මම අත්වින්ඳා ඒවා.! දරුවෙක් එක්ක මවක් තනිවුණොත් සිංගල් මාම් තමයි..

එදා මෙදා තුර සිංහල සිනමාවේ අපිට නිතරම ඇහුණු හඬේ අයිතිකාරිය තමයි ඈ… හින්දි ගීත අපූරූවට ගයන ඇය “හින්දි ගී කියන කෝකිලාවිය” බවට ඉබේම පත්වෙද්දි අදටත් ඇගේ හඬ අපි ආදරෙන් වැළඳගන්නවා.

“ජීවිතේට අරුණ උදාවෙයි” “මල් යායේ සමනල්ලූ” වැනි ගීත රැසකින්ම රසිකයින් ආමන්ත්‍රණය කළ ඇය පසුගිය දවසක යූටියුබ් නාලිකාවක සම්මුඛ සාකච්ඡාවකට එකතු වෙලා හිටියා.

මේ ඇය එහි පළ කළ අදහස් කිහිපයක්..

වෙනස් නොවී ඉන්න රහස…
කවුරු හම්බුණත් මම මෙහෙම තමයි. මම හැමදාම මමම තමයි.

හිනාවට ඇටෑක් කරලා තියෙනවද?
හැමෝටම එහෙමයි ඉතින්. ඇයි අපි ජනප්‍රිය චරිතවලට විතරක් ඇඟිල්ල දික් කරන්නෙ. සාමාන්‍ය මිනිස්සුන්ටත් මේ විදිහේ දේවල් සිද්ධ වෙනවා. එකම දේ චරිතේ ජනප්‍රිය නිසා අපි ගැන කතා කරනවා වැඩී.

අතීතය…
මගේ පියා ක්ෂෙත්‍රයේ දැවැන්තයෙක්. තාත්තා දැනන් හිටියේ නෑ මට සිංදු කියන්න පුළුවන් කියලා. සනත් නන්දසිරි අංකලුයි ආන්ටීයි අපේ ගෙදර ආපු දවසක තමයි මල්කාන්ති ඇන්ටි තමයි කියලා තියෙන්නෙ. එදා ඉඳන් වහ කෑවා වගේ තමයි. පාන්දර 4ට පහට නැගිට්ටවනවා. ‘සා‘ කියන්න කියනවා.

ගීත ගායනය..
චිත්‍රපට 70කට අධික ප්‍රමාණයක ගී ගයා තිබෙනවා. ගාමිණි, විජය මහත්වරු රඟපෑ චිත්‍රපට පවා. හිටපු සියලුම නිළියන්ට වගේ ගීත ගැයුවා. මගේ හඬේ හුරුව තිබුණේ හින්දි ගීත වලට. මමත් ආස ඒකට. හින්දි ගීත කියලා ලේබලයක් වැදුණා. නරක දෙයක් නෙවෙයිනේ. බොහෝම සතුටු වුණා.

හැංඟිලාද චම්පා ඉන්නේ..?
අනවශ්‍ය දේවල්වලට කාලය යවන් නැතුව, අහක ඉන්න නයි දාගන් නැතුව ජීවිතේ සාර්ථකව ගෙවන්න පුළුවන් නම්. මගේ පුතා වුණත් මොන තරම් සංයමකින් ඉන්නවාද කියලා ඔයාලට තේරෙයි. අපි දෙන්නා උයාගෙනත් කනවා. අපේ අම්මලාට තිබ්බ නිදහස අපිට නෑ. අපිට තිබ්බ නිදහස දරුවන්ට නෑ. අද සමාජය දුවනවා. සීමාවක් නැතුව ! පසුගිය දවස්වල කොරෝනා හැදුණා. මිනියක්වත් දකින් නැතුව ගියා. මම අත්වින්ඳා ඒවා. මම පුතාට කියලා තියෙන්නෙ ජීවිතේ හොඳින් විඳින්න කියලා. එයා එළියට ගන්න හරි අමාරුයි. ගෑනු ළමෙක් වගේ. එයයි මායි හරියට ජීවිතේ විඳිනවා. වැඩක් ඉවර වුණාම අපි ෆිල්ම් බලනවා. අපි අපේ ජීවිතේ ගොඩ නඟාගෙන තියෙනවා.

සිංගල් මාම්…. කියන එක ඇතුළෙද චම්පාත් ඉන්නේ?
මම සිංගල් මාම් කියන එක ඇතුළේ ඉන්නෙ. ඒක මේ අලුතින් ආපු දෙයක් නෙවෙයිනේ. දරුවෙක් එක්ක මවක් තනිවුණොත් සිංගල් මාම් තමයි. ගැහැනියක් දරුවෝ දාලා ගියේ නෑ. ලංකාවේ අම්මලා දරුවෝ දාලා ගියේ නෑ. තාත්තලත් බලාගත්තා. සිංගල් වුණොත් ඒක පුදුම ශක්තියක් එක්ක යන්න පුළුවන් ගමනක්..

පුතාගේ අධ්‍යපාන කටයුතු ගැන..?
පූර්ණ සහය දෙනවා. අවුරුදු 12 වෙද්දි එයා ගායන වයලීනය විශාරද දක්වා හදාරලා ඉවර කළා. දැන් එයාගෙන් ඇහුවා, කවුරු වෙන්න ද ආස කළා. පයිලට් කෙනෙක් වෙන්න, ලෝයර් කෙනෙක් වෙන්න ආසයි කිව්වා. අපි දෙන්නා කතා කළා. අද එයා ඇත්තටම අයිටීවලින් ඉගෙන ගන්නවා. මට පුළුවන් උපරිම දේ, යන්න පුළුවන් තරම් යන්න. මේ කාලේ අධ්‍යාපනය කළොත් අනාගතේ වැඩ අඩුවෙයි.

රට දාලා යයිද ?
මොන වගේ තීරණයක් ඒවිද දන් නෑ. දරුවාගේ අධ්‍යාපනය අවසන් වෙනකන් එයාට උදව් කරන්න කැමැත්තක් තියෙනවා.

රසිකයින්ගෙන් ලැබෙන ආදරය ?
මට හොඳ නැදෑ පිරිසක් ඉන්නවා. සියලු නෑදෑයනුත් පුදුමාකාර විදිහට මා එක්ක ඉන්නවා. කරන හැමදේම මම කියනවා. හැල හැප්පීම් සුළු දේවල්. ඒක ඔයාට දැනෙන්න ඇති ලොකු දෙයක් විදිහට. හැබැයි මට හරි පුංචියි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42