මම සර්ජරි නම් කරලා නැහැ, ශෙහානි කහඳවල මේ නොකියා කියන්න හදන්නේ එයා ගැනද?

පුංචි තිරයේ නිතර දැකීමට නොලැබුණත් අමතක නොවන චරිත තුළින් ප්‍රේක්‍ෂකයන් සංස්පර්ශ කරන අපූරු රංගන ශිල්පිනියක ලෙස ඇයව හැඳින්වීම අතිශයෝක්තියක් නොවෙයි. මේ දිනවල “පාර වසා ඇත” ටෙලි නාට්‍යයෙන් ප්‍රේක්‍ෂකයන්ගේ සිත්හි ලැගුම් ගත් ඇය ශෙහානි කහඳවලයි. 

කොහොමද මේ දවස්වල ජීවිතේ?

හොඳින් සතුටින් කාලය ගත කරනවා. 

“පාර වසා ඇත” ටෙලි නාට්‍යයට ලැබෙන ප්‍රතිචාර කොහොමද? 

ප්‍රතිචාර ඉතාමත් ඉහළයි. වෙනස් ප්‍රතිචාර ලැබෙනවා වගේම මෙතෙක්් කිරීමට අවස්ථාව නොලැබුණු අපූරු චරිතයක්. එහි රූගත කිරීම් සමඟ මේ දිනවල කාර්යබහුල වී සිටිනවා. 

බොක්සින් ක්‍රීඩිකාවකගේ භූමිකාව ඔබට අභියෝගයක් වුණේ නැද්ද? 

ඇත්තටම ලොකු අභියෝගයක් වුණා. මෙතෙක් මම බොහෝ විට රඟපෑවෙ හුරුබුහුටි කෙළිලොල් පෙම්වතියගේ භූමිකාවයි. එයින් හාත්පසින්ම වෙනස් වූ මෙම චරිතය මට වෙනස්ම අත්දැකීමක් වුණා. ඉදිරියේදීත් මෙම චරිතය තුළ නොසිතූ විරූ වෙනස්කම් රැසක් සිදු වේවි කියා මම විශ්වාස කරනවා. 

ඔබ විෂයක් ලෙස බොක්සින් ක්‍රීඩාව හදාරලා තියෙනවද? 

නැහැ. මම කිසිම දිනක කිසිම ක්‍රීඩාවක් හදාරලා නැහැ. 

පෙර හැදෑරීමකින් තොරව ඔබ ඒ චරිතයට අනුගත වුණේ කොහොමද? 

“පාර වසා ඇත” සමස්ත නාට්‍ය කණ්ඩායමෙන්ම මට ලොකු සහයෝගයක් ලැබුණා. ඒ වගේම මම මීට පෙර ක්‍රීඩා කර නොතිබුණත් ඕනෑම අභියෝගයක් සාර්ථකව ජයගන්නට මට හැකියාව තිබෙනවා. 

පුංචි තිරයේ ඔබව සුලභව දකින්න ලැබෙන්නෙ නැත්තේ තෝරා බේරාගෙන නිර්මාණවලට දායක වන නිසාද? 

නිර්මාණ බොහොමයකට මට ආරාධනා  ලැබෙනවා. නමුත් ආරාධනා ලැබෙන හැම නිර්මාණයක්ම මම භාරගන්නේ නැහැ. මිනිසුන් වැලඳ ගන්න ආදරණීය නිර්මාණ පවතිනවා. එවන් නිර්මාණයකට ආරාධනා ලැබෙන තෙක් මම ඉවසීමෙන් බලා සිටිනවා. 

වෘත්තීයමය රංගන ශිල්පිනියකට තෝරා බේරාගෙන නිර්මාණවලට දායකවීම තුළ ආර්ථික ස්ථාවරත්වයක් ගොඩනඟාගත හැකිද? 

ආර්ථික ස්ථාවරත්වය ගැන කල්පනා කළොත් එය මම කරන වෘත්තියට සිදු කරන අසාධාරණයක්. 

ඒ නිසා ආර්ථික වශයෙන් ස්ථාවර වීමට ලැබෙන සෑම නිර්මාණයක්ම භාරගන්න මම සූදානම් නැහැ. ඉදිරියේදීත් මේ ප්‍රතිපත්තියේම මම ඉන්නවා. 

ඔබගේ රංගන කාර්යයට බිමල් ජයකොඩිගෙන් ලැබෙන සහයෝගය කෙබඳුද? 

ඔහුත් සමඟ රංගනයේ යෙදීම පහසුයි. වගේම ඔහුගෙන් ලැබෙන සහයෝගය ඉතාමත් ඉහළයි. බිමල් ජයකොඩි අයියා වගේම ජයනි සේනානායක අක්කත් මගේ රංගන කාර්යයට ලොකු සහයෝගයක් ලබා දෙනවා. මීට අමතරව සද්ධාමංගල සූරියබණ්ඩාර මහත්මයාව වගේම ශිවගුරුනාදන් මහත්මයාවත් මම මේ වෙලාවේ මතක් කරනවා. එකී චරිතයේ සාර්ථකත්වය පිටුපස ඔවුන් සියලු දෙනාම සිටිනවා. 

පාර වසා ඇත ටෙලි නාට්‍යයේ ඉදිරි කොටසක හිස මුඩු කිරීමටත් සිදු වෙනවා නේද? 

ඔව්. එකී චරිතය ඉදිරියේදී නිරූපණය කිරීමේදී එක්තැන් වෙන, රෝගී වන අවස්ථාවක් නිරූපණය කිරීමට සිදු වෙනවා. එහිදී හිස මුඩු කිරීමට මට සිදු වෙනවා. නමුත් භාරගත් තවත් නිර්මාණ කිහිපයක් තියෙන නිසා 

ප්‍රොස්තේ‍රටික්වලින් හිස ආවරණය කිරීමට අප තීරණය කළා. 

තරුණ රංගන ශිල්පීින්ගේ විනයානුකූල බව හා ප්‍රවීණයන්ට ගරු කිරීම පිළිබඳව බොහොමයක් ප්‍රවීණයන් විවේචනාත්මකව කතා කරනවා. ඔබ ඊට දෙන පිළිතුර කුමක්ද? 

එය එක් එක් පුද්ගලයන් අනුව සාපේක්‍ෂයි. එවන් තත්ත්වයක් තිබීමට යම් අවකාශයක්  තිබෙනවා. නමුත් මම ඒ කුලකය නියෝජනය කරන්නෙ නැහැ. යම් කණ්ඩායමක් සමඟ කටයුතු කිරීමේදී මටම වෙන් වූ විනයක් තිබෙනවා. ඒ වගේම ප්‍රවීණයන්ට නිසි ගරුත්වය ලබා දෙන්න මම දන්නවා. ඔවුන් පෙන්වන වැරදි අඩුපාඩු හදාගනිමින් සහයෝගී ගමනක් මම යනවා. ඒ නිසා එවන් විවේචන මට එල්ල වෙලා නැහැ. 

නිර්මාණකරණය තුළ හැකියාවට සරිලන වේතනයක් නොලැබීමේ තත්ත්වය ඔබ දකින්නේ කොහොමද? 

ඔව්. එය විශාල අර්බුදයක්. ඇත්තටම බොහෝ අවස්ථාවන්වලදී හැකියාවට සාධාරණයක් ඉටු වෙන්නෙ නැහැ. එය කලා ක්‍ෂේත්‍රයේ සිටින සියල්ලන්ටම පොදු වූ තත්ත්වයක්. තමන් මහන්සි වී යම් කාර්යයක් සිදු කරනවා නම් ක්‍ෂේත්‍රය තුළ තමන් නමක් ගොඩනඟාගෙන තිබෙනවා නම් තමන්ට මිලක් නියම කරන්නට හැකියාවක් තිබෙනවා. 

චිත්‍රපටවලට ආරාධනා ලැබෙනවාද? 

පසුගිය වසර තුළ චිත්‍රපටයකට ආරාධනා ලැබුණා. කොරෝනා තත්ත්වය නිසා එහි වැඩ කටයුතු ප්‍රමාද වුණා. මේ වසරේ මැද භාගයේදී එහි වැඩ කටයුතු ආරම්භ කිරීමට බොහෝ විට ඉඩකඩ පවතිනවා. 

ප්‍රතිරූපය නඩත්තු කිරීම වෘත්තීමය රංගන ශිල්පිනියකට කොතෙක් දුරට වැදගත්ද? 

අපගේ දක්ෂතාව එළි දැක්වීමට රූපය බොහෝ සෙයින් ඉවහල් වෙනවා. ඒ නිසා වෘත්තීයමය රංගන ශිල්පියකුට හෝ රංගන ශිල්පිනියකට දක්‍ෂතාව වැඩිදියුණු කරගන්නවා සේම ප්‍රතිරූපය නඩත්තු කිරීමත් අත්‍යවශ්‍යයි. 

ඇතැම් රංගන ශිල්පීන් ප්‍රතිරූපය නඩත්තු කිරීමට එන්නත් හා ප්ලාස්ටික් ශල්‍යකර්ම සිදු කරනවා. ඔබ ඒ පිළිබඳව දක්වන අදහස කිව්වොත්?

තමන්ගේ ආත්ම ශක්තිය ගොඩනඟා ගැනීමට එය කළ යුතු දෙයක් නම් එය සිදු කිරීම කිසිසේත්ම වරදක් නොවෙයි. එය තමන්ගේ කැමැත්ත. ඒ පිළිබඳව කිසිම විවේචනයක් මම ඉදිරිපත් කරන්නේ නැහැ. 

ඔබත් ලිප් සර්ජරි එකකට බඳුන් වුණා කියලා කට කතාවක් පැතිරෙනවා. එය සත්‍යයක්ද? 

කොහෙත්ම නැහැ. මගේ මේක් අප් ස්ටයිල් එක මම වෙනස් කළා. කිසිම සර්ජරි එකක් මම සිදු කරලා නැහැ. 

අනාගත බලාපොරොත්තු මොනවාද? 

මම ලොකු බලාපොරොත්තු තබාගන්න කැමැති කෙනෙක් නොවෙයි. අද දවස ලස්සනට ගත කිරීමයි මගේ එකම බලාපොරොත්තුව. 

ශෙහානි මේ වන විට පෙම්වතියක්ද? 

නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැඩි මිලට ඉන්ධන ගැනීම ගැන සජිත්ගෙන් සැර කතාවක් - රටේ සංචිතවලට අගතිගාමී බලපෑමක් වෙලා
19:49
Video thumbnail
FIFA 2026 තව තවත් උණුසුම් වෙයි - ප්‍රබල ජර්මනියට සහ අමෙරිකාව අන්ත අසරණ වෙයි
02:06
Video thumbnail
ගර්භණී කාලයේ මවකට හෙරෝයින් නිරාවරණය වුණොත් වෙන දේ මෙන්න - උපතින් හෙරෝයින්වලට ඇබ්බැහිවෙලා උපදින්නේ
02:18
Video thumbnail
දෙමව්පියෝ දරුවන්ගේ වැරදි වහනවා..වැරැද්ද පෙන්නුවනම් බන්ධනාගාරයේ මෙච්චර නෑ
03:56
Video thumbnail
බන්ධනාගාරයේ ඇත්තටම සිදුවෙන දේ මෙන්න..ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එළියට - මිනිස්සුන්ව යුද්දයට යැව්වා
09:11
Video thumbnail
ලියනගේමුල්ලේ සිදුවූ බිහුසුණු අනතුර - ත්‍රීවිල් රථ රියදුරුට බරපතළ තුවාල - සංවේදි අය නැරඹීමෙන් වළකින්න
02:16
Video thumbnail
Kasthirama | "මත්ද්‍රව්‍ය භාවිතය හා ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනය" පැවැත්වෙන විශේෂ කස්තිරම වැඩසටහන
01:14:00
Video thumbnail
මත්ද්‍රව්‍යට ඇබ්බැහි වුණ කෙනා ලි#ගිකව එක්වීමේ කැමැත්තක් නෑ - මනුස්සයාගේ සතුටේ සීමාවන් කොටු කරගන්නවා
04:19
Video thumbnail
ළමා මනසට මත්ද්‍රව්‍ය රකුසා ඇතුළු වෙන හැටි කිව්ව නි.පොලිස්පති - ආදරය පිරෙව්වනම් ඇතුළු වෙන්නේ නෑ
03:53
Video thumbnail
දොඩම්ගොඩදී වාහන 5ක් ගැටී බිහිසුණු අනතුරක් - මෙන්න දැන් ලැබුණු දර්ශන
00:44