spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මම දැන් ආදරය කරනවා

එදා විවිධ ටෙලිනාට්‍යවල අහිංසක චරිත නිරූපණය කරමින් අඬපු පුංචි කෙල්ල ඔබට මතක ඇති. ඇය තමයි හෂිණි රසාංගා. ටෙලි නිර්මාණයට එකතු වුණු අලුත්ම ටෙලිනාට්‍ය තමයි ‘තාදි’ ටෙලිනාට්‍ය. ඒ නිර්මාණය තුළ පෙම්බඳින ‘සමන්ති’ ලෙසට ජීවය දෙන්නෙත් ඇයමයි. එදා සුජාතාවක් වුණු ඇය අද පෙම්වතියක් වුණු හැටි කතාකරන්නයි ඇයට කතා කළේ.

???? පුංචි තිරයේ කඳුළු සලපු පුංචි කෙල්ල දැන් වෙනස් වගෙයි?
‘තාදි’ ටෙලිනාට්‍යයේ මම නිරූපණය කරන ‘සමන්ති’ චරිතය ඒ සියල්ලට පිළිතුරු දෙයි. ඇත්තටම මම මෙච්චර කාලෙකට කළේ ළමා චරිත. එහෙමත් නැතිනම් කාගේ හරි සහෝදරයෙක්ගෙ නැඟණියට තමයි රඟපෑවේ. ‘තාදි’ ටෙලිනාට්‍ය මාව වෙනස්ම පැත්තකට ගෙනගියා. මේ ‘තාදි’ ටෙලිනාට්‍යයේ අධ්‍යක්‍ෂ චරිත් අබේසිංහ අයියාට විශේෂයෙන්ම ස්තුතිය පුදකරනවා. මාව මේ ‘සමන්ති’ චරිතයට සම්බන්ධ කරගැනීම පිළිබඳව.
???? පෙම්වතියකගේ චරිතය නිරූපණය කළ පළමු අවස්ථාවද මෙය? එහිදී නුහුරු බවක් දැනුණද?
ඇත්තටම මුලදි මුලදි ලැජ්ජාවක් තිබුණා. නමුත් වෙනුර අයියාගෙන් සහ අනෙකුත් අයගෙන් ලැබුණු සහායත් එක්ක පස්සේ ඒ ජවනිකාව නිරූපණය කිරීමේ ප්‍රශ්නයක් වුණේ නැහැ.
???? චරිතවල පෙම් නොකළාට සැබෑ ජීවිතයේදි විඳින ආදරය ‘සමන්ති’ වටා එකතුකර ගැනීමට අපහසු වුණාද?
චරිතවල ලොකු පිරිසක් ඉදිරියේ ආදරය කරලා පුරුදු නැහැනේ මට. ඒකයි මට නුහුරු බවක් ඒ අවස්ථාවේදී දැනුණේ. මම දැන් පෙම්වතියක්. පෞද්ගලික ජීවිතයයි, රඟපෑමයි කියන්නේ මට දෙකක්.
???? ඔබේ ආදරණීය ප්‍රේක්‍ෂකයනුත් කැමැති ඇති ඔබේ පෙම්වතා ගැන දැනගන්න?
එය ගැන මම දැන්ම කතා කරන්න කැමැති නැහැ.
???? ඇත්තටම හෂිණි ඔය හැටි අඬන්නේ කොහොමද?
මටත් එය හිතාගන්න බැහැ. ගොඩාක් මට ලැබුණේ අහිංසක අඬන චරිත තමයි. අඬලා, අඬලා දැන් ඉතින් නිකම් ඇඬෙනවා චරිතයත් එක්ක මට. ඉතින් ඒ වෙලාවට මගේ හිතට දුක හිතෙන දෙයක් මතක් කරලා ඇහැට කඳුළු ගන්නවා. ඊට පස්සේ ඉතින් චරිතයට අඬාගෙන යනවා කඳුළු ආවාම.
???? මම නම් හිතන්නේ ඔබව ඇගැයීමට ලක්කිරීමට තවමත් සුවිශේෂී චරිතයක් ලැබිලා නැහැ වගෙයි?
ඔව්… එහෙම දැනෙන හොඳ චරිතයක් ලැබුණේ නැහැ. හැබැයි මේ දවස්වල අපේ අම්මා කියලා අලුත් ටෙලිනාට්‍යයක රඟපානවා. ඒ චරිතය ගැන ලොකු පැහැදීමකින් ඉන්නේ මම.
???? ඔබ මොන තරම් චරිත නිරූපණය කළත් ‘සුජාතා’ තවම අමතක නැතුව ඇති?
‘සුජාතා’ ටෙලිනාට්‍යයේ මම නිරූපණය කළ ‘සුජාතා’ මගේ හැරැවුම් ලක්‍ෂ්‍යයක්. ඒ චරිතයට මාව සම්බන්ධ කරගත්ත රවීන්ද්‍ර විජේරත්න මාමාත්, තරංග දිසානායක මාමා තමයි මට ඒ වාසනාව උදාකළේ. මගේ ඒ පළමු ටෙලිනාට්‍ය අදටත් මට මතක ‘සුජාතා’ විදියටයි.
???? ඔබ ඒ කාලේ හිතුවද සුජාතාවක් වෙයි කියලා?
මම මේ ක්‍ෂේත්‍රයට සම්බන්ධ වුණේ අහම්බෙන් වෙළෙඳ දැන්වීම් හරහා. ඒ කාලේ මම ගොඩක් ආශාවෙන් බලපු ටෙලිනාට්‍ය තමයි ‘සුජාතා’ ටෙලිනාට්‍ය. හැබැයි මම කවදාවත් හිතුවේ නැහැ ඒ ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතය මට දෙයි කියලා.
වසන්ත විතාරණගේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?