මම දන්නේත් ශිරන්ති කිව්වට පස්සේ…

රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත්කළ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සුසිල් ප්‍රේමජයන්ත මන්ත්‍රීවරයා ඊයේ (04) අගමැති මහින්ද රාජපක්ෂ මහතා දුරකථන ඇමතුමක් ලබාදී ඇති බව පැවසෙනවා. ඇමති ධුරයෙන් ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ගේ කනස්සල්ල පළකර ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසන බව මාධ්‍ය වාර්තා කර තිබුණා.

“ඔබතුමාව ඇමතිකමෙන් අයින් කරලා කියල මම දැනගත්තේ දැන්. ශිරන්ති කිව්වේ” යයි අගමැතිවරයා පවසා තිබෙනවා. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග තමන්ට 2005 දී ජනාධිපති අපේක්ෂකත්වය නොදීමට තීරණය කර තිබියදී අපේක්ෂකත්වය ලබා ගැනීමට සන්ධානයේ මහ ලේකම් ලෙස සුසිල් ප්‍රේමජයන්ත ලබාදුන් සහය අමතක නැතැයි ද අගමැති මහින්ද රාජපක්ෂ පවසා ඇතැයි වාර්තා වෙනවා.

එහිදී ඉවත් කළ රාජ්‍ය ඇමති සුසිල් ප්‍රේමජයන්ත පවසා ඇත්තේ “මට කවදාවත් ඔබතුමා එක්ක ගැටලුවක් තිබුණේ නැහැ. මාව අස්කළ එකට ඔබතුමා සම්බන්ධ නැහැ කියල මම හොඳටම දන්නවා” යි යනුවෙන් බවයි ආරංචි මාර්ග උපුටමින් මාධ්‍ය වාර්ථා කරන්නේ.

  1. විපක්ෂයත් අනෙකුත් අයත් හීන් නූලෙන් කරගෙන ගියපු වූ වැඩ නිසා මීට පෙර ජනාධිපතිවරණයෙන් ඔබතුමා ගෙදර ගියා. දැන් රට කරවන්න එක්කහු කරගෙන තියෙන්නේ පරණ එන්ජින් ටිකම තමයි. යෝධ ඇළේ බැස්ම වගේ මහජන ප්‍රසාදය අඩු වුණොත් පුදුමෙන් දෙයක් නැහැ. ඒ ඔබතුමා පත් කර ගත්ත අසමත් මිනිස්සුන්ගෙ සමත්කම් නිසයි. කපුටන් පිරිවරා ගත්ත හංසයන් ගෙන් කපුටු ප්‍රජාවට මිසක අනිත් අයට උදවු නොලැබෙන බව දැන ගන්න ඕනේ. හංස සමාජයක් දක්නට ලැබීම හීනයක් තමයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14