කයට අරගෙන ගියානම් මිනිස්සු සාටකෙන් එල්ලනවා. ” යැයි මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

“දෙරණ නාලිකාවෙන් උස්සපු හරීන් ප්‍රනාන්දු කෙලෙහි ගුණයක් නොදන්න මන්ත්‍රීවරයා අද දෙරණේ නායකයින්ට ගහනවා. ලැජ්ජාවක් නෑ. ගුණයක් නෑ ගණමකු මන්ත්‍රීවරයෙක්.” යැයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය. 

asian mirror

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?