මම කළුයි කියලා ඇත්තටම මාව කොන් කලා. මගේ දත්වලට මට හිනා වුණා.

පහුගිය දිනෙක රුසියාවේ පැවති Miss sapphire world 2021 රූ රැජින තර⁣ඟයෙන් දෙවනි ස්ථානය ලබා ගන්න ලංකාවේ අපණ්ණකා සමත් වුනා. ඉතින් අද අපි කතා කරන්න සුදානම් වෙන්නේ ඇය ගැනයි. ඇය අපණ්ණකා ගැන හැදින්විමක් කලොත්, “මට මගේ නම තිබ්බේ අප්පච්චි. ඒකට හේතුව එයාට මාන වෙනස් විදිහකට දකින්න ඕනි වුනා. මම ඇත්තටම මගේ දෙපයින් නැගිටික කෙනෙක්. හරිම සංවේදි අවංක කෙනෙක්. මම මෝස්තර නිර්මාණයට එනවට අප්පච්චි අකමැති වුනත එයා මට නිතරම කිවා ධර්මය ඔස්සෙ ජිවිතේ ඉස්සරහට යන්න කියලා. ඉතින් ඇත්තටම මම ජිවිතේ අඩියෙන් අඩිය තියන්නේ ඒ විදිහට”

ලැබුන ජයග්‍රාහණ ගැන මතක් කලොත්, “මට ඇත්තටම ඒ ගැන තියෙන්නේ නිහතමානි ආඩම්බරයක්. මම ඉස්සර ගොඩක් ලැජ්ජාශිලි කෙනෙක්. හැබැයි මට දෙයක් කන්න හිතුනොත් ඒ දේ කරන්නම ඕනි. මම ජිවිතේ වැටුන තැන් පවා තිබුනා. ඇත්තටම මගේ රටය මේ වගේ කිර්තියක් දෙන්න පුළුවන් වුන එක ගැන මම පෞද්ගලිකව ආඩම්බර වෙනවා වගෙම සතුටු වෙනවා.”

ලැබුන ප්‍රතිචාර “ගොඩක් ප්‍රතිචාර ලැබුනා මට.දන්න නොදන්න ගොඩක් අය සුබ පැතුම් එකතු කලා. ඒ අතරේ හිත් රිදුන ප්‍රතිචාර ද තිබුනා. මොකද සමහරු ඇහුවා ම⁣ට මේ ජයග්‍රාහණය දුන්නේ ඇස් පියාගෙනද කියලා. විවේචන කියන දේ මට අලුත් දෙයක් නෙවෙයි. මට ඒවා පුරුදුයි. ඒ නිසා මම ඒ දේවල් වුනත් සතුටින් භාරගත්තා”

ඔබ කලකිරිමෙන්ද කතා කරන්නේ, “කලකිරිමක් නෑ කියන්න බෑ මොකද මගේ ගමනට මට ලංකාව ඇතුලෙන් ලැබුනේ හොද තල්ලුවක් නෙවෙයි. එයාලාට මගේ සමේ පාටප්‍රශ්නයක් වුනා. ගොඩක් අය කිවේ මේ ෆිල්ඩ් එකේ ඉස්සරහට යන්න සුදු වෙන්න ඕනි කියලා. මම කළුයි කියලා ඇත්තටම මාව කොන් කලා. මගේ දත්වලට මට හිනා වුණා. හැබැයි කවදාවත් මම මගේ සම සුදු කරගන්න කිසි දෙයක් කලේ නෑ. මම මට ලැබුන ස්වාභාවික ලස්සන ගැන තෘප්තිමත් වුනා.”

ආදරය හා බැදිම් ගැන කතා කලොත්, “මම අම්මාගෙයි තාත්තාගෙයි යාළුවන්ගේ ආදරය විදිනවා. අනික මම ඉන්න රට හරිම ආදරණියයි. රුසියානු අය ආගන්තුක සත්කාර හොදට දන්නවා. ප්‍රශනයක් වුනත් කෙලින් කතා කරනවා. මෙහේ කළු අය අඩු වුනත් ඇත්තටම මට කිසිම වෙනසක් නෑ. මම ජිවිතේ ⁣ඒ ආදරය එක්ක මගේ ජිවිතේ ඉස්සරහට යනවා.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
බස්වලින් සෙනඟ ඇද්දා තමයි, මිනිස්සුන්ට පයින් එන්න බෑනේ
08:14
Video thumbnail
ඇයි ඉවර කළේ නැත්තේ.. මොකද්ද ප්‍රශ්නය
04:14
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40