මම තවමත් වෙනිසියුලා ජනරජයේ ජනාධිපතිවරයා – මදුරෝ නිව්යෝක් ෆෙඩරල් අධිකරණයට කියයි

ඇමරිකානු අත්අඩංගුවේ පසුවන වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ ඊයේ (05) නිව්යෝක් ෆෙඩරල් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබුවා.

බෘක්ලින්හි පිහිටි මෙට්‍රොපොලිටන් රැඳවුම් මධ්‍යස්ථානයේ සිට විශේෂ හෙලිකොප්ටරයක් මගින් ඔවුන් අධිකරණට රැගෙනවිත් තිබුණා.

නිල් සහ තැඹිලි පැහැති බන්ධනාගාර කමිස සහ කාකි කලිසම් වලින් සැරසී සිටි ඔවුන් දෙදෙනා නඩු විභාගය අතරතුර ස්පාඤ්ඤ පරිවර්තනයකට සවන් දීමට හෙඩ්ෆෝන් පැළඳ සිට තිබෙනවා.

දැඩි ආරක්ෂක රැකවල් මැද නිව්යෝක් ෆෙඩරල් අධිකරණ පරිශ්‍රය වෙත රැගෙන ආ අතර එහිදී සිය අනන්‍යතාවය තහවුරු කරන ලෙස ඇල්වින් හෙලර්ස්ටයින් මදුරෝගෙන් ඉල්ලා සිටියා.

නිකොලස් මදුරෝ වන තමන් වෙනිසියුලා ජනරජයේ ජනාධිපතිවරයා වන අතර, පසුගිය 03 වන දින සිය නිවසේදී පැහැරගැනීමට ලක් වූ බවයි ඔහු අධිකරණය හමුවේ සන්සුන්ව ස්පාඤ්ඤ භාෂාවෙන් ප්‍රකාශ කර තිබුණා.

“මම, සර්, නිකොලස් මදුරෝ. මම වෙනිසියුලා ජනරජයේ ජනාධිපති ජනවාරි 03 වන දින සිට මම පැහැරගෙන මෙහි රැගෙන අවා.මාව වෙනිසියුලාවේ කැරකස් හි මගේ නිවසේදී අල්ලා ගත්තා.”

“මම නිර්දෝශීයි, මම යහපත් මිනිසෙක්, මම කිසිදු වරදක් කර නැහැ” යනුවෙන් වෙනිසියුලා ජනාධිපතිවරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

තමන්ට එල්ල වී ඇති මත්ද්‍රව්‍ය ත්‍රස්තවාදය, අවි ආයුධ ජාවාරම් යන චෝදනා සියල්ලම ප්‍රතික්ෂේප කරන බව ද මදුරෝ අවධාරණය කර ඇති බව සඳහන්.

මදුරෝගේ බිරිඳ වන සිලියා ෆ්ලෝරස් ද අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත්තේ, තමන්ට එල්ල වී ඇති සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි.

මේ අතර පසුගිය සති අන්තයේ සිදුකළ අත්අඩංගුවට ගැනීමේ දී මදුරෝගේ බිරිඳ වන ෆ්ලෝරස්ට සිදු වූ තුවාල සඳහා ඇස් අසල සහ නළල අසල වෙළුම් පටි පැළඳ සිටි බවයි වාර්තා වන්නේ.

ඇගේ නීතිඥයින් ඇයට නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාදෙන ලෙස අධිකරණයේ දී ඉල්ලා සිට ඇති අතර, ඇයට තැළුණු ඉළ ඇට සහ අස්ථි බිඳීමක් සිදුව ඇති බවයි නීතිඥයින් අධිකරණයට දැනුම් දුන්නේ.

මේ අතර නඩු විභාගය අතරතුර මදුරෝ සහ ඔහුගේ බිරිඳ ඇප ඉල්ලා නොසිටි බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.

මිනිත්තු 40ක පමණ කාලයක් පැවති නඩු විභාගයෙන් අනතුරුව නඩුව යළි කැඳවීම මාර්තු මස 17 වනදා දක්වා කල් තැබුණා.

අනතුරුව වෙනිසියුලානු ජනාධිපතිවරයා සහ ඔහුගේ බිරිඳ නිව්යෝක්හි බෘක්ලින්හි පිහිටි මෙට්‍රොපොලිටන් රැඳවුම් මධ්‍යස්ථානය වෙත රැගෙන ගිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

  1. මම සම්පූර්ණයෙන්ම විරුද්ධයි, ඔවුන්ට එරෙහි මෙම ක්‍රියා මාර්ගයට.
    නීති විරෝධීයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28
Video thumbnail
විපක්ෂ නායක සජිතුත් පොත් ප්‍රදර්ශනයට යයි
00:51
Video thumbnail
පොලිස් නිලධාරින් දැනුම දියුණු කරගෙන නෑ - එහෙම වුණාම අපි හෑල්ලුවට පත් වෙනවා
04:42
Video thumbnail
බුත්තල පොලිස් ස්ථානාධිපති නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:01
Video thumbnail
පාර්ලිමේන්තුවේ එහා පැත්තේ ඉදලා මෙහා පැත්තට බෝලේ යවන්න ඕනි නෑ - මාව හමුවෙන්න පුළුවන්..
05:15
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34