“මම දැන් ගෙදර ආවා මට දැන් හොදයි” – නිවන් සුව පතපු අයට නයනතාරා රිදෙන්නම කියූ කතාව

නවලෝක රෝහලෙන් දින ගණනාවක් ප්‍රතිකාර ලැබු නයනතාරා වික්‍රමආරච්චි ආසාදිත තත්වයෙන් මිදී ඊයේ නිවස බලා පැමිණි අතර ඉන් පසු මෙවැනි නිවේදනයක් නිකුත් කර ඇති අයුරු අපට දැක ගන්නට ලැබුණා.

2021/08/18

වේලාව රාත්‍රී 10.10

නිවසේ සිට ලියමි

තවමත් පූර්ණ සුවය නොලැබුවද ඉතාම දරුණු වූ කාලසීමාව පසු කල බැවින් ඊයේ දිනයේ රෝහලේ සිට වෛද්‍ය උපදෙස් මත මා නිවස කරා පැමිණියෙමි.

නවලෝක රෝහල් අධිපති ජයන්ත ධර්මදාස මහතාට සහ එහි දිවා රෑ නොබලා වෙහෙසෙන වෛද්‍යවරැන්,හෙදියන් ඇතුළු කාර්යමණ්ඩලයේ සියලුම දෙනාටද,OZO Colombo හි සියලුම දෙනාටද මාගේ ගෞරවනීය ස්තූතිය පුද කර සිටිමි.

එමෙන්ම මා හට පෙම් බදින සුවහසක් ආදරණීය ප්‍රේක්ෂක ඔබටද,මා බෙහෙවින් ආදරය කරන මාගේ ගෞරවනීය ක්ෂේත්‍රයේ මා පිළිබද නිබදව සොයා බැලූ ප්‍රවීණයාගේ සිට නවකයා දක්වා සියලුම දෙනාටද,සියලු රෑපවාහිනී නාලිකාවන්ටද,මා හට නිරන්තරයෙන් ආශිර්වාද කල සියලු ආගමික නායකයින්ටද,මාගේ සියලු හිත මිතුරන් හා අසල්වාසීන්ටද,මාගේ මවගෙන් පවා මා පිළිබද කරැණු විමසූ සියල්ලන්ටද මාගේ හද පිරි ගෞරවය හා ආදරය පිරි ස්තූතිය පුද කර සිටිමි.ඔබ සියලු දෙනාගේ සෑම වචනයක් පාසා මා මේ තාක් හෝ සුව වීමට විශාල ශක්තියක් හා ආශිර්වාදයක් වූ බව කිව යුතුමය.මාගේ අසනීප තත්වය හේතුවෙන් සියලු දුරකථන ඇමතුම් හා කෙටි පණිවිඩයන්ට පිළිතුරැ දැක්වීමට නොහැකි වීම පිළිබදව මාගේ බලවත් කණගාටුව ප්‍රකාශ කරමි.

එමෙන්ම මා මෙයද කිව යුතුය,ජීවත්ව සිටින මාගේ මරණයට ධර්මාවබෝධයකින් තොරව නිවන් සුව ප්‍රාර්ථනා කල සහ මා ප්‍රකාශ කල දෑ වරදවා හුවා දක්වමින් ද්වේශ සහගත ලෙස මා හට ආමන්ත්‍රණය කල ඉතා සුළුතරයක් වූ ඔබටද බෙහෙවින්ම ස්තූතිවන්ත වෙමි.මා විදි ඛේදනීය අත්දැකීම කිසිදු විටක ඔබ කිසිවෙකුට අත්විදීමට නොලැබේවායි මාගේ මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරමි.

සියලු සත්වයෝ ලොව සුවපත් වෙත්වා!!!

-නයනතරා වික්‍රමආරච්චි

මේ අයුරින් තමා දෙව්මි සියළුම දෙනාට ස්තූතිය ප්‍රකාශයට පත් කර තිබුනේ.

  1. නිවන් සුව පැතිය යුත්තේ මියගිය අයට නොව ජීවත්වන අයටයි. ලංකාවේ සියලුම දෙනාට නිවන් සැප ලැබේවා. හැබැයි නිවන් සැප ලබන්න නිකං බැහැ. කෙළෙස් නසන්න ඕනෙ. එදාටයි නිවන් සුව ලැබෙන්නෙ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණයට කිසිම බලපෑමක් 22වන සංශෝධනයෙන් වෙන්නේ නෑ
03:56
Video thumbnail
එකපාරටම පාරට පැන්න බල්ලෙක් කරපු විනාශය
00:32
Video thumbnail
මගේ මහත්තයාට අපහාස කරන්න එපා - බදුල්ල වෛද්‍යවරයාගේ බිරිඳ කඳුළු සලයි
12:55
Video thumbnail
නයෙක් නිසා උඩුයටිකුරු වුණ දඹුල්ල රෝහල - "නයි හාමි කරදර නොකර යන්න.."
01:48
Video thumbnail
මේ ප්‍රතිසංස්කරණය අවශ්‍යයි..ජනතාවට කිසිම හානියක් වෙන්නේ නෑ - 159ක් තෝරලා එව්වේ මේකට
06:54
Video thumbnail
නබිතුමාගේ ජන්ම දිනය වෙනුවෙන් සැරසුණු කොළඹ මහනගර සභාව
00:42
Video thumbnail
අනුරගේ ඇඟ පුරා මොළේ කියලා හිතාගෙන හිටියේ - පුස්සක්නේ
11:35
Video thumbnail
ආණ්ඩුවට විරුද්ධව පාරට බැස්ස පිරිසගෙන් රතු එළියක්
03:28
Video thumbnail
හොරට වී කිරපු මුදලාලිට ගොවියෝ එකතුවෙලා උගන්නපු පාඩම
01:42
Video thumbnail
නීතිඥයින්ගෙන් විපක්ෂයට දැඩි චෝදනා ?වරප්‍රසාදවලට මුවාවෙලා මේ කරන්නේ අපහාසයක්
06:32