මම දැන් ආදරය කරනවා

එදා විවිධ ටෙලිනාට්‍යවල අහිංසක චරිත නිරූපණය කරමින් අඬපු පුංචි කෙල්ල ඔබට මතක ඇති. ඇය තමයි හෂිණි රසාංගා. ටෙලි නිර්මාණයට එකතු වුණු අලුත්ම ටෙලිනාට්‍ය තමයි ‘තාදි’ ටෙලිනාට්‍ය. ඒ නිර්මාණය තුළ පෙම්බඳින ‘සමන්ති’ ලෙසට ජීවය දෙන්නෙත් ඇයමයි. එදා සුජාතාවක් වුණු ඇය අද පෙම්වතියක් වුණු හැටි කතාකරන්නයි ඇයට කතා කළේ.

???? පුංචි තිරයේ කඳුළු සලපු පුංචි කෙල්ල දැන් වෙනස් වගෙයි?
‘තාදි’ ටෙලිනාට්‍යයේ මම නිරූපණය කරන ‘සමන්ති’ චරිතය ඒ සියල්ලට පිළිතුරු දෙයි. ඇත්තටම මම මෙච්චර කාලෙකට කළේ ළමා චරිත. එහෙමත් නැතිනම් කාගේ හරි සහෝදරයෙක්ගෙ නැඟණියට තමයි රඟපෑවේ. ‘තාදි’ ටෙලිනාට්‍ය මාව වෙනස්ම පැත්තකට ගෙනගියා. මේ ‘තාදි’ ටෙලිනාට්‍යයේ අධ්‍යක්‍ෂ චරිත් අබේසිංහ අයියාට විශේෂයෙන්ම ස්තුතිය පුදකරනවා. මාව මේ ‘සමන්ති’ චරිතයට සම්බන්ධ කරගැනීම පිළිබඳව.
???? පෙම්වතියකගේ චරිතය නිරූපණය කළ පළමු අවස්ථාවද මෙය? එහිදී නුහුරු බවක් දැනුණද?
ඇත්තටම මුලදි මුලදි ලැජ්ජාවක් තිබුණා. නමුත් වෙනුර අයියාගෙන් සහ අනෙකුත් අයගෙන් ලැබුණු සහායත් එක්ක පස්සේ ඒ ජවනිකාව නිරූපණය කිරීමේ ප්‍රශ්නයක් වුණේ නැහැ.
???? චරිතවල පෙම් නොකළාට සැබෑ ජීවිතයේදි විඳින ආදරය ‘සමන්ති’ වටා එකතුකර ගැනීමට අපහසු වුණාද?
චරිතවල ලොකු පිරිසක් ඉදිරියේ ආදරය කරලා පුරුදු නැහැනේ මට. ඒකයි මට නුහුරු බවක් ඒ අවස්ථාවේදී දැනුණේ. මම දැන් පෙම්වතියක්. පෞද්ගලික ජීවිතයයි, රඟපෑමයි කියන්නේ මට දෙකක්.
???? ඔබේ ආදරණීය ප්‍රේක්‍ෂකයනුත් කැමැති ඇති ඔබේ පෙම්වතා ගැන දැනගන්න?
එය ගැන මම දැන්ම කතා කරන්න කැමැති නැහැ.
???? ඇත්තටම හෂිණි ඔය හැටි අඬන්නේ කොහොමද?
මටත් එය හිතාගන්න බැහැ. ගොඩාක් මට ලැබුණේ අහිංසක අඬන චරිත තමයි. අඬලා, අඬලා දැන් ඉතින් නිකම් ඇඬෙනවා චරිතයත් එක්ක මට. ඉතින් ඒ වෙලාවට මගේ හිතට දුක හිතෙන දෙයක් මතක් කරලා ඇහැට කඳුළු ගන්නවා. ඊට පස්සේ ඉතින් චරිතයට අඬාගෙන යනවා කඳුළු ආවාම.
???? මම නම් හිතන්නේ ඔබව ඇගැයීමට ලක්කිරීමට තවමත් සුවිශේෂී චරිතයක් ලැබිලා නැහැ වගෙයි?
ඔව්… එහෙම දැනෙන හොඳ චරිතයක් ලැබුණේ නැහැ. හැබැයි මේ දවස්වල අපේ අම්මා කියලා අලුත් ටෙලිනාට්‍යයක රඟපානවා. ඒ චරිතය ගැන ලොකු පැහැදීමකින් ඉන්නේ මම.
???? ඔබ මොන තරම් චරිත නිරූපණය කළත් ‘සුජාතා’ තවම අමතක නැතුව ඇති?
‘සුජාතා’ ටෙලිනාට්‍යයේ මම නිරූපණය කළ ‘සුජාතා’ මගේ හැරැවුම් ලක්‍ෂ්‍යයක්. ඒ චරිතයට මාව සම්බන්ධ කරගත්ත රවීන්ද්‍ර විජේරත්න මාමාත්, තරංග දිසානායක මාමා තමයි මට ඒ වාසනාව උදාකළේ. මගේ ඒ පළමු ටෙලිනාට්‍ය අදටත් මට මතක ‘සුජාතා’ විදියටයි.
???? ඔබ ඒ කාලේ හිතුවද සුජාතාවක් වෙයි කියලා?
මම මේ ක්‍ෂේත්‍රයට සම්බන්ධ වුණේ අහම්බෙන් වෙළෙඳ දැන්වීම් හරහා. ඒ කාලේ මම ගොඩක් ආශාවෙන් බලපු ටෙලිනාට්‍ය තමයි ‘සුජාතා’ ටෙලිනාට්‍ය. හැබැයි මම කවදාවත් හිතුවේ නැහැ ඒ ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතය මට දෙයි කියලා.
වසන්ත විතාරණගේ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:12:25
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33