මම උනන්දු වුණොත් මට දේවල් ලැබෙනවා කියන මතයේ තමයි මම ඉන්නේ.. – පියුමි ශ්‍රීනායක

පාරේ යනකොට මිනිස්සුන්ගෙන් ලැබෙන ප්‍රතිචාර ගැන ඇත්තටම සතුටුයි. ඒක හරි නිහතමානී විදියට පිළිගන්නවා. මුළු ලංකාවම ආදරය කරන චරිතයක් වීම නිසා සතුටක් එක්ක පොඩි ආඩම්බරයක් තියෙනවා.

දැන් නිරූපණයෙන් ඈත්වෙලාද?

ඔව්. දැන් ඒවා අමතකත් වෙලා. මම දැන් නිරූපණය පැත්තට යන්නේ නැහැ.

 

මම හිතන විදිහට දැන් නිරූපණය කියලා දෙයක් ලංකාවේ නැහැනේ. ඒ ක්‍ෂේත්‍රය මම දැන් අතහැරලයි ඉන්නේ. රංගන ක්‍ෂේත්‍රය හරහා තමයි ඉදිරියට යන්න හිතාගෙන ඉන්නේ.

 

පියුමි ශ්‍රීනායක කියන්නේ වෘත්තීය නිළියක්ද?

වෘත්තීය නිළියක් කියල කියන්න අමාරුයි. මම මේ දිනවල ඇඳුම් ව්‍යාපාරයක් ආරම්භ කළා. මේ කාලෙත් එක්ක වෘත්තීය රංගන ශිල්පිනියක් විදිහට වැඩකරන්න අමාරුයි.

 

සැමියත් සමඟ ගෙවන ජීවිතය

අපි සතුටින් හොඳින් ඉන්නවා.

 

රංගන වැඩකටයුතුවලට සැමියාගෙන් ලැබෙන්නේ මොනවගේ සහයෝගයක්ද?

මම කාගෙන්වත් එහෙම බලාපොරොත්තු තියාගන්නේ නැහැ. සැමියාගෙන් සහයෝගයක්වත් අම්මා තාත්තාගෙන් සහයෝගයක්වත් ලබාගන්නේ නැහැ. මම උනන්දු වුණොත් මට දේවල් ලැබෙනවා කියන මතයේ තමයි මම ඉන්නේ. කා ගැනවත් මම බලාගෙන ඉන්නේ නැහැ. මගේ දේ මම හරියට කරනවා.

 

මේ ආපු ගමන ගැන මොකද හිතන්නේ?

සතුටුයි මම දැකලා තියෙනවා. මේ ක්‍ෂේත්‍රයට එන්න ගොඩක් කට්ටිය උත්සාහ කරනවා. මාර විදිහට ආසාවෙන් ඉන්නවා. උත්සාහය උනන්දුව එක්ක වාසනාවත් තියෙන්න ඕනෑ කියලයි මම නම් හිතන්නේ. මම මේ තරම් දුරක් ආපු එක ගැන හරි සතුටුයි.

 

සිනමාවට ආරාධනා නැතිද?

සිනමාවට ආරාධනා ලැබෙන්න කලින් කරපු ඒවත් තවම ප්‍රදර්ශනය කරගන්න බැරිවෙලයි ඉන්නේ. කොරෝනා වසංගතය නිසා. චිත්‍රපට නිෂ්පාදනය කරපු අය ඒවා ප්‍රදර්ශනය කරන්න අකමැතියි පාඩුලබයි කියලා.

 

ඔබ රඟපෑ චිත්‍රපටය මොකක්ද?

සනත් ගුණතිලක මහත්මයා සමඟ රඟපෑ ගැහැනු චිත්‍රපටය තිරගත වෙන්න තියෙනවා.

 

ඉස්සරහට මොනවද කරන්න හිතාගෙන ඉන්නේ?

මම ජීවිතයේ ලොකුවට බලාපොරොත්තු තියාගන්න කෙනෙක් නෙමෙයි. ඒ වෙලාවට ලැබෙන දේ ඒ වෙලාවට කරනවා. නොලැබෙන දේවල් ගැන හිතන්නේ නැහැ. ලැබෙන දේ සතුටින් භාරගෙන කරගෙන යනවා. හෙට දවස ගැන ලොකු සැලසුම් නැහැ. එවෙලට එනදේ එවෙලෙම කරනවා එච්චරයි.

 

දිනේෂ් විතාන

දිවයින



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11