“මම අන්සතු කෙනෙක් නොවේ” කවුරුත් මේ දිනවල හොයන ඒ පුංචි කෙල්ල ගැනයි මේ

අසම්මත ප්‍රේමය ගැන කතා කරන ගීතය පහුගිය සති කීපයේම සමස්ත මාධ්‍ය තුළ රසවත් මාතෘකාවක් බවට පත්වුණා. එම ගීතයේ රූප රචනයට පෙනී සිටි යුවතිය එම ගීතයේ සාර්ථකත්වයේ රහස බව පැහැදිලිවම කිව යුතුයි. මේ නිසාම මෙවර අපි ඇය සොයා ගියා. අසීමිත ලෙස බොහෝ දෙනාව ආකර්ෂණය කරගත් නිපුනි පූජිත ගුණවර්ධන සමග අපි කතාබහ කළා.
කොහොමද නිපුනි ලැබෙන ප්‍රතිචාර?

ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ගීතය ගැන වගේම ගොඩාක් දෙනෙක් මගේ රඟපෑම ගැන කතා කරනවා. ගොඩාක් සතුටුයි හොඳ නිර්මාණයකින් ප්‍රේක්ෂකයන් අතරට එන්න ලැබීම ගැන.

ඔබ අනියම් පෙමක හිමිකාරියක් වෙලා?

මාව දකින්න කැමැති එහෙම නම් ප්‍රශ්නයක් නැහැ. මොකද ඒ නිර්මාණය ඇතුළේ මම සාර්ථක නිසානේ ඒ ආකාරයට දකින්නේ.

ඔබව නිළියක් හැටියට හඳුන්වන්නද?

මම ප්‍රසිද්ධ නිළියක් නෙමේ. සීමිත නිර්මාණ ප්‍රමාණයක් තමා කරලා තියෙන්නේ. දැනට අවුරුදු හයකට කලින් වෙළෙඳ දැන්වීම් කීපයක් කළා. හීන හොයන සමනල්ලු සහ A/L චිත්‍රපටයේ චරිතය කළා. 2018 වර්ෂයේ ඉඳන් ප්‍රේමයේ නගරය වේදිකා නාට්‍යයේ අවුරුදු දෙකක් රඟපෑවා. තරුණ සේවා සභාවේ සම්මාන උළෙලේදී ඒ රඟපෑම වෙනුවෙන් කුසලතා සම්මානයකුත් ලැබුණා. ඒ වගේම 2019 මිස් ශ්‍රී ලංකා තරගයට සහභාගි වෙලා අවසාන වටයට ආවා.

කොහෙද පදිංචිය?

ඉපදුණේ නම් අම්පාරේ. දැන් නම් ස්ථිර පදිංචිය කඩවත.

කොහොමද අන්සතු පෙම හා සම්බන්ධ වෙන්නේ?

ෂේවියර් කණිෂ්ක අයියා තමා මට කතා කළේ. ඊට පස්සේ නිම්න අයියා මට කරන්න තියෙන දේ තේරුම් කරලා දුන්නා.

ඇයි මේ වැඩේට කැමැති වුණේ?

මේක හරිම ස්වභාවික වැඩක්. ගීතයක් වුණාට ඒ මිනිත්තු ගණන ඇතුළේ කරන්න ලොකු දෙයක් තිබෙන බව වැටහුණා. මූණේ ඉරියව් සහ ශරීරයේ චලනය තුළ තමා වැඩේ සිද්ධ වුණේ.

එක දවසින් වැඩේ කළාද?

දවස් දෙකක් ගියා. පළවෙනි දවසෙම පුහුණුවීම් කළා. දෙවැනි දවසේ තමයි රූපගත කිරීම කළේ. ත්‍රිවීලර් එක කැරියර් එකක දාලා ෂූට් කළේ. මුලින් බය හිතුනා. පස්සේ ආරක්ෂිතයි කියලා තේරුම් ගත්තා.

වැඩේ නැගලා යයි කියලා හිතුණේ නැද්ද?

මිනිස්සු මේ රූප රචනය කොහොම පිළිගනීද කියලා නම් හිතුවා. හැබැයි මේ තරම් කතාබහ කරන මාතෘකාවක් වෙයි කියලා නම් කීයටවත් හිතුවේ නැහැ.

මෙහි එන අන්සතු ප්‍රේමය ගැන ඔබට හැඟීමක් තියෙනවාද?

අදහසට නම් මගේ කැමැත්තක් නැහැ. හැබැයි නිර්මාණයට කැමැතියි.

මෙතන තියෙන්නෙත් ආදරය නේද?

ආදරයත් එක එක ආකාරයට දකින්න පුළුවන්. අසම්මත පෙමක් කිව්වත් මෙතන තියෙන්නේ ආදරයම තමයි. කොයි තැනකවත් කුණුහරුපයක් නැහැ. මේ දෙන්නා ඒ හැඟීමට මුහුණ දෙනකොට කොච්චර අපහසුතාවකට පත්වෙනවද? සීමාසහිත ආදරයක් තියෙන්න පුළුවන්.

ඔබත් අන්සතු කෙනෙක්ද?

මම අන්සතුත් නැහැ, කාසතුත් නැහැ. මට ඕන මගේ විදිහට ගමනක් යන්න.

නිර්මාණයේ ඉන්න ඔබ සහ සැබෑ ජීවිතයේ ඔබ අතර සමානකම් තියෙනවාද?

පොඩ්ඩක්වත් නැහැ. මම සාරි අඳින කෙනෙක් නෙමේ. ගොඩක් නිදහසේ ඉන්න කැමැති කෙනෙක්.

ඔබ විවාහකද?

මම තාම අවිවාහකයි.

මොනවද ලැබෙන ප්‍රතිචාර?

ගොඩාක් අය කියනවා තාත්වික රඟපෑමක නිරත වුණා කියලා. කොහොමද එහෙම රඟපාන්නේ කියලා අහනවා.

ඇත්තටම කොහොමද එහෙම රඟපාන්නේ?

සරලව වැඩේ කළා. කොටින්ම මේක්-අප් එකක්වත් භාවිත කළේ නැහැ. සීයට සීයක්ම ස්වභාවික ​ෙපනුමෙන් තමයි රඟපෑවේ. නිළියන් සුදු වෙන්න, ලස්සන වෙන්න ඕන කියන කතාව බොරු කියලා ඔප්පු කළා.

අනාගතේ නිළියක් වෙයිද?

නිර්මාණ ගොඩකට ආරාධනා ලැබෙනවා. නමුත් හදිසි වෙලා හැම එකකටම යන්න අදහසක් නැහැ. තෝරා බේරාගෙන වැඩ කරන්න ඕන.

අන්සතු පෙමට බනින්නේ නැද්ද?

බනින්නේ නම් නැහැ. බැන්නත් මම අදාළ කරගන්නේ නැහැ.

ඔබ ආදරය කරලා තියෙනවාද?

මමත් ආදරය කරලා තියෙනවා. නමුත් නොතේරුම්කම නිසා ඒ දේවල් මග නතර වුණා. ඊට පස්සේ කවදාවත් ආදරේ ගැන හිතලා නැහැ.

ජනප්‍රියත්වය දැනෙන්නේ කොහොමද?

ප්‍රථම වතාවට තමයි මෙවන් හැඟීමකට මුහුණ දෙන්නේ. ඒක හරිම සතුටු හිතෙන හැඟීමක්.

කැමැතිම ජනප්‍රිය තරු කවුද?

පරණ නළු නිළියන්ට තමා හුඟාක්ම කැමැති. අලුත් අයගෙන් උමාලි සහ සමනලිීට කැමැතියි.

ක්ෂේත්‍රය කියන තරම් සුන්දරද?

කිසිම තැනක් මතුපිටින් පේන තරම් සුන්දර නැහැනේ. මේක ඇතුළෙත් ඒ දේවල් තියෙනවා. තාම මම නම් ඒ ගැන කිසිම දෙයක් දන්නේ නැහැ. ඕනෑම දේකට මුහුණ දෙමින් හොඳ ගමනක් යන්න සූදානම්.

කාත් එක්කද ප්‍රශ්න කතා කරන්නේ?

මගේ අයියා එක්ක. ඔහු තමා මගේ තාත්තා වගේ ඉඳන් මට උදව් කරන්නේ.

අයියත් රටේ ජනප්‍රිය වුණා නේද?

මගේ ලොකු අයියා අනෝජ් පූජිත. ඇමරිකාවේ හමුදාවේ ඉන්නේ. ඔහුගෙන් අහලා තමයි හැම දෙයක්ම කරන්නේ. ඇමරිකාවේ උන්නට ඔහු හැම දවසකම මා ගැන හොයලා බලනවා.

ක්‍රිෂාන්ත පුෂ්පකුමාර



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴Breaking News
00:00
Video thumbnail
සජිත් බන්ධනාගාර සිද්ධිය ගැන ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි - සැලසුම්ගතව කරන කඩාකප්පල්කාරි වැඩක්
02:53
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරයේ ආරක්ෂාව තර කරයි - මෙන්න එහි නවතම දර්ශන
01:04
Video thumbnail
බන්ධනාගාර නොසන්සුන්තාව ගැන ආනන්දගෙන් විශේෂ ප්‍රකාශයක් - ආහාරවලට එළියට දැම්මට පස්සේ ඇතුළට ගිහින් නෑ
04:43
Video thumbnail
අධිකරණ ඇමති ඇවිත් කළබලය ගැන ප්‍රකාශයක් කරන්න - සජිත් බන්ධනාගාරය ගැන කට අරියි
01:20
Video thumbnail
වහලයට නැගපු රැඳවියෝ එකම හඬින් කෑගහලා ඉල්ලන දේ...
00:58
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරයේ රැඳවියන් වහලය මතට නගී - උඩ ඉදන් රැඳවියෝ කෑගහයි
02:07
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරයේ රැඳවියන් වහලය මතට නගී...
00:14
Video thumbnail
නොසන්සුන්වූ කුරුවිට බන්ධනාගාරයේ ඇතුළත දර්ශන - රැඳවියෝ ඇතුළේ ඉදන් අත් වනන හැටි
02:46
Video thumbnail
🔴Breaking News
02:35