“මම රම්‍යා වනිගසේකර” එදා ගුවනින් ඇසුන ඒ හඩ නිමා විය

ප්‍රවීණ රංගන ශිල්පිනියක්, මාධ්‍යවේදිනියක් සහ හිටපු ගුවන් විදුලි ප්‍රවෘත්ති නිවේදිකාවක් වන රම්‍යා වනිගසේකර මහත්මිය අද (08) උදෑසන අභාවප්‍රාප්ත වූ බව පවුලේ ආරංචි මාර්ග සදහන් කළා.

කලා ක්ෂේත්‍රයේ විවිධ මං ඔස්සේ සිය ප්‍රතිභාව විදහා දැක් වූ රම්‍යා වනිගසේකර මහත්මිය අභාවප්‍රාප්ත වන විට 73 වන වියේ පසු වුණා.

ඉතා ජනප්‍රිය මෙන්ම විශිෂ්ඨ ගනයේ ප්‍රවෘත්ති නිවේදිකාවක් ලෙස ඇය නොමැකෙන නමක් තැබීය.