මම ස්වාධීන කෙනෙක්.මම දේශපාලනයට එනවා

චන්දිමාල් ජයසිංහ කියන්නෙ අතිදක්ෂ රූපලාවණ්‍ය ශිල්පියෙක්.පහු ගිය දවස් වල නිතර නිතර කතා බහට ලක්වුණු ඔහු නිරන්තරයෙන් සමාජ මාධ්‍යන් ඔස්සේත් විශේෂව කැපී පෙනෙන චරිතයක්.ඔහුත් එක්ක අද අපි සුහද කතාබහක යෙදුණා..

කොහොමද චන්දිමාල් මේ දවස් වල ජීවිතේ?

ආයෙත් වැඩ කරගෙන හිටියා.දැන් මේ ප්‍රශ්න නිසා Weddings කැන්සල් වෙලා ආයෙ පස්සට යනවා.ඒත් ශේප් එකේ ඉන්නවා.

ඇත්තටම චන්දිමාල් කියන්නෙ කව්ද?

වෘත්තියෙන් රූපලාවණ්‍ය ශිල්පියෙක්.ලස්සනට ඉන්න කැමති,ලස්සනට වැඩ කරන පාඩුවෙ ඉන්න කැමති කෙනෙක්.

චන්දිමාල්ගෙ තියන ලොකුම දුර්වලකම මොකක්ද?

හිත හොඳ වැඩි එක.ඒක ඇත්තටම දැන් ටිකක් නතර කරලා තියෙන්නෙ.

හිත හොඳ වැඩි නිසා කරදර සිද්ද වෙච්ච තැන් තියනවද?

අම්මෝ ඔව්.මම මිනිස්සුන්ව ගොඩක් වෙලාවට විශ්වාස කරනවා වැඩියි.පහු ගිය කාලෙ පුරාම එහෙම වෙච්ච තැන් තිබුණා.උදව් කරන්න ගිහින් අන්තිමට නීතිය පැත්තෙන් ගිවිසුම් එක්ක යන්න උනා ප්‍රශ්න විසඳගන්න.

ඊළඟ royal b’day party එක ගැන ඉඟියක් දෙමුද?

මේ මාසෙ 31 තියෙන්නෙ.මගෙ හැමදේම තියෙන්නෙ මැයි.හැබැයි හැමදාම මැයි වෙද්දි මොනාහරි ප්‍රශ්න.පාටි එක කලත් Public නැතුව මගෙ ලඟම ඉන්න අය එක්ක පොඩි දෙයක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

චන්දිමාල් දේශපාලනයට එනවද?

තාම නම් නෑ.ඒත් ආරාධනා නම් තියනවා.තව මගේ වැඩ ගොඩක් තියනවා මට කරගන්න.මම මේ ක්ශේත්‍රයෙන් අයින් වෙලා free එකේ ඉන්න කාලෙක මම ඒ ගැන හිතලා බලනවා.

ඒ කියන්නෙ දේශපාලනයට එන්න අදහසක් තියනවද ?

ඔව් අනිවාරෙන්ම තියනවා..

මොකද හිතන්නෙ ලංකාවෙ දේශපාලනය ගැන?

ඒ වචනෙටත් මිනිස්සු වෛර කරන තැනට ඇවිත්.දේශපාලන පාලකයන්ව අන්තිම තැනට දාලා තියෙන්නෙ.දේශපාලනය කියන්නෙ බලයක් නෙමෙයි සේවාවක්.ඒත් දැන් දේශපාලනය මිනිස්සුන්ට අප්පිරියයි.

හැමදාම තනිකඩව ඉන්නද කල්පනාව?

මම ස්වාධීන කෙනෙක්.මම මොන් දේ කලත් කරන්නෙ තනියම.ඔය කියන දේ නිසා මිනිස්සු අවුල් වෙනවා මම ඇස් දෙකට දැකලා තියනවා.ඒ නිසා මම දැන දැන අමාරුවෙ වැටෙන්න කැමති නෑ.

ඔබ අද ඉන්න තැන ගැන මොකද හිතෙන්නෙ?

මම මේ තැන ඉඳියි කියලා මම කවදාවත් හිතුවෙ නෑ.හැබැයි අවුරුදු 20කට විතර කලින් හිතුවා ගෙයක් හදාගන්න ඕන,වාහනයක් ගන්න ඕන,දෙමාපියන් බලාගන්න ඕන,සල්ලි හම්බ කරන්න ඕන කියලා.හැබැයි මේ තරම් දුර එයි කියලා හිතුවෙ නෑ.මේක අහම්බෙන් වෙච්ච දෙයක්.අද මම ජීවිතේ විඳිනවා.

ජීවිතේ තියන ලොකුම පසුතැවීම මොකක්ද?

තියන ලොකුම එකම පසුතැවීම මිනිස්සුන්ව විශ්වාස කරන එක.නැතුව මම ගත්ත තීරණ ගැන කිසිම කලකිරීමක් නෑ..

ඉස්සරහට කරන්න තියන වැඩ මොනවද?

Local Pageanta එකක් මම මේ පාර ලංකාවෙ කරන්නෙ නෑ.දැන් තියන තත්වෙ එක්ක අනුග්‍රාහකයන්ට ආර්ථික ගැටලු තියනවා.මේ පාර මම ලංකාවෙ කෙනෙක්ව නොමිනේට් කරනවා World Pageanta එකට.ඒකෙ Crown Function එක තියනවා ජූලි මාසෙ.ඊට අමතරව වෙන දේවල් Plan කරන්නෙ නෑ ලංකාවෙ මේ තියන තත්වෙත් එක්ක..

සංවාදය – සචිනි සත්සරණි
Dasatha Lanka News

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගින්නෙන් දිවි බේරගත්ත මවක් වෙච්ච සියල්ල හෙළිකරයි - "ඇදන් ඉන්න ඇදිවත විතරයි ඉතුරු වුණේ..මම කෑගැහුවා"
01:16
Video thumbnail
"හොර නන්දලාල්..මහ බැංකුවේ හොරා" - මිනිස්සු මල් වඩම් අරන් ඇවිත් ජනපති කාර්යාලය වටලයි
04:05
Video thumbnail
මහල් නිවාස හදලා තියෙන්නේ සත්තු කියලා හිතාගෙන..මිනිස්සු උද්ඝෝෂණය කරන එක අතිශය සාධාරණයි
10:58
Video thumbnail
මහල් සංකීර්ණ නිරීක්ෂණයට ගිය අමාත්‍ය එරංග ඉස්සරහා ජනතාව කිව්ව සැර කතාව - "අපිට සිහින ගොඩාක් දුන්නා"
09:02
Video thumbnail
එකට සිටි පිරිස දාලා යන්න බැරිව නිවාසයේ සිටි මව්වරුන් හඬා වැටෙයි
00:47
Video thumbnail
හෙල්මට්වත් දාන්නේ නැතුව තනි ඉරත් කපාගෙන බයික් එකේ යන හැටි
00:16
Video thumbnail
තිණියාවල පාලිත හිමි සමාව ගනියි - ගෝඨාභය ගැන කළ ප්‍රකාශය ඉල්ලා අස් කරගන්නවා
02:01
Video thumbnail
"කෝච්චිය ළඟටම එනකල් දැක්කේ නෑ" - ලොරි රථයක් දුම්රියක ගැටී සිදුවූ බිගිසුණු අනතුර
04:00
Video thumbnail
සුවසැරිය සේවක‍යින් මහ පාරට බහියි - ආණ්ඩුව ආවට පස්සේ සුවසැරියේ තියෙන්නේ මිලිටරි පාලනයක්
07:16
Video thumbnail
විනාශවුණ වැඩිහිටි නිවාසය බලන්න ආ මන්ත්‍රී රෝහිත සංවේදී වී බලාගෙන හිටපු හැටි
01:25