තමා සහ හිටපු ජනාධිපති ආර්යාව වන හෝමා ප්‍රේමදාස මැතිණිය සමග සිය නිවසේදී රහස් හමුවක් පැවති බවට විමල් වීරවංශ පසුගිය දිනක සිදුකළ ප්‍රකාශවල කිසිදු සත්‍යතාවයක් නොමැතිබව තිරුකුමාර් නඩේෂන් සතිඅන්ත පුවත්පතකට පවසා තිබෙනවා.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පවසා තිබෙන්නේ සති කිහිපයක සිට තමන් ඩුබායි රාජ්‍යයේ සිය බිරිඳ සහ දරුවන් සමග සිටින බවයි.
ඔහු මෙලෙස අදහස් දක්වා තිබුණා.
මාගේ මූලිකත්වයෙන් මාගේ කොළඹ පිහිටි නිවසෙහි හිටපු ජනාධිපති ආර්යාව වන හේමා ප්‍රේමදාස මැතිනිය සහ ආණ්ඩුවේ ප්‍රධානියෙකු අතර රහස් සාකච්ඡාවක් පැවැත්වූ බවට යම්කිසි දේශපාලන පක්ෂයක නියෝජිතයන් පිරිසක් විසින් ප්‍රකාශ කර තිබුණා.
දැනට විදේශගතව සිටින මා මෙම ප්‍රකාශය තරහේ ප්‍රතික්ෂේප කරන අතර මා රටතුලවත් නොසිටින අවස්ථාවක මෙවැනි අසත්‍ය ප්‍රකාශ නිකුත් කොට මගේ නම දේශපාලනයට ඈදා නොගන්නා ලෙස සඳහන් කරමි.














YOU SUKERS SHOULD BE BROUGHT BACK AND JAILED AND TAKE BACK LOOTED MONEY AND ASSETS