මම කිසිවක් සඟවන්නේ නෑ – මහ බැංකු අධිපති

තමා කිසිදෙයක් නොසඟවන බවත් ස්වාධීනව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව නව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය.

එම තනතුර බාරගැනීමෙන් අනතුරුව පළමුවරට මාධ්‍ය අමතමින් ඒ මහතා පැවසුවේ ශ්‍රී ලංකා මහ බැංකුවට ස්වාධීනව කටයුතු කිරීමට අවස්ථාව ලබාදීමෙන් මෙම අර්බුදයෙන් මිදීමට හැකියාව ලැබෙන බවය.

“මහ භාණ්ඩාගාරයටත් හොඳ නිලධාරියෙක් ප්‍රධානියා විදියට පත්වෙලා තිබෙනවා. අපි හොඳ එකඟතාවයකින් කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා.”

මෙරට මූල්‍ය පද්ධතියේ ඇති අසමතුලිතතාවය මග හැරවීම සඳහා ප්‍රතිපත්ති පොලී අනුපාතික වැඩිකිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය තීරණය බව ආචාර්ය වීරසිංහ මහතා පැවසීය.

ඒ අනුව   ප්‍රතිපත්ති පොලී අනුපාතික 7%කින් ඉහළ යයි.

මෙය මෙරට එම පොලී අනුපාතික එකවර මෙවැනි වැඩි අගයකින් ඉහළ දැමූ පළමු අවස්ථාව බව ආචාර්ය වීරසිංහ පැවසීය.

ඔහු මෙහිදී පැවසුවේ බලාපොරොත්තු වූ පරිදි ණය ප්‍රතිව්‍යුහගත කිරීම  සිදුවී නොමැති බැවින් නොපමාව ඒ සම්බන්ධයෙන් කටයුතු කරන බවය.

“ආර්ථිකය ගොඩගැනීම සඳහා ටික කාලයක් ගතවන අතර නැවත ආර්ථිකය යථා තත්ත්වයට පත්වනතුරු ජනතාව ඉවසා සිටිය යුතුයි. නැවත ගොඩගැනීම සඳහා ගතවන කාලය තීරණය වන්නේ දේශපාලන ස්ථාවරත්වය මත. මහ බැංකුව ස්වාධීන ආයතනයක් ලෙස ක්‍රියාත්මක විය යුතු බව මම දැඩිව විශ්වාස කරනවා. මුදල් මණ්ඩලයේ 100% සහයෝගය මට ලැබෙනවා.”  

එම මාධ්‍ය හමුවේදී තවදුරටත් හෙළිවූයේ අප්‍රේල් 11 වනදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ බලධාරීන් සමග මාර්ගගතව අදහස් හුවමාරු කර ගැනීමට අවස්ථාවක් ඉල්ලා ඇති බවය.

අද පෙරවරුවේ ආචාර්ය වීරසිංහ මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ 17 වැනි අධිපතිවරයා ලෙස රාජකාරි ආරම්භ කළේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14