මම කිව්ව කිසි දෙයක් මේ වෙනකන් වැරදිලා නැහැ – සජිත්

තමා කියූ කිසි දෙයක් මේ වනතුරු වැරදී නොමැති බවත් 2019 පැරදුනත් කාන්තා සනීපාරක්ෂාව ගැන 2020, 2021, 2022 සහ 2023 කියූ බවත් ඒ නිසා 2024 සිට එනම් වසර පහකට පසු මැතිවරණ වසරේ රජයේ අවධානය මේ වෙනුවෙන් යොමු වී පාසල්වල තෝරාගත් දැරියන්ට මෙම පහසුකම් ලබා දීමට තීරණය කර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 171 වැනි අදියර යටතේ අද ගම්පහ දොම්පේ දංගල්ල ධර්මරාජ මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.

මේ ජරාජීරණ වූ මජර දේශපාලන සංස්කෘතිය නිසා වැදගත් වැඩසටහනක් ක්‍රියාත්මක කිරිම පමා වූ බැවින් දැන්වත් මේ ජරාජීරණ වූ දේශපාලන සංස්කෘතියෙන් බැහැරව කටයුතු කළ යුතු බවත් පසුගියදා පාර්ලිමේන්තුවේ දී විදේශිකයන්ගෙන් අය කරන වීසා අරමුදල් වැඩි කිරිම ගැන හඬ නැගූ බවත් එහි දී වීසා බලපත්‍ර ලබා දීමේ ක්‍රමයේ වෙනස තුළින් සිදුවන අගතිය ගැන පසුගිය සතියේ පෙන්වා දුන් බවත් එහි දී රජයේ එහෙයියෝ කොට්ඨාසයක් දේශපාලන වාසිය තකා තමාගේ ප්‍රකාශය වැරදි බවට කිව්වත් පසුගිය දිනක තමා අනාවරණය කළ දේ යථාර්ථයක් වූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

තමා කියූ දේ ඇසුවා නම් එම ගැටලු මගහරවා ගත යුතුව තිබුණත් දේශපාලන කුහකකම නිසා එය සිදු නොකළ බවත් මේ වන විට ඔවුන් ගෙන ආ නීතිම අත්හිටුවීමට කටයුතු කරන බවත් මේ ආකාරයටම මුව ආවරණ ගැන, කොවිඩ් බෙහෙත් ගැන, සෞඛ්‍යාරක්ෂිත ක්‍රම ගැන ආදී හොඳ යෝජනා ඉදිරිපත් කරන විට පහර ගැසුවත් අවසානයේ සත්‍ය ජය ගත් බවත් අද වන විට තමා කියපු බොහෝ දේවල් නිවැරදි වී ඇති බවත් විපක්ෂ නායකවරයා එහිදී අවධාරණය කළේය.

එමෙන්ම එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා කියා සිටියේ දේශපාලන දෘෂ්ටිකෝණයකින් නොව සත්‍ය, දත්ත, යථාර්ථය අවබෝධ කර ගෙන සියලු කතා පැවසූ බවත් තමා කිසිම විටෙක කයිය නායකයකු වීමට සූදානමක් නොමැති බවත් කියන දේ කරන කරන දේ කියන නායකයෙක් වීමට තමා කටයුතු කරන බවත් රටට අවශ්‍ය කයිය නායකයකු නොව වැඩ කරන නායකයකු බවත් ජනතාව එය අවබෝධ කර ගත යුතු බවත්ය.

මේ ක්‍රමය වෙනස් කරන්න බලය ඉල්ලා සිටිය අයට කියන්න ඇත්තේ සක්වල හා හුස්ම යනු බලයක් නොමැතිව ක්‍රමයේ වෙනසක් සිදු කළ දෙයක් බවත් ඊට අමතරව බලයක් නොමැතිව හොරු ඇල්ලුවේ සමගි ජන බලවේගය බවත් එයත් ක්‍රමයේ ලොකු වෙනසක් බවත් එම නිසා ක්‍රමයේ වෙනසක් ඇති කිරිමට රාජ්‍ය බලය අවශ්‍ය නොවන බවත් අවශ්‍ය වන්නේ කැපවීම බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

බලය ලබා ගන්න පෙර වැඩක් කර තමන්ගේ හැකියාව තමන්ගේ වැඩපිළිවෙළ තමන්ගේ දර්ශනය කටින් බතල සිටුවීමට සීමා නොකර කියන දේ මහපොළොවේ යථර්ථයක් කරේ සමගි ජන බලවේගය බව පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඒ සම්බන්ධයෙන් සමගි ජන බලවේගයට විශාල අභිමානයක් ඇති බව සඳහන් කළේය.

අපේ රටේ බලවත්ම ඛේදවාචකය වී ඇත්තේ අධ්‍යාපනයේ ඇති බෙදීම බවත් ජන සමාජයේද ඇති හැකි නැති බැරි බෙදීමක් ඇති වන විට අධ්‍යාපන ක්ෂේත්‍රයත් බෙදී ඇති නිසා මෙම බෙදීම නැති කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රටේ දරුවන් නව තාක්ෂණයෙන් සවිබල ගැන්වීම නොමැත්තේ ක්‍රමයේ වරද පාලකයන්ගේ වරද සහ පාලකයන් පත් කරන වැඩිහිටියන්ගේ වරද නිසා බවත් ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනයට විරුද්ධ වන්නේ බය වන්නේ සිංහල පමණයි දමිළ පමණයි කියා ඡන්දය ලබා ගන්නා පිරිස බැවින් මේ යථාර්ථය අප අවබෝධ කර ගත යුතු බවත් තවදුරටත් මේ දේශපාලන සූදුව වටා කැරකී කැරකී සිටනවාද එසේ නොමැතිව සත්‍ය යථාර්ථය අවබෝධ කර ගෙන නව ගමනක් යනවාද කියා ජනතාව තීරණය කළ යුතු බවත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය.

  1. මේකා නම් පුදුම ගොබ්බයෙක් අප්ප.. මූ සියල්ල දත්.. 🤭🤭🤭 මූව ඕනා කියන උනුත් මේ වගේම වෙන්න ඇති



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගාල්ලේ පවතින ආපදා තත්ත්වය පිළිබඳව විශේෂ ප්‍රකාශයක් - අංක එක ජීවිත හානි වළක්වා ගැනීම
03:28
Video thumbnail
ශ්‍රී මහා බෝධිය වැද පුදා ගැනීමට බැතිමතුන් රැසක් පැමිණෙයි
00:44
Video thumbnail
හිටපු ජනපතිවරයෙක් ලසන්තට අසභ්‍ය වචනයෙන් බැනලා - මරණය ගැන දන්න අය කට හෙල්ලුවේ නෑ
13:36
Video thumbnail
පොළොන්නරුවම සලිත කළ රෝහලේ පිපිරීමේ ඔබ නොදුටු දර්ශන - ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංගත් එයි
01:31
Video thumbnail
පිපිරුණු වකුගඩු රෝහල නිරීක්ෂණයට ගිය ටී.බී.සරත් - "පුපුරා යාමෙන් විශාල හානියක් වෙලා"
03:25
Video thumbnail
ලසන්තගේ මරණය ගැන රංග හෙළිකරපු දේ - ඇම්මක් තියෙන අයව සමහරුන්ට දිරවන්නේ නෑ
10:55
Video thumbnail
වකුගඩු රෝහලේ සිදුවූ පිපිරීමෙන් තුවාල ලැබූවන්ගෙන් තිදෙනෙක් දැඩිසත්කාරයේ - මෙන්න එහි නවතම දර්ශන
01:04
Video thumbnail
මහ ජන ගඟක් රුවන්වැලි මහ සෑය වැද පුදාගන්න පැමිණෙයි - සැදැහැවතුන්ගෙන් පිරෙයි
01:10
Video thumbnail
22ක සම්මත වීම ගැන සජිත් කිව්ව දේ - පාර්ලිමේන්තුවේ ඔළුගෙඩිවලින් ජයග්‍රහණයක්
01:39
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56